ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට හානි කර කොන්දේසි මත ජීඑස්පී ප්ලස් සහනයට වඩා එවැනි සහනවලින් තොරව සිටීම සුදුසු යැයි පිවිතුරු හෙළ උරුමයේ ලේකම් උදය ගම්මන්පිල මහතා කියයි.
කොන්දේසි 58කට එකඟ වන්නේනම් එම සහනය පිළිබඳ ඉල්ලීම සලකා බැලිය හැකි බව යුරෝපා කොමිසම කියා ඇතැයිද එවැනි කොන්දේසිවලට යටත් වීමෙන් බරපතල ප්‍රශ්නවලට මුහුණුදීමට සිදුවනු ඇතැයිද ඔහු කීවේය.
යුරෝපා කොමිසම සමග වෙළඳ ගනුදෙනුවලදී විශේෂයෙන් ඇඟළුම් අපනයනයේදී ශ්‍රී ලංකාවට බදු සහනයක් ලැබිණි. 2010 ඒ සහනය ඉවත් කැරිණි. ඒ වනවිට ශ්‍රී ලංකාවේ රෙදිපිළි හා නිමි ඇඳුම් අපනයනයෙන් 37.4%ක් යුරෝපයටද 22.4%ක් ඇමරිකාවටද යැවිණි. ඒ බදු සහනය යටතේ ශ්‍රී ලංකාවේ ඇඟළුම් තීරු බදු රහිතව යුරෝපයට අපනයනය කළ හැකි විය.
එමගින් ඇමරිකා ඩොලර් කෝටි 15ක් (රුපියල් කෝටි 2186) පමණ ආදායමක් ලැබිණි. 2010න් පසු එම සහන නොලැබිණි. ඊට හේතු වූයේ පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව පරීක්ෂා කර බැලිය යුතු යැයි යුරෝපා සංගමය කළ ඉල්ලීම රජය ඉවත දැමීමයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාගේ කතා අහනකොට නස්රුඩීන්වයි මතක් වෙන්නේ. (අ)
“යුද සමයේ පුද්ගලයන් 16,000කටත් 20,000ටත් අතර පිරිසක් අමානුෂික වදහිංසා වලට ලක්වී ඇති බවත් එයාලා කියනවලුනේ. පෙනෙනවා නේද මේ කොන්දේසි උත්පාදනය වුණේ කොහෙන්ද කියලා. (නි)
අපිට මේ සහනය නැතුව ඉදිරියට යන්න බැරිකමකුත් නැහැනේ... (නි)
ඔන්න ඒගමන තවත් මාතෘකාවක් හොයාගෙන. මේක ඇති එයාලට කාලෙකට (නි)
නාමල්, කොන්දේසි මොනවද කියල දනගෙනද ඒවා තියෙන්නේ අපේම හොදටයි කියන්නේ. මේ කොන්දේසි වලින් කියන්නේ ත්‍රස්තවාදීන් එදා තුවක්කුවෙන් ඉල්ලපු දේ මෙදා පෑනෙන් දෙන්න කියලයි.(හේ)
රාධා, මෙන්න එකට දෙකක්. ‘යුද හමුදාව පවරාගත් ඉඩම් අාපසු දීම, සිර ගෙවල් වල සිටින දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම‘. මේගොල්ලෝ ත්‍රස්තවාදීන් හදුන්වන්නේ දේශපාලන සිරකරුවන් හැටියට. (නි)
සුනාමියට කලින් ඇඟලුම් කර්මාන්තයට මෙම සහන තිබුනේ නැහැ කියලා දැන් බොහෝ දෙනෙකුට අමතකයි (නි)
මේ බමුණුට පුදුමාකාර උනන්දුවක්නේ තියෙන්නේ මේ ගැන (නි)
හැමදේටම විරුද්ද වීම පුරුද්දක්ද මන්ත්‍රීතුමෝ. (හේ)
දැන්වත් කට වහගෙන ඉන්නවද ? ඔබ තුමන්ලා නේද ඕක නැති කරගත්තේ.(හේ)
ඔබතුමා කියනකන් හිටියේ.(හේ)
නාමල් ඉස්සල්ලා කොන්දේසි ටික හොයා ගෙන කියවලා ඉන්න. කඩේ යනවා කියලා ඔහොමත් යන්න එපා. රට ගැනත් පොඩ්ඩක් හිතන්න පක්ෂ වලට බෙදිලා ඉන්නේ නැතුව. (අ)
