ශ්රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයින් වන කුමාර් සංගක්කාර සහ මහේල ජයවර්ධන මෙරට කාන්තා හිංසනය තුරන් කිරීමේ ප‍්‍රවර්ධනය වෙනුවෙන් යුරෝපා සංගම් ශ්‍රී ලංකා හා මාලදිවයින කාර්යාලය සමග එක්වූ බව එම සංගම් කාර්යාලය නිවේදනය කරයි.
කාන්තා හිංසනයට එරෙහිව දැනුවත් කිