නිෂ්පාදිත දිනා හා කල් ඉකුත්වන දින රහිතව ඉන්දියාවට යැවීමට ඇසුරුම් කරමින් තිබූ රුපියල් ලක්ෂ 300ක් පමණ වටිනා කොකෝවා ඇට ටොන් 67ක් කැලණිය බියගම පාරේ ගබඩාවකින් අත්අඩංගුවට ගත් බව පාරිභෝගික සේවා අධිකාරිය කියයි.
ගම්පහ පාරිභෝගික සේවා අධිකරියට ලැබුණු පැමිණිල්ලක් අනුව දිස්ත්‍රික් ප්‍රධානී රංජිත් වීරවර්ධන මහතා ඇතුළු පිරිසක් අද (17) සවස එම වැටලීම සිදු කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කැත පුරුද්ද අත හරින්නේ නැහැනේ.(නදී)
ඔය කොකෝවා ඇත්තටම ලංකාවේ වවපු ඒවාද ? (නදී)
නැති නීති හදනවා (දිල්)
ඉන්දියාවට හොදනම් අපට මොකෝ ? (නදී)
ඔව් ඉන්දියාවට හොද බඩු යවන්න.මොකද එයාලත් අපිට ඉස්තරම්ම දේවල්නේ එවන්න.ඉදල හිටලා බෙහෙත් කුප්පිවල වීදුරු කැලි තිබුනට. (අ)
සැම තරාතිරමකම ලාංකිකයන් දැන් මෙවන් වැඩ කරනවා.දැන්ම මේවා නවත්ව ගත්තේ නැත්නම් ජාත්‍යන්තරව අපේ රට බින්දුවටම වැටෙනවා.(දිල්)
(චින්තක,සමන,රොසෙන්ද සොයිසා,එඩී,රසික චමින්ද) ඉන්දියාවේ අය තවමත් මහපාරේ වැසිකිලි ගියාට අපි කරන්න ඕනේ නෑ. අපි ජරාව ගෙනෙන එක නැවැත්විය යුතුයි. ජරාව යවන එකත් නැවැත්විය යුතුයි. එහෙමයි රටක් දියුණුවෙන්නේ. අපේ රට ඉස්සර ඉදල පිරිසිදුකම අතින් ඉහලට තිබුනා. දැන් දැන් ඒක පහලට යන බවක් පෙනෙනවා. කලයුත්තේ තව තව ඉහලට යාමයි. වැවත් එක්ක තරහට පස්ස හෝදන්නේ නැතිව ඉදලා පනුවෝ ගහල මරුනලු කියල පැරණි කියමනක් තිබෙනවා.(නදී)
සත්‍යපාල, අපිට ඉහල යන්න නොදෙන රටක් ඉන්දියාව. දැනටත් මේ රටේ හොඳ දේ හූරා කනවා. ඔයා කොහේ යනවද කොහොමද කියලා අපි දන්නේ නැහැ, ඉන්දියාවට යවන කුණු අල්ලන පොලිසියට බැරිද අපේ කෑම වලට වස දාන ඒවා අල්ලන්න? මේ පාරත් ඇමරිකාවේ වල්ගේ එල්ලිලා අපිට කොටන්න ඉන්නේ ඉන්දියාව. අනික පුස් තියෙන ඒවා හෝදලා කන එක පිළිකා හැදෙන්න හේතු වෙනවා. අනේ එහෙම ඒවා ඉන්දියාවටම යවන්න.(නදී)
ග්‍රාමීය පථයේ යමක් ,කමක් ඇති ගොවීන් අස්වැන්න කාලයේදී ලබාගන්න කුළුබඩු ,ධාන්‍ය වර්ග ,මිල ගණන් අධික වෙනකම් මැස්සක දමා තබා ගන්නවා. හරියට වේලා නොතිබුණොත් පුස් බැඳීම අනිවාර්යයෙන්ම සිදුවෙනවා. මෙම කොකෝවාත් , හරියට නොවෙලා ,ආරක්‍ෂිත ක්‍රම නොපිළිපැදීමෙන් කල් ඉකුත් බවට සහතික කර ඇත. පුස් ගතිය පලවා හැර නැවත වියළා වෙළඳ පොලට යැවීම වරදක් සිදු නොවේ. යන්න මගේ හැගීමයි.ඇඹුල් රසැති ගොරක,සියඹලා ද හොදින් වියලුනේ නැත්නම් පුස් බැඳීම සිදුවෙනු ඇත.(දිල්)
නන්ද කියන කතාව ඇත්ත නමුත් ඉන්දියාවට නිසා යැව්වත් කමක් නැහැ. එයාලත් අපට එවන්නේ බාල බඩු එයාල ප්‍රමිතියට නිෂ්පාදනය කරපුවා යුරෝපයට යවනවා.(නදී)
කන්න බැරි කොකෝ ඉන්දියාවට යැවුවම අපිට මොකෝ (අ)
යවන්න තිබ්බේ අර කට හැකර දකුණු ඉන්දියාවේ නැන්දට කවන්න. (නදී)
ඉන්දියාවට ඕව හොඳ වැඩියි . (අ)
සත්‍යපාල මහත්තය ඉන්දියන් අය ගැන දන්නේ නැති නිසයි ඔහොම කියන්නේ. මැදපෙරදිග රටක වගේ වැඩ කරානම් හොඳට දැනගන්න තිබුන. (නදී)
""නරක් වූ ආහාර"" වලටත් අමාත්‍යාංශයක් හදලා ඇමති කෙනෙක් පත් කරන්නේ නැතිව මේ ප්‍රශ්නය විසදන්න බැහැ. අටු කොස් වලටයි, හබල පෙති වලටයි, මඩ පුවක් වලටයි විතරනේ දැන් ඇමතිලා නැත්තේ. (අ)
කොහොමද දන්නේ මේවා බාල බඩු කියලා.(නදී)
සුවාරිස්,බාල බඩු අදුරගන්න බැරි ඔහෙට ගන්න හැම බඩුවක්ම අනුන්ගෙන් අහල ගන්න ගියොත් හරිම අමාරුවක වැටෙන්න වෙනවා. දැනටත් අමාරුවේ වැටිලද කියලත් හිතෙනවා. හොද නරක අදුරගන්න ඕනෑම සතෙකුට ඉවක් තිබෙනවා. මිනිස්සුන්ට ඊටත් වඩා ක්‍රම තියනවා. ඉගෙනගන්න බලන්න මේවා දැන්වත්. (නදී)
මේක පිස්සු වැඩක්. ඇසුරුම් කරමින් ඉන්න කොට අල්ලන්නේ කොහොමද ? ඇසිරුම් කලාට පස්සේ තමයි දින වකවානු සීල් ගහන්නේ . අපරාදේ ලංකාවේ විදේශ විනිමය . ඔය ඉන්දියාවෙන් එන රට ලුණු , පරිප්පු ආදිය ඇසිරුම් කරන්නෙත් ඔහොම තමයි. ඒවා හොඳයි. (නදී)
සකෝ බලකෝ යකෝ කොකෝ. (නදී)
චින්තක, ඔය හරි. මේවා තවම සුදානම් කරනවා. මේක තරහ කාරයෙකුගේ වැඩක් වගේ. ගෝනි වලට කල් ඉකුත් වීමේ දින ගහල තියෙනවා මමනම් දැකල නැහැ.(අ)