ලබන මස (ජුනි) 30 වැනිදා බෲනායි රාජ්‍යයේදී ආරම්භ වන ආසියානු කණිෂ්ඨ දැල් පන්දු තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ නායිකාව ලෙස සේමිනි ද අල්විස් පත් කර තිබේ. ඇය පසුගිය වසරේ කොළඹදී පැවති ආසියානු දැල්පන්දු ශූරතාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමේද කී‍්‍රඩා කළ කී‍්‍රිඩිකාවකි.
උප නායිකාව ලෙස ගයනි දිසානායක නම් කර තිබේ.
නායිකාව සහ උපනායිකාව මෙන්ම කණ්ඩායමට ඇතුළත්ව සිටින තිසාලා අල්ගම හා විනෝරි රණසිංහ දෙදෙනාද කොළඹ විශාකා විදුහලෙන් දැල්පන්දු කී‍්‍රඩාවට පිවිසි අය වෙති.
බෲනායි බලා යන ශ්‍රී ලංකා කණිෂ්ඨ දැල්පන්දු කණ්ඩායමේ පුහුණුකාරිය ලෙස ජානකී ගුණසේකර මහත්මියත්, කළමණාකාරිය ලෙස යමුනා සඳමාලි මහත්මියත්, පුහුණු උපදේශිකාවක් ලෙස ඔලිවියා ගමගේ මහත්මියත්, කණ්ඩායම් ප‍්‍රධානී ලෙස ලක්‍ෂ්මී වික්ටෝරියා මහත්මියත්, වෛද්‍ය නිලධාරිනිය ලෙස ශිරෝමී පිලපිටිය මහත්මියත් නම්කරනු ලැබ ඇත.
තරගාවලිය ජුනි 30 වැනිදා සිට ජුලි 8 වැනිදා දක්වා බෲනායි රාජ්‍යයේදී පවත්වන අතර ශ්‍රී ලංකා කණ්ඩායම ජුනි 28 වැනිදා දිවයිනෙන් පිටත්ව යති.
2025 දෙසැම්බර් මස 18
168
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
152
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කනිෂ්ඨ දැල්පන්දු නායිකාව සේමිණී
චන්ද්‍රසිරි Wednesday, 29 May 2013 07:44 PM
නි අකුරෙන් ඉවරවෙන නම් තියෙන ගැහැනුන් .ප්‍රසිද්ද වෙනවා. උදාහරණ - රමණි, කමනි. මිත්‍රනි, සෙමිනි . ජයවේවා.(නදී)