කන්තලේ ප්‍රාදේශිය සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ප්‍රාදේශිය සභා මන්ත්‍රී චන්දන කරුණාතිලක මහතා මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා විසින් අද (24) එම තනතුරින් ඉවත් කරනු ලැබීය.
එම ප්‍රදේශිය සභාවේ ස්තීර සේවකයකු වන ඔහු පළාත් පාලන මැතිවරණ ආඥා පනත අනුව තරඟ කිරීමට මාසයකට කළින් එම ආයතනයෙන් ඉවත් වීම හෝ නාම යෝජනා බාර දීම සමඟ වෙනත් ආයතනයකට මාරු නොවීම නිසා මේ පියවර ගත් බව මැතිවරණ කොමසාරිස් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවල් මිගෙල් රෑ ඩැනියෙල්. උදේට මන්ත්‍රී, හවසට සේවක. ගමන් වියදමකුත් නැහැ. එක පුටුවකින් තව පුටුවකට යන්න විතරයි තියෙන්නේ. පිටිගල කිව්ව සුදුසුකම් තියෙනවා නම්, 'නෝ ප්‍රොබ්ලම්'. (නි)
පක්ෂේ කෙනෙක් නම්, ඡන්ඩියෙක් නම්,මොනවා කරලා හරි හම්බ කරගත් සල්ලි තියෙනවා නම් ඉතින් සුදුසුයි නේ!(අ)
දැන් අර දනගස්වපු කට්ටියත් නැවත නාම යෝජනා බාරදීල තියෙන්නේ...? පුදුම වෙන්න දෙයක් නැහැ ලංකාවේ කියල හිත හදාගමු ..? (අ)
එතකොට මැතිවරණ ආඥා පනත කඩකරලා තිබියදී එම ආඥා පනත යටතේම තරඟ කරන්නත් ඉඩ දෙනවද? (අ)
නාම යෝජනා කමිටුවට ඉන්නේ අන්ද බාල අයද? මේ කාරණා දන්නේ නැත්ද? සුදුසු කම් තියන අය සොයලා නාම යෝජනා දෙනවා නම් මේ වගේ වැඩ කරන අය පත් වෙන්නේ නැහැනේ.(නදී)