සිරිමාවෝ, චන්ද්‍රිකා , මහින්ද ඉදිරියට ගෙන ගිය මේ දේශපාලන පක්ෂය අද තවදුරටත් නිර්මලව මෛත්‍රිපාල සිරිසේන මහතා සමඟ ඉදිරියට යන ශ්‍රි ලංකා නිදහස් පක්ෂය එක් එක් කෙනාට ඕනෑ විදිහට කඩා බිඳ දමා අනුන්ගේ කොන්ත්‍රාත් ඉටු කරන්න යන අයගෙන් මෙම පක්ෂය කඩලා වෙනත් පක්ෂ හදන්න එපා යැයි ශ්‍රිලනිප තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර මහතා අද (11) පක්ෂ මුලස්ථානයේ දී පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනලා තිබුන පක්ෂය කඩලා පරාද කරපු සිරි "පැරකුම් " සේන රජතුමා ගැන කතා නෑ නේද?(අ)
පුහුල් හොරා කරෙන් දැනේ (අ)
නිදහස් පක්ෂය විනාශ කිරීමේ ලොකුම කොන්ත්‍රාත්කරු වන්නේ කවුද කියලා අපි දන්නවා
මහත්තයෝ ඔයත් ඇමති කම් අරගෙන කටු සුප්පු කෙරුව නේද (අ)
යූ.එන්.පී. එකත් එක්ක සන්දාන ගතවෙලා නිදහස් පක්ෂය විනාශ කිරීමේ මංගල පස් පිඩැල්ල කැපුවේ කවුද කියල අපි දන්නවා මහත්තයෝ. දැන් බොරුවට කියවන්න එපා. (කෞ)
සිරිසේන මහත්තයට සුදුහුණු ගැන කොන්ත්‍රාත් එක කොන්ත්‍රාත් නෙමෙයිද ? එයා තමා පක්ෂය කඩාදමන්න පාර කැපුවේ. මහමතිවරනයේදීත් කිඋව, මහින්ද මහත්තයා දින්නත් අගමැතිකම දෙන්නේ නෑ කියල. ඒවා කිඋවේ චන්ද යූ.එන්.පී. එකට දම්මන්න නෙමේද ? (කෞ)
යූ. එන්. පී. එකෙන් මිනිස්සු අරන් ශ්‍රී ලංකා කාරයන්ගේ බෙලි කපපු ය තමයි පක්ෂේ කඩන්න මුල් උනේ (කෞ)
සාන්ත බණ්ඩාර පරද උනෙත් ගමට වැඩක් කරන්නේ නැතුව කොමිස් ගහපු නිසා හොර යක්කු පැරදිලත් එනවනේ හොරා කන්න(කෞ)
ඉදිරියේදී පවතින මේ විරසකය නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කුමක් වේද?
දැන් ඔය යල් පැනගිය කතන්දර වලට අහුවෙන අය නැහැ. කාගෙ කාගේත් ගඳ සුවඳ ජනතාව දැනගෙන ඉවරයි. දැන් අපට අවශ්‍ය වෙන්නේ රටට ආදරේ ඇති අයගෙන් සැදුම්ලත් අලුත් නමකින් යුත් නැවුම් සුවඳින් යුතු පක්ෂයකි. (නි)
දැන් කවුද මන්ත්‍රී තුමනි මුලින්ම පක්ෂය පාවා දුන්නේ ? (හේ)
ඒ කතාවනම් ඇත්ත.(හේ)
පක්ෂය කඩන් ගියේ කවුද ?.පක්ෂයේ බලය අරගෙන පක්ෂය පරාජය කළේ කවුද ? (හේ)
විජේරත්න කවුද ඔය පක්ෂ දිනවපු අය ? 2005 ජනාදිපති මතිවරනේදී , නිදහස් පක්ෂේ මුල් පෙලේ නායකයෝ මැතිවරණ වේදිකාවට වත් නැග්ගේ නැති වෙලාවේ , පක්ෂයෙන් සත පහක් ප්‍රචාරය සදහා වියදම් නොකරපු වෙලාවේ , නිදහස් පක්ෂේ ජයග්‍රහණය පිටිපස්සේ හිටියේ උගුර ලේ රහ වනතුරු කැගහපු , සුළු පක්ෂ වල නායකයෝ . එක් ආසනයක් විතරක් වැඩිපුර තිබුන පාර්ලිමේන්තුව ඉතිහාසේ හැදුනු ප්‍රබලම නිදහස් පක්ෂ ආණ්ඩුව හැදුවේ කොහොමද (කෞ)
ශ්‍රී ලංකා එකට දීපු ඡන්ද පාවල දීල යූ එන් පී ආණ්ඩුවක් හැදුව ශ්‍රී ලංකා නායකයා කවුද කියල කියන්නකෝ අනේ.(අ)
පක්ෂ ප්‍රතිපත්ති රකින්නේ නැති පක්‍ෂ අපට වැඩක් නැහැ . අපට ඕනේ රට .ඒකට ඔනේ රාජ පක්‍ෂ .(අ)
මේ පාර පක්ෂය කැඩුවේ 2014 නොවැම්බර් මාසයේ කියලා අමතකද?(කෞ)
