ශ්‍රී ලංකාවේ වර්ධනය විය යුතු වාර්ගික සමගියට අත්පොත තබමින් සාමයේ සැබෑ අරුත පසක් කරමින්ද ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ෆ්ලොරි හින්දු කෝවිලට ගෞතම බුදුරජාණන්වහන්සේගේ ප්‍රමාතිමා වහන්සේ නමක් වැඩම කරනු ලැබුහ.
හින්දු කෝවිල්වල ඉන්දියාවේ විවිධ දෙවිවරුන්ගේ හා ආගමික නායකයින්ගේ පිළිම ඇතැත් ගෞතම බුදුන්වහන්සේගේ පිළිමයක් දකින්නට නොහැකි බවත් එය වඩාත් විශාල අඩුවක් බවද තේරුම් ගත් හිටපු දක්ෂ ඉංජිනේරුවරයකු මෙන්ම බෞද්ධ විහාරස්ථානවල ස්වෙච්ඡාවෙන් වැඩකටයුතු කර කර දෙන දෙමළ ජාතික කෙන් සිවා හෙවත් කනපති පිල්ලේ සිවපාලසුන්දරම් මහතා තමන් දකින්නා වු අඩුපාඩු පිළිබඳව ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා සංගමයේ සේන ඇතුගල සභාපතිවරයාව දැනුම්වත් කළේය.
ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා තානාපති තිසර සමරසිංහ ජාතික සමගිය වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙවරක නියුතු වන අතර මෙම පුජනීය කටයුත්තේදී ඔහුගේ පූර්ණ මැදිහත්වීමෙන් යුක්තව සිංහල දෙමළ ජාතික සමගිය පෙරටත් වඩා වැඩිවේවා යන මානව හිතවාදී ගුණයෙන් මෙම කාර්යයට දායක වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලට වඩා කෝවිල බුදුන් වැදීමට සුදුසුයි. හැම කෝවිලකම ඔය කියන හූනියම් කොඩිවින වෙන්නේ නැහැ. අනික එතනට යන මිනිසුන්ගෙන් වැඩි දෙනෙක් නිර්මාංශ. පිරිසිදුව යන මිනිස්සු. සැමට පොදු වූ බුදු දහමට මොකුත් වෙන්නේ නැහැ.(නදී) .
පිලිම සම්බන්දයෙන් හරි වැරදි ගැන දින ගනන් වාද කල හැකිය. එබදු දේ පන්ඩිතයන්ට ඉතුරු කරමි. මා දන්නා පරිදි සිවා යනු කැන්බරා පන්සලට මහත් සේවයක් කොට ඇති දෙමල මහත්මයෙකි. මේ සියලු දෙනා දහම් පාසල් නොගියද කැන්බරා දහම් පාසල ඇතුලු පන්සල, බෞද්ධ වැඩසටහන් වෙනුවෙන් කැපවන සමාජ සේවකයන් වෙති. එහෙයින් සත් භාවයෙන් යුතුව කරන ලද මේ කාර්යට මා දන්නා පරිදි කැන්බරා ලාංකීය ප්‍රජාව ආශිර්වාද කරන ලදී.(නදී)
අව් කන්නාඩි දාලා බුදු පිළිමය වඩම්මන එක ඒ තරම් හොද නැහැ.(නදී)
අව් කන්නාඩි දාලා බුදු පිළිමය වඩම්මන එක ඒ තරම් හොද නැහැ.(නදී)
බුදුහාමුදුරුවන්ට මල් මාලත් දාලා.(නදී)
කෙනත් මහත්මයෝ, මෙතන අනුන්ට වින කරන්න කට්ටිය හරියට ඇවිල්ලා පොල් ගහනවලු. (නදී)
හින්දු මතය අනුව විෂ්ණු ගේ දසවෙනි අවතාරය බුද්ධ වුනත් හෝම කර්ම බිළි පූජා පවත්වන ස්ථානයක බුදුපිළිම තැබීමෙන් බුදුදහම හෑල්ලුවට ලක්වෙනවා. කෝවිලේ නිවන් අරමුණු කරගෙන ක්ලේශ නැසීමක් හෝ අකුසලය පිටුදැකීමක් සිදුවන්නේ නැහැ.(නදී)
බුදුන් අදහන විවිධ ජාතීන් ලොව ඇත. චීන, ජපන්,සිංහල,ඉංගිරිසි, ජර්මන්,ප්‍රංස,ඉතාලි, ඇමෙරිකානු,කෙන්යන්, බංගලි, මින් සමහරකි. බුදුපිළිමයක් මිසදිටු දෙවිවරුන් අතර සමසේ තබා මින් කුමන ජාතීන් අතර සමගියක් ගැනද මේ කතා කරන්නේ? මීට මුල් වුන කට්ටිය අඩුම තරමේ දහම් පාසලකටවත් තම දුවා දරුවන් සමග යන්නේ නම් බුදු දහම කුමක්ද යන්න තේරුම් ගත හැකි වේ යයි මම සිතමි.(නදී)
