මහනුවර ජනප්‍රිය පිරිමි පාසල් දෙකක් ලෙස සැලකෙන ධර්මරාජ සහ කිංස්වූඩ් විද්‍යාලවල එංගලන්තයේ ජීවත් වන ආදී සිසුන් ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරඟය මෙවරත් මැයි මස 24 වෙනි සෙනසුරාදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට යයි.
සෙනසුරාදා පස්වරු 1.00ට තරගය ඇරඹෙන අතර මෙවර මහා බ්‍රිතාන්‍යයේ ධර්මරාජ විද්‍යාලයිය ආදී ශිෂ්‍ය සංගමය සත්කාරකත්වය දරයි.
ශ්‍රී ලංකාවේ අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරඟ අතරින් ප්‍රමුඛ තරගයක් බවට පත්ව ඇති ධර්මරාජ කිංග්ස්වූඩ් ක්‍රිකට් තරගය මේ වනවිට එකසිය අට වතාවක් පවත්වා ඇති අතර එංගලන්තයේදී මෙය සංවිධානය වන්නේ තුන්වැනි වරට බව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍ය ආසිරි බණ්ඩාර පැවසීය.
ලන්ඩන් නුවරදී මෙතෙක් පැවැත්වූ තරඟ දෙකෙන් දෙපිලම එක් තරඟය බැගින් ජයග්‍රහණය හිමි කරගෙන තිබීම විශේෂත්වයක් වන අතර මෙවර තරඟය ජය ගැනීමට දෙපිලම කරට කර තරඟයක් දීමට මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙමින් සිටින බවද ඔහු කිවේය.
මැයි මස යෙදෙන දීර්ඝ සති අන්තයේදී මෙම තරගය පැවැත්වෙන නිසාවෙන් වෙනදාට වඩා බොහෝ පිරිසක් සහභාගි වනු ඇතැයි සංවිධායකයන් බලාපොරොත්තු වෙති. විශේෂයෙන් ධර්මරාජ හෝ කිංග්ස්වූඩ් පාසල් දෙකට අයත් නොවන ඕනෑම අයෙකුට තරඟය නැරඹීම සඳහා සහභාගි විය හැකි අතර ඒ සඳහා කිසිම ගාස්තුවක් අය නොකෙරේ.
වැඩි විස්තර 07751671460 හෝ 07910493016 අංකයන්ට කථා කිරීමෙන් ලබා ගත හැකියි.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
259
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කන්ද උඩරට ක්‍රිකට් සටන ලන්ඩනයේදී
සාරංග Monday, 28 April 2014 09:17 PM
බිග් මැච් සංස්කෘතියේ වරදක් නැහැ.සමහර පුද්ගලයන්ගේ වරදක් පමණි තියෙන්නේ.(ස)
සුරාජ් Monday, 28 April 2014 10:01 PM
ධර්මරාජයට ජය වේවා! ධර්මරාජ-කිංග්ස්වුඩ් සහෝදරත්වයට ජයවේවා! (නි)
බිසා Monday, 28 April 2014 02:18 PM
ධර්මරාජයට ජය වේවා. (ස)
ලාල් Sunday, 04 May 2014 08:55 AM
මොනවද අප්පේ නොගැලපෙන දේවල්? අනික බිග් මැච් එකෙන් සංස්කෘතිය පෙන්නන්නෙ නෑ..ඒක විනෝදය සහ සහෝදරත්වය සඳහා පමණයි. (ස)
ෂේන් Monday, 28 April 2014 02:37 PM
ධර්මරාජයට ජය වේවා (දිල්)
samaසාමා Monday, 28 April 2014 04:02 PM
ධර්මරාජයට ජය වේවා!!(දිල්)
මාෂා Tuesday, 29 April 2014 12:51 AM
සැරද!...කිංස්වුඩ් (දී)
සිරි Tuesday, 29 April 2014 12:51 AM
කලකට පස්සේ පුක්කුස ගේ ප්‍රතිචාරයක් දැක්කා. නරකද ක්‍රීඩා පිටිය අසල විරෝධ තාවයක් සංවිධානය කලොත්? ඒවාට පුක්කුස දක්ෂයිනේ (දී).
සෙනරත් Tuesday, 29 April 2014 04:00 AM
කින්ග්ස්වූඩ් පිලට ජයවේවා (දී)
ශාන Tuesday, 29 April 2014 06:38 AM
කින්ග්ස්වූඩ් විද්‍යාලයට ජය වේවා. නියම වෑඩක් සහෝදරත්වයට ජය. (දී)
පුක්කුස වීරේ ලන්ඩන් Monday, 28 April 2014 05:21 PM
උතුම් මිනිසුන් විසින් ජාතියක් යහමඟ යවන්න හැදූ මෙම පාසල් දෙකේ සමහර ආදි සිසුන් මෙවන් අවස්ථා නොගැළපෙන දේවලට යොදාගන්නවා. (නි)
පුක්කුස වීරේ ලන්ඩන් Monday, 28 April 2014 06:15 PM
ලංකාවේ 'ඕල්ඩ් බෝයි' සහ 'බිග් මැච්' සංස්කෘතිය දිහා බලන මෙහෙ හැදෙන ලාංකික කුඩා ළමයින්ට 'අපේ සංස්කෘතිය' මෙයයි කියාද අපි කියලා දෙන්නේ? (නි)