(අංජුල මහික වීරරත්න)

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවින් පළා යාමෙි සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා තිබේ.

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සමඟ  කළ සාකච්ඡාවකින් අනතුරුව ජනාධිපතිවරයා දැනුම් දී ඇත්තේ මෙවැනි සිදුවීම් යළි ඇති නොවීමට අවශ්‍ය කඩිනම් පියවර ගත යුතු බවයි.

පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවින් දෙපිරිසක් අතර පෙරදින රාත්‍රී ඇති වු ගැටුමකින් එහි සිටි රැදවියන් පිරිසක් පළා ගොස් ඇති බව වාර්තා විය.

ඊජිප්තු නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ සිද්ධිය සැලවීමත් සමග අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා අවශ්‍ය උපදෙස් ලබා දුන්නේ ය.