(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
අවුරුදු පනස් අටක් වයස කාන්තාවක් යතුරු පැදියක නංවාගෙන ලබු හේන්ගොඩ ප්‍රදේශයේ පිහිටි කැලෑවකට රැගෙන ගොස් ඇයව බලහත්කාරයෙන් දූෂණය කළේ යෑයි කියන කටුවන පොලිසියේ රාජකාරි කළ පොලිස් සැරයන්වරයෙකු මිද්දෙණිය පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
එම කාන්තාව කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා මෙම පොලිස් සැරයන්වරයා අත්අඩංගුවට ගන්නා ලදැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙකු නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
අත්අඩංගුවට ගත් මෙම සැකකාර පොලිස් සැරයන්වරයාඅඟුණකොළපැලැස්ස ප්‍රදේශයේ පැවති සංගීත ප්‍රසංගයක විශේෂ රාජකාරි සඳහා යොදවා සිටි බව පොලිසිය කියයි.
සංගීත සංදර්ශනයේ රාජකාරියේ යොදවා සිටි මෙම පොලිස් නිලධාරියා මෙම කාන්තාව ඔහුගේ යතුරු පැදිය පැදියේ නංවාගෙන නඩුවෙන් ගොඩ ප්‍රදේශයේ පිහිටි කැලෑවට රැගෙන ගොස් බලහත්කාරයෙන් දූෂණය කර ඇතැයි ද එම උසස් පොලිස් නිලධාරියා කීය.
දූෂණයකට ලක්වූ බව කියන කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කළ බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු යොදා ඇත.
සැකකාර පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට විනය පරීක්ෂණයක් ද ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් හරිද චූන් එක.?
පොලිසියේ සේවය කරන්නෙත් අපේ සමාජයේම මිනිස්සු... අපේ සමාජයෙන් විශාල කොටසක්ම කුණුවෙලා ඉවරයි නම් පොලිසිය හෝ වෙනත් ආයතනයක් ගැන කවර කතාද? පොලිසිය හරියට සුද්ද නොකොළොත් එය සමාජ ව්‍යසනයකට පාර කපාවි... යුදහමුදා පොලිසිය වගේ පොලිසිය ඇතුලේ පොලිසියක් යොදා වැරැදි කරුවන්ව සොයා ක්ෂණික දඬුවම් දෙන ක්‍රමයක් හඳුන්වා දිය යුතුයි. පොලිසියේ ක්‍රියාකාරීත්වය රහසින් සොයාබලන යාන්ත්‍රණයක් සැකසුවොත් අපේ රටේ පොලිසියත් ඉක්මණින්ම පොලිෂ් වේවි. එතකොට පොලිසියේ සේවය කරන අවංක, දක්ෂ නිලධාරීන්ට අභිමානයෙන් සේවය කිරීමට අවස්ථාව ලැබේවි...!
අපේ පැත්තේ පොලීසි ගැන කතාකරලා වැඩක් නැහැ... ඔය පැත්තේ පොලීසියක ලොකු මහත්තයෙක් අම්බලන්තොට පැත්තේ නරක වැඩක් කරන්න ගිහින් ගම්මුන්ගෙන් ගුටිකාලා කකුල කඩාගෙන තවම ඇවිදින්නේ කිහිලිකරුවෙන්.
මේ ගෑනු කෙනා මොකටද බයික් එකට නැග්ගේ...? බලෙන් ඕකට නග්ගන්න බැහැනේ. කැමැත්තෙන් ගිහින්... රාළහාමි වෙච්චි පොරොන්දුව කඩ කරන්න ඇති. ගෑණුනේ...