ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයේ පියා සී.ඩබ්ලියු. ඩබ්ලියු. කන්නන්ගර ගුණ සිහි කැර පින් අනුමෝදන් කිරීමේ සාංඝික දානයක් සමස්ත ලංකා මධ්‍ය මහා විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමයේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව ලන්ඩන් බෞද්ධ විහාරස්ථානයේදී පැවැත්විණි.
එවකට පැවති රාජ්‍ය මන්ත්‍රණ සභාවේ අධ්‍යාපන ඇමති වශයෙන් සිටියදී කන්නන්ගර මහතා විවිධ විරෝධතා මැද්දේ ක්‍රියාත්මක කළ පුළුල් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් ගම්බද පළාත්හි පිහිටවූ මධ්‍ය මහා විද්‍යාල වලින් උගතුන් බිහිවිය.
ලන්ඩන් බෞද්ධ විහාරාධිපති මහා බ්‍රිතාන්‍යයේ ප්‍රධාන සංඝ නායක බෝගොඩ සීලවිමල නාහිමි ප්‍රධාන විහාරවාසී මහා සංඝ රත්නයට දන් පිළිගැන්විණි.
සීලවිමල නාහිමියෝ සිය අනුසාශනාවේදී පැවසුයේ කන්නන්ගර මහතා මුණ ගැසීමට තරම් තමා වාසනාව ලැබු බවයි.
එතුමන් අතින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ඉටුවූ උදාර සේවය පිළිබඳව විස්තර කර දුන්නේය. මහාබ්‍රිතාන්‍යයේ ශාඛාවේ සභාපති ආර්.ඒ. විමලසේකර මහතා ලන්ඩන් ශාඛාව මඟින් ඉටුකිරීමට බලාපොරොත්තුවන වැඩකටයුතු පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරනු ලැබිය.
ශ්‍රී ලංකාවේ මාධ්‍ය මහාවිධ්යාල මඟින් අධ්‍යාපනය ලබා දැනට ලන්ඩන් නුවර පදිංචියට පැමිණ ඉන්නා බොහෝ දෙනෙකු එදින ලන්ඩන් ශාඛාවේ සාමාජිකත්වය ලැබීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා විද්‍යාල ආදි සිසුවනි, කරුණාකර මෙම සමිතිය රැකගන්න (නි)
දැන් නම් ගුණ ගයන්න කට්ටිය ඉන්නවා! ඒ උත්තමයා අග හිඟ කම් වලින් මහලු වයස ගත කරද්දී ගුණ ගයන්න කවුරුවත් හිටියේ නැහැ. සෝමපාල ගුණධීර, බර්ටි ගලහිටියාව යුගයේ මධ්‍ය විද්‍යාල ආදී ශිෂ්‍ය සංගමය (1962/63 ?) නම් එතුමා වෙනුවෙන් පරිත්‍යාගයක් කරපු බව නම් මට මතකයි.(අ)
කල ගුණ සැලකීම හරිම හොඳ දෙයක්. (අ)
අගය කළයුතු වැඩක් (නි)