නන්දන පනාගොඩ මිලානෝ , මත්තල විතරක් නොවේ කටුනයකත් තිබෙනවා දැක්කේ නැත්ද? මේ රටට ඇතුලුවෙන කොට ඒ වගේ සංඥාවක් දීම හොද දෙයක්. නමුත් ප්‍රශ්නේ කොහේ තිබ්බත් බුදුරජාණන් වහන්සේට සුදුසු ගෞරවාන්විත ලෙස එය තබා තිබෙනවද යන්නයි. තථාගතයන් වහන්සේට නිග්‍රහ වෙන ලෙස තැබුවොත් අන්න වැරදියි. නමුත් ගුවන් තොටුපොල දෙකේම තබා ඇති පිළිම වහන්සේලා බොහොම ගෞරවාන්විතව වඩා හිදුවා තිබෙනවා. මල් ආසනද සහිතව, මිනිසුන් හිදගන්නවට වඩා උස මට්ටමකින්. නමුත් මෙතන දීල තිබෙන්නේ කෙලෙස් සහිත තරහ යන පලිගන්න සුළු දෙවිවරුන්ගේ මට්ටමින්ම සියලු කෙලෙසුන් නැසූ දෙවියන්ට දෙවි වූ , දෙව් මිනිසින්ට ගුරුවරයා වූ සම්බුදුරජාණන් වහන්සේ ගේ පිළිරුවක් සම මට්ටමින් තැබීමේ වරද්දයි. ඒ මදිවට හින්දු දෙවි රුපයක් වගේ මල් මාලාවක් පවා දමලා, මේ අය නොදන්නා කමට කල දෙයක් වගේ. ජාතික සමගිය ඇති කරන්නේ සම්බුදුරජාණන් වහන්සේ පහතට දමාගෙනද?(නදී)
සාධු...සාධු...සාධු...
සාදු...සාදු...සාදු... නමෝ බුද්ධාය! මුල් වූ සියලු දෙනාටත් අන් සෑම දෙනාටත් අමා මහා නිවන් සැප ලැබේවා! (නි)
දන්නා කෙනෙක් කියා දෙත්වා! බෞද්ධ හින්දු ආගමික සමගිය පෙන්විය යුත්තේ ලංකාවේද ඔස්ට්‍රේලියාවේද? ඒක එහෙමනම් කෝවිල් වලට බුද්ධ ප්‍රතිමා වගේම පන්සල් වලටත් දේවප්‍රතිමා සවි කරමු.... (නි)
මේක බෟද්ධ ආගම හින්දු භක්තියන්ගේ කරේ බලෙන් පැටවීමක්. මොකෝ ආගමික සමගිය විදහා දැක්විය යුතු ලංකාවේ පල්ලියක් කෝවිලක් හැදුවොත් පාරේ ගල් ගහ ගහ යනවා. ආගමික බිලි පුජා විස්වාශ නවතා දමන්න කියා රටම දෙවනත් කර ඕස්ට්‍රේලියාවේ කෝවිල් වලට බෞද්ධ ප්‍රතිමා සවි කරනවා. මේවා සාදරණද?(නදී)
අපි අසරණ වෙලා වගේ අපිට දැනෙනවා බුදුහාමුදුරුවනේ...(ස)
අපි හෙම ආගමකටම ගරු කල යුතුයි. නමුත් මේ දෙයින් වෙන්නේ නැති ප්‍රශ්න නිකන් වැඩිවෙන එක නේද... (ස)
දෙවියන් වෙනුවෙන් එළුවන් කුකුලන් කපනකොට බුදුහාමුදුරුවෝ අසරණ වෙයි නේද මේකට මුල්වූ මහා පන්ඩිතයිනි?(නදී)
මමනම් වරදක් දකින්නේ නැහැ (දී)
මට හිතෙන්නේ දැන් යන්නේ ජාති, ආගම් "සහජීවනය සහ සමඟිය" වෙනුවට "සලාද, සුප්" ක්‍රමයක්. බෞද්ධයෙක් කෝවිල් යනවාද බුදුන් වඳින්න? හින්දු අයෙක් පන්සල් එනවාද දෙවියන් වඳින්න? මෙය මෑත අතිතයේ අවස්ථාවාදීන් විසින් සමාජයට බලෙන් ගිල්ලවපු දේවල්, දැන් සාමාන්‍ය ජනයා විසින් කරතියාගෙන යන්න පටන් අරන්. (නදී)
ඇයි මේ මිනිස්සු මෙහෙම ආත්මාර්ථකාමී අදහස් දාන්නේ? (නි)
බුදු රජාණන් වහන්සේ පිරිනිවන් පාල නිසා ප්‍රශ්ණයක් නෑ.නැතිනම් උන්වහන්සෙගේ දේශණාව අනුව ඔයවගේ තැන්වල වැඩ සිටින්නේ නැත. (ස)
කෝ අපේ බලසේනා? (නි)
දැන් ඉතින් බෞද්ධයොත් දාපල්ලකෝ පඬුරු. කාටද වාසි? (නදී)
පුද පූජා කරන තැනකට බුදු පිලිමයක් ලබා දීමෙන් බුදු දහමට හෑල්ලුවක් නොවේ. නමුත් අඩු ගනනේ පන්සිල්වත් නොරකින බෞද්ධයෝ නම් කරන්නේ බුදු දහම හෑල්ලුවක්.
ආගම් අතර සමගිය ඉතා වැදගත්
හොද වැඩක් අගය කරමු
මේ වැඩේ හරි නැහැ. බුදුරජාණන් වහන්සේට කරන අගෟරවයක්. මෝඩ වැඩ කරන්නේ මේ ඇත්තෝ. ජාතික සමගිය හිත් වල ඇතිකළ යුත්තේ සමානාත්මතාවයෙනි.(නදී)
විශේෂයෙන්ම විදේශයන්හිදී අපේ ජාතීන් අතර සමගිය පැවතීම දැඩිසේ අගයමි. කෙන් සිවා මැතිතුමා ඇතුළු සැමට තුති.නමුත් මෙය අර්ථ විරහිත වැඩක් ලෙස මමද සලකමි.(ස)
මහමෙවුනා අසපුවෙන් බුදු පිළිමයක් මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොලේ තිබ්බනම් දෙවියෝ වැඩ සිටින දේශපාලනය නොමැති මෙම දේවාලේ ඊටත් වඩා සුදුසු නැද්ද මම අහන්නේ? (නදී)
පොඩි පටැල්විල්ලක් මගේ හිතේ. කරන්න ඕනදේ නෙමෙයි කරලා තියෙන්නේ.(නදී)
"ලංකාවේ වාර්ගික සමගිය ඇති කරන්නලු මේක කලේ", එතකොට මේ අය කියන්නේ මෙච්චරකල් තිබුනේ වාර්ගික ගැටුම් කියලද? දැන් මේක කරන්නේ තාම වාර්ගික ගැටුම් ඇති බව කියන්නද? ලංකාවේ තිබුනේ වාර්ගික ගැටුමක් නොව ත්‍රස්තවාදයට එරෙහි සටනක් බව මේ අය පිළිගන්න මැලියි, කණගාටුව මේක නොදන්නා අපේ සිංහල අයත් මෙයට එකතු වීම. (නදී)
බුදුපිලිම පන්සල්වල තිබෙන්න අරින්න , කෝවිල්වල දේව ප්‍රතිමා තිබෙන්න අරින්න , දෙක පටලවලා සලාදයක් කරන්න එපා.(නදී)
ඉන්දියානු ජඩවාදයේ තවත් පියවරක්.(නදී)
හින්දු කෝවිලක බුදු පිළිමයක් තිබු පමනින් සිංහල සහ දෙමල ජාතින් අතර සමගිය ඇති කරවන්න පුළුවන් නම් කොච්චර දෙයක්ද?(නදී)
ඕස්ට්‍රේලියාවේ කෝවිල් වලට ලංකාවේ හින්දු අය විතරක් නෙමෙයි ඉන්දියාවේ, මලසියාවේ, ෆිජි වගේ රටවල් වල හින්දු අය එනවා. සිංහල සමගියද නැත්නම් සිංහලින් ඉන්දියානුන්ට යටවීමද?(නදී)
ඔතන බිලි පූජා තියනවද? අන්තිමට බුදු පිළිම වහන්සේ ලේ වලිනුත් නාවයි.(නදී)
ඔතන බිලි පූජා තියනවද? අන්තිමට බුදු පිළිම වහන්සේ ලේ වලිනුත් නාවයි.(නදී)
සිහල, දෙමල සමගිය ඇති කරන්න ඕවා කරලා වැඩක් වෙයිද? ඕවා ලොකු ලොක්කෝ ලකුණු දා ගන්න කරන ඒවා.(නදී)
කෝවිලේ ඉන්න දෙවියන්ටත් බණ පදයක් ඉගෙන ගන්න පුළුවන්.(නදී)