කඩන්න දෙයක් ඉතිරිවෙලා නැ (අ)
ඔබතුමා ඕක කියන්න ජනාධිපති තුමාට.(හේ)
මේවට මට සිනා සිනා... (නි)
හිස් ප්‍රලාප දොඩවන්න එපා (කෞ)
දඹදෙණියෙන් පැරදුනා නේද? ඇයි ඒ? අහල ගම් කීයකට මන්ත්‍රී කාලේ ගිහින් තියෙනවාද?මොනවද කිරල තියෙන්නේ? දැන් තනතුරක් ලැබුනාම ලකුණු දාගන්න එදනව වගෙයි (කෞ)
රොෂාන් අහන ප්‍රශ්නයමයි මටත් අහන්න තියෙන්නේ (නි)
ශාන්ත මහත්තයෝ සිරිසේන මහත්තය කඩපු පක්ෂය ආයේ සක්කරයටවත් ගොඩගන්න බෑ.මහජනතාව අන්දන්න දැන් ටිකක් අමාරු වෙනවා (අ)
වැදගත් වන්නේ අලුත් පක්ෂ , පරණ පක්ෂ නොවේ , රට යි , රටේ අනාගතයයි . ජනතාව මෙවර තීරණය කරාවි නිවැරදි කවුද කියා . 2015 ජනවාරි 8 වෙනිදා මිනිසුන් ගත තීරණය හරිද වැරදිද කියා දැන් තේරුම් ගන්න පුළුවන් බුද්දීමත්ව අවට බැලුවොත් පක්ෂ පාට කන්නාඩි නැතිව . බුද්දිමත් පාටකයනි අවදි වෙන්න කාලයි මේ (අ)
විජේරත්න, පංචතන්ත්‍රය කියවන්න. ඒකේ තිබෙනවා රටක් පාලනය කරනකොට කළයුතු දේවල් (නි)
තරුණ අපේ ශක්තිය මහින්ද සමගයි. ඔහුයි පක්ෂයේ සැබෑ නියමුවා(අ)
පක්ෂය කඩන්නේ යන එන මන් නැති ගමේ පිංගල, කුමන්ත්‍රණ වංශ , අගුනවර්දන , සහ වාසු නානා වැනි උදවියයි(කෞ).
මටත් හිනා යනවා මේවට (නි)
මට නම් හිනා යනවා (නි)
කාවද මේ අන්දන්න හදන්නේ? සන්ධාන සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් කියන්නේ කොණ්ඩය බැඳපු චීන්නු නෙමෙයි මහත්තයෝ. ඔය කාටත් ඉදිරියේදී අපි ඉදිරියට එන්න වෙනවා මහත්තයෝ. එදාට අපි ඔහෙලත් එක්ක ගනුදෙනු බේරාගන්නම්. (නි)
රටට හා පක්ෂයට වඩා තමන්ගේ පෞද්ගලික වෛරය පිළිබඳ කරුණු පෙරට ගෙන රටට හා පක්ෂයට වින කළේ කවුරුන්ද යන්න පාක්ෂිකයින් හොඳින් දන්නවා. (හේ)
මේ එක්කෙනෙක්වත් එපා. අපිට ඕනෑ ජේවීපී ආණ්ඩුවක්. පුළුවන් නම් පත්කරලා බලන්න. කවුරු ආවත් ජනතාවට වැඩක් නැහැ. (නි)
ඉතින් මහින්ද මහත්තයමනේ සිරිසේන මහත්තයට අඬගහල සභාපතිකම දුන්නේ! ඉතින් නොදී ඉන්න තිබුනනේ? පක්ෂය කඩාගෙන ගිය මිනිහට නොදී. දැන් මොකටද බොරුවට කෑගහන්නේ? (අ)
කබ්බෝ සෙට් එක බය වෙලා (අ)
ශ්‍රීලනිප පාක්ෂිකයෝ චන්දය දෙන්නේ රට සහ ජාතිය වෙනුවෙන් බව හොඳින් ඔළුවට ගන්න. එහෙම නැතුව බලය, තනතුරු, රකින්න නොවෙයි. (ර)
ආප්ප වලට කතා කරන්න පුලුවන්නම් කියයි... (ර)
දැන් විතරක් නෙමේ, බලය තියෙද්දිත් හිටපු ජනාධිපතිතුමා කලේ පක්ෂය කඩපු එක. එදා ඉඳන් ප්‍රශ්න වලට මුහුණ දීලා පක්ෂය දිනවපු අය ඈත් කරලා, වෙන පක්ෂ වලින් ආපු හොරු රැලට ඇමතිකම් දීලා පක්ෂය කෑවා අදත් ඒ හොරු ටික එල්ලෙන්න වැලේ වැල් නැති නිසා ආයෙත් පක්ෂයේ ඉතුරු ටිකත් කඩලා තමන්ගේ අනාගතේ ගොඩ දාගන්න හදනවා. කොළඹ, කුරුනෑගල, නුවර, රත්නපුර වගේම අනිත් පැතිවලත් මුල්තැන ගෙන ඉන්න කට්ටිය දිහා බලන්න. මේ අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයද...? මේ හොරු ටික නිසා අපේ පක්ෂයේ ඉතුරු ටිකත් විනාශ වෙනවා....(අ)