ශ්රී ලංකාවට එරෙහිව අභූත චෝදනා කරන පිරිස් ද යුද්ධයෙන් පසුව රට ගොඩනැඟීමට සහභාගි කරවා ගැනීමට අපේක්ෂා කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අද (12) ජිනිවා නුවරදී ප‍්‍රකාශ කෙළේය. ස්විට්සර්ලන්තයේ ජිනිවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 18 වැනි සැසියේ දී ඔහු කීවේ එතෙර කොටි හිතවාදින් ඉතා සුළු සිදුවීම් මහා පරිමාණයෙන් හුවා දක්වන බවයි. මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස් නවනීදන් පිල්ලේ එම සංවිධානයේ පිළිගත් නීතිරීතිවලට පටහැනිව ක‍්‍රියා කරතියි ද ඔහු කීවේය. ශ්‍රී ලංකාවට එරෙහිව නඟන මේ අපකීර්තිමත් චෝදනා හෙට තවත් රටවලට එරෙහිව නඟනු ඇතැයි ද සමරසිංහ මහතා කීවේය.
1
සජිත්ගෙන් ඉරාන්ට සැර උත්තරයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සමුළුවට යවා ඇති ඇතැම් ඇමතිවරුන් හට කළහැකි දෙයක් නැතැයි සිතනවා. ඊට වඩා සුදුසු ඇමතිවරු සහ රාජ්‍යතාන්ත්‍රිකයන් අපට සිටිනවා.