කැනියොන් බලාගාරයේ සිට නෝර්ටන් බ්‍රිජ් කිරිවන්එළිය දක්වා වු උමං මාර්ගයේ ලොකු ජල කාන්දුවක් හේතුවෙන් උමං මාර්ගය වසා ජල කාන්දුවට පිළියම් යෙදීමට ඇරැඹු බව ප්‍රධාන ඉංජිනේරු එඩ් ඒ එම් හේරත් මහතා පවසයි.
ගිය පෙබරවාරියේදි මේ උමං මාර්ගය සඳහා වසා දැමිණි.
මාවුස්සා කැලේ ජලාශයෙන් කිලෝමීටර් හයක් දිග මෙම උමග තප්පරයට ඝන අඩි 928 ක ජලය ලක්ෂපාන බලාගාරයට යැවේ.
උමං මග කෙළවරේ මීටර් සියයක් ඉහලින් අඩි 160 ක් දිගට මීටර් දෙකක් උසට හුණු ගල් තට්ටුවක් දිය වී අඩි හයක් ගැඹූරු උමගක් පෑදී තත්පරයට ඝන අඩි 300 ක් වේගයෙන් ජලය කාන්දු වන බවත් දිනකට මෙගවොඩ් 1 ක් ජාතික විදුලි බල පද්ධදතියට අහිමි වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ සිදුර වහන එකත් විදුලි බල මණ්ඩලේ ඉන්න සියල්ල දත් විදුලි ඉන්ජිනේරුවන්ටම දුන්න නම් හරිනේ. අපරාදේ සිවිල් ඉංජිනේරුවන්ට දෙන්නේ. (නදී)
කැනඩා දිසා දෙන්නෙම ලොකු කතා තමයි, ඉතින් ඔයා එහෙ වැඩ බිමට යන්නේ පත්තර බලන්නද. ගෙදර ඉඳන් බලන්නකෝ (දී)
කුමාර්, දැන් යෝධ ඇලක් නෑ. යෝධ ඇල ගොඩ කරලා මිනිස්සු ඒ ඇළ ගලපු ඇල පාරෙ වගා බිම් හදාගෙන.(නදී)
ඔන්න මීට පස්සේ කැනඩා දිසා මහතා කියනවා වගේ කල්පනාවෙන් වැඩ කරන්න ඕනි හරිද. නැතිනම් රට පිරිහෙවී. (දී)
කරන දෙයක් ප්‍රවේශමෙන් කරන්න.කොන්ත්‍රාත් එක ඇමති කෙනෙකුට හරි ගෝලයෙකුට හරි දෙන්න නම් එපා.... (නි)
මේක ජර්මනියට හදන්න දුන්නා නම් හරිනේ. (නි).
මේ ගැන මහජනයා සහ ලෝකය දැනුවත් කිරීම ගැන ලංකාදීපයට ස්තුතිවන්ත වෙමි. ඒ වගේම මේ ඔබගේ වෙබ් අඩවිය අපි බලන්නේ සමහර විට අප වැඩ භූමියේදී විය හැක. මේ ඡායාරූප බැලූ විට පෙනෙනවා මෙවන් වැඩබිමක පාවහන් දාගත් සේවකයෙක්...මීට පස්සේ කල්පනාවෙන් වැඩ කරන්න. පිරිහෙන්නේ අපේ රටයි (නි)
මෙන්න රට වෙනුවෙන් මහන්සිවෙන නියම මිනිස්සු (දී)
චන්ද නෙවෙයි මෙන්න රටට වැඩදායි මිනිස්සු, චන්ද යෙන් දිනලා ලජ්ජා නැතිව අපේ සල්ලි වලින් වාහන අරගෙන අපේ සල්ලි වලින් තෙල් ගහගෙන අපිට අවඩනවට වඩා මේ වගේ බුද්දි මතුන් ට එම සහන පරම්පරාවටම දියයුතුයි. (දී)
තිලාන්; පට්ටිආරච්චි වගේ ලංකාවේ විශේසඥයෝ "නැසනල් ජෝග්‍රප්හි" ආයතනයටත් භූ විද්‍යාව ගැන කරුණු කියා දෙද්දී, ඇයි අපිට ජර්මනියෙන් උදව්. තාම රජකාලේ උමන් හා ජල මාර්ඝ හොඳින් පවතිනවා. බලන්න යෝධ ඇළ, එකේ ජලය ගලයන බෑවුම හොයන්න බ්‍රිතාන්‍ය ඉන්ජිනේරුවන්ටත් බැරිඋනා.(නදී)
මේ වතුර මතුවෙන්නේ කොහෙන්ද? නායයෑමක් වෙයිද? (නි)