ඕස්ටේ‍්‍රලියාවේ වික්ටෝරියා ප‍්‍රාන්තයේ කීස්බොරෝ ධම්ම සරණ විහරස්ථානයේ කඨින පිංකම, එම විහරාධිපති, ඕස්ටේ‍්‍රලියාවේ රාමඤ්ඤ නිකායේ ප‍්‍රධාන සංඝනායක නාඔටුන්නේ විජිත නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.
බම්බලපිටිය වජිරාරාම විහරාධිපති අමරපුර ධර්ම රක්‍ෂිත නිකායේ අනූනායක ත‍්‍රිකුණාමලේ ආනන්ද හා මහනුවර හාරිස්පත්තුවේ අමරපුර නිකායේ සංඝනායක හිඟුල්වල ඤාණාලෝක යන හිමිවරු ශ‍්‍රී ලංකා වෙන්ද, මෙල්බොර්න් නුවර සියලුම ශ‍්‍රී ලාංකික විහරස්ථානවල ශ‍්‍රී ලාංකික භික්ෂූන්වහන්සේලාද, මෙම පිංකමට වැඩමකළ කළහ. එහිදී ඉංග‍්‍රීසි භාෂාවෙන් ධර්ම දේශනය පවත්වන ලද්දේ කැම්බර්ෆීල්ඩ් භාවනා ම්‍යස්ථානයේ විහරාධිපති හොරොව්පොතානේ සතීන්ද්‍රිය හිමියන් විසිනි.
මෙල්බර්න් නුවර යූරොක් දහම් නිකේතනාධිපති කෝට්ටේ සන්තින්ද්‍රීය හිමියෝ කඨින මහා පිංකමේ මුලසුන හෙබවුහ.
ශ‍්‍රී ලාංකික සැදැවතුන්ගේ නොමසුරු දාන පරිත්‍යාගයන්ගෙන් මෙම කඨින පිංකම පැවැත්විණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන පන්සලකට වැඩිය හොඳයි පින්වත් පන්සලක්. අපිට ලස්සනෙන් වැඩක් නැහැ පින්වත් අය නැත්නම් (නි)
සාධු........... සාධු......... ගොඩාක් වටිනා පින්කමක් (දී)
ධම්ම ,මම අහලා තියෙන විදියට ඔස්ට්‍රේලියාව තමයි ලංකාවෙන් පිට, උසස් පෙළ විභාගයට [ විශ්ව විද්‍යාලයට ඇතුලත් වීමේ ප්‍රවේශයට ] සිංහල විෂය නිර්දේශිත එකම රට.(නදී)
අර විදියේ බාල බොදු කට්ටිය නැති නිසා මේ පන්සලේ කිසිම ප්‍රශ්නයක් නැහැ. සාධු, සාධු. (නි)
සාදු! සාදු! මෙල්බන් නුවර තිබෙන ලස්සන පන්සලක් මේක. (නි)
ශ්රී ලාංකික අපගෙයි ඕස්ට්‍රේලියානු ඔබගෙයි ඇති නැදෑකම බෞද්ධාගම සහ සිංහල භාෂාවයි. ඒ අපේ නෑදෑකම චිරාත් කාලයක් පවතීවා යන්න මගේ පැතුමයි. (නදී)
සාදු සාදු! උතුම් පින්කමකට සහභාගි වූ සැමට තෙරුවන් සරණයි! (නි)