පසුගිය රජය සමයේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව පරීක්ෂා කරනවාට වඩා හොද නැතිද දැනුත් මානව හිමිකම් කඩවන රටවල් ගැන බැලුවොත් (බ)
රජින්ද මම ඔයාගේ අදහසට එකගයි (බ)
වෙල්ගම, නාමල් කොන්දේසි මොනවද කියල දන්නවද ? (ර)
ඔය දෙපිට කාට්ටු යුරෝපා කොමිසම චීනය වැනි රටවල් සමග පුර්ණ ගනුදෙනු කරන්නේ, චීනයේ මානව හිමිකම් තිබිලාද? ඔක්කොම එයාලගේ වාසියට. මකුණු දැලත් හරස්වෙන්නේ පොඩි සතුන්න්ටනේ. (හේ)
බමුණු හරි. ඇයි ත්‍රස්තවාදය වැළක්වීමේ පනත?. ඒක ඇයින් කරන්න කියන්නේ ? (ර)
කාලෙකට කට්ටිය කැමැති කාලෙකට කට්ටියම අකමැති.(හේ)
රජින්දගේ දැනුම ගැන ප්‍රස්නයක් තියෙන්නේ... (ර)
ඔය සහන නැතිවත්, බටහිර රටවල කිසිම සහනයක් නැතුවත්, පහුගිය කාලේ රට සංවර්දනය කලා නේද, රටේ ආර්ථිකය දියුණු වුනා නේද? (ර)
නඩු ළඟ එන වේගෙට කට වැඩි වැඩි වේගෙන එනවා. (අ)
වෙල්ගම,රජින්දා, ඇත්තටම මොනාද ඔය කොන්දේසි ? ඔයාලවත් දන්නවද? (අ)
ඩොලර් කෝටි 15 අහිමි කර ගත්තා විතරක් නෙමෙයි. ලංකාවේ තිබුණු කම්හල් ගොඩක් බංග්ලාදේශය පැත්තට අරන් ගියා. නිදහස් වෙළෙඳ කලාපේ තිබුණු විවිධ කම්හල් ගොඩක් වැහුනා.කොන්දේසි නැතුව කිසිම කෙනෙක් සහන දෙන්නේ නැහැ. මානව හිමිකම් සම්බන්ධ කොන්දේසි බලපාන්නේ උතුරට විතරක් නෙමෙයි. මුළු රටටම .අපි කතා කරලා රටට යහපතක් කරගමු.මෙයාල අහිමි කරගත් දේවල් නැවත ලැබෙනවට මෙයාලා අකමැති වෙලා යක්කු පෙන්නනවා (බ)
ජීඑස්පී සහනය අපට ලැබුනේ සුනාමිය සමග එම නිසා එය නොලැබුනත් අපේ ඇඟලුම් කර්මාන්තයට පාඩුවක් නොවන බව එම කර්මන්තයේ යෙදෙන අය කියනවා ලැබුනොත් එය විශේෂ දෙයක් නමුත් දෙමල ඩයස් පෝරාවට වාසි ලබා දෙන්න කොන්දේසි දානවනම් ජීඑස්පී සහනය තියාගන්න කියල ඔය යුරෝපා කොමිසමට කියමු. අපි නිවටයන් විය යුතු නැත (බ)
මේ කතා කරන ඔබලා කී දෙනෙක් ඔය කොන්දේසි දැකල කියවල තිබෙනවද ? (බ)
ඔයාලගේ ආණ්ඩුවෙන් කරපු පවු තමයි අද අපි ගෙවන්නේ රටට ආදරයක් නැති මෙහෙමත් දෙපත් නයි දේශපාලුවෝ මුන්ව පාර්ලිමේන්තු යවන්න ඡන්දය දුන්නු හරක්ට ගහන්න ඕනේ අර මඩු වලිගෙන් (බ)
එහාට මෙහාට වචන හරඹ කරන්න , උද්ඝෝෂණ කරන්න, ඔළුගෙඩි කුරුවල් කරන්න , මහජනතාව පාරට බස්සන්න තවත් මාතෘකාවක් හොයාගත්තා වාගෙයි. ජයවේවා ! ජයවේවා !! (බ)
ඔය සහන නැතිව ඔය හොදට රට කලේ. දැන් මොකටද ... (ර)
අපිත් කියන්නේ ඔච්චර බරපතල කොන්දේසි වලට එකගවෙලා ඕක අරගෙන ඇති වැඩේ මොකක්ද? ඔය සහනය ලබන අනෙකුත් රටවල මුලික ආණ්ඩු ක්‍රම විවස්තාව වෙනස් කලාද? ජාතියක් හැටියට නැගිටින්න අපිට ඕනෑතරම් විකල්ප තියෙනවා. (ර)
වෙල්ගම හරි. මේ රටේ මිනිස්සුන්ට රටට වඩා ලොකු පක්ෂේ . සුරඟන කතා අහල මේ රට කෑවා. තාමත් මට්ටු වෙලා නැහැ. (බ)
කොන්දේසි මත හෝ ජීඑස්පී සහනය ලබා ගතහොත් ඡන්ද කාලේ කියූ එක කරුණක් හෝ පලදැරුවා යයි වේදිකා ගානේ කියහැක. එයින් අත්වෙන වාසිය මෙතුමාට නොතේරේ. (ර)
මේ සහන මුවාවෙන් යුරෝපා සංගමය අපිට පටවන්න යන්නේ ලොකු අසහනයක් (නි)
ඉඟුරු දීලා මිරිස් ගන්න ඕනේ නැහැ. ඔච්චර කොන්දේසිවලට යටත්වෙලා මොකටද මේ සහන. (ර)
සමහරු හීනෙන් බයවෙලා වගේ කියවනවා. මේවා බලන අපේ අයත් එපා එපා කියලා දඟලනවා. (නි)
දැන් එතකොට ඔය සහනය නැතිව අපනයන කරන්න බැරි වුනොත්, (ර)
මේ කොන්දේසි තියෙන්නේ අපේම හොදට... (ර)
කොන්දේසි වලට එකඟ නොවී ණය හෝ වෙනත් සහන දෙන රටවල් හෝ ආයතන මේ ලෝකයේ නැහැ. ඒ කොන්දේසිවලින් අපට වන හානිය හා සහනය ලබාගතහොත් ඇතිවන වාසිය ආදිය විශේෂඥන් විසින් තුලනාත්මකව බලා සමහරවිට ප්‍රතියෝජනා මගින් කොන්දේසි වෙනස් කරගත හැකිනම් එවැනි තත්වයන්ද සලකා බලා රටට වාසිවන තීරණයක් ගන්න එකයි වැදගත්. මේක මෙයා කියනවා වගේ දේශපාලන ඇහින් විතරක් බලල තීරණය කල හැකි දෙයක් නෙමෙයි. (ර)
උපාලි ඔබ හරි, මේවා තේරෙන්නේ ඉතා සුළු පිරිසකට පමණි, ඒ අවස්ථාවෙන් මේවගේ අවස්ථාවාදී දේශපාලකන් ප්‍රයෝජනය ගන්නවා. (ර)
මම දන්නේ නේ මොනාද මේ අහිතකර කොන්දේසි මොනාද කියල ඒවා කීපයක් කිවනම් තම හොද දැනගන්න. (ර)
කොන්දේසි මොනවද කියලා නැනේ... (ර)
මුදලිගේ, ඔව් ඔව් නැත්නම් මේ වනවිට ත්‍රස්තවාදීන් අපිට කර්මාන්ත බොහොමයක් පිහිටවා දීලා නේද? කියවලා බලන්න ජීඑස්පී සහනය දෙන්න දමන කොන්දේසි ටික. එ්ක බැලුවම කොන්දේසි හැදුවේ උතුරේද කියලා හිතෙනවා. (නි)
ආර්ථික කොන්දේසි සහ රටේ ආරක්ෂාව පිළිබද කොන්දේසි අතර බරපතල වෙනස්කම් තියෙනවා. (ර)
උදය ගම්මන්පිල කියනදේට මමත් එකඟයි (නි)
මානව හිමිකම් රැකීම ස්වාධිපත්‍යයට හානිකර වන්නේ කොහොමද කියලා නෑනේ. (ර)
ඔය කියන කොන්දේසි ඇයි හංගන් ඉන්නෙ? එහෙම කිව්වනම් අපිට හිතාගන්න පුළුවන් කොන්දේසි හොඳයිද නරකයිද කියලා. (ර)
එක කොන්දේසියක්වත් කිව්වා නම් ඔබට රුපියල් සියයකින්වත් ආධාරයක් දෙන්න තිබුනානේ (නි)
ඔය තරම් කොන්දේසි දාල ඔය දේ ගන්න ඕන නෑ, අපට බඩ ගින්නේ ඉන්න වෙන්නේ නෑ කොස් ගස් ටිකක් හිටුව ගන්න එකයි තියෙන්නේ, ඔය යුරෝපය තමා මුළු ලෝකයේම රටවල් කෑවේ (බ)