මහනුවර ජනප්‍රිය පිරිමි පාසල් දෙකක් ලෙස සැලකෙන ධර්මරාජ සහ කිංස්වූඩ් විද්‍යාලවල එංගලන්තයේ ජීවත් වන ආදී සිසුන් ගේ වාර්ෂික මහා ක්‍රිකට් තරඟය මෙවරත් මැයි මස 24 වෙනි සෙනසුරාදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට යයි.
සෙනසුරාදා පස්වරු 1.00ට තරගය ඇරඹෙන අතර මෙවර මහා බ්‍රිතාන්‍යයේ ධර්මරාජ විද්‍යාලයිය ආදී ශිෂ්‍ය සංගමය සත්කාරකත්වය දරයි.
ශ්‍රී ලංකාවේ අන්තර් පාසල් වාර්ෂික ක්‍රිකට් තරඟ අතරින් ප්‍රමුඛ තරගයක් බවට පත්ව ඇති ධර්මරාජ කිංග්ස්වූඩ් ක්‍රිකට් තරගය මේ වනවිට එකසිය අට වතාවක් පවත්වා ඇති අතර එංගලන්තයේදී මෙය සංවිධානය වන්නේ තුන්වැනි වරට බව මහනුවර ධර්මරාජ විද්‍යාලයේ ආදී ශිෂ්‍ය ආසිරි බණ්ඩාර පැවසීය.
ලන්ඩන් නුවරදී මෙතෙක් පැවැත්වූ තරඟ දෙකෙන් දෙපිලම එක් තරඟය බැගින් ජයග්‍රහණය හිමි කරගෙන තිබීම විශේෂත්වයක් වන අතර මෙවර තරඟය ජය ගැනීමට දෙපිලම කරට කර තරඟයක් දීමට මේ වන විටත් ලහි ලහියේ සූදානම් වෙමින් සිටින බවද ඔහු කිවේය.
මැයි මස යෙදෙන දීර්ඝ සති අන්තයේදී මෙම තරගය පැවැත්වෙන නිසාවෙන් වෙනදාට වඩා බොහෝ පිරිසක් සහභාගි වනු ඇතැයි සංවිධායකයන් බලාපොරොත්තු වෙති. විශේෂයෙන් ධර්මරාජ හෝ කිංග්ස්වූඩ් පාසල් දෙකට අයත් නොවන ඕනෑම අයෙකුට තරඟය නැරඹීම සඳහා සහභාගි විය හැකි අතර ඒ සඳහා කිසිම ගාස්තුවක් අය නොකෙරේ.
වැඩි විස්තර 07751671460 හෝ 07910493016 අංකයන්ට කථා කිරීමෙන් ලබා ගත හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බිග් මැච් සංස්කෘතියේ වරදක් නැහැ.සමහර පුද්ගලයන්ගේ වරදක් පමණි තියෙන්නේ.(ස)
ධර්මරාජයට ජය වේවා! ධර්මරාජ-කිංග්ස්වුඩ් සහෝදරත්වයට ජයවේවා! (නි)
ධර්මරාජයට ජය වේවා. (ස)
මොනවද අප්පේ නොගැලපෙන දේවල්? අනික බිග් මැච් එකෙන් සංස්කෘතිය පෙන්නන්නෙ නෑ..ඒක විනෝදය සහ සහෝදරත්වය සඳහා පමණයි. (ස)
ධර්මරාජයට ජය වේවා (දිල්)
ධර්මරාජයට ජය වේවා!!(දිල්)
සැරද!...කිංස්වුඩ් (දී)
කලකට පස්සේ පුක්කුස ගේ ප්‍රතිචාරයක් දැක්කා. නරකද ක්‍රීඩා පිටිය අසල විරෝධ තාවයක් සංවිධානය කලොත්? ඒවාට පුක්කුස දක්ෂයිනේ (දී).
කින්ග්ස්වූඩ් පිලට ජයවේවා (දී)
කින්ග්ස්වූඩ් විද්‍යාලයට ජය වේවා. නියම වෑඩක් සහෝදරත්වයට ජය. (දී)
උතුම් මිනිසුන් විසින් ජාතියක් යහමඟ යවන්න හැදූ මෙම පාසල් දෙකේ සමහර ආදි සිසුන් මෙවන් අවස්ථා නොගැළපෙන දේවලට යොදාගන්නවා. (නි)
ලංකාවේ 'ඕල්ඩ් බෝයි' සහ 'බිග් මැච්' සංස්කෘතිය දිහා බලන මෙහෙ හැදෙන ලාංකික කුඩා ළමයින්ට 'අපේ සංස්කෘතිය' මෙයයි කියාද අපි කියලා දෙන්නේ? (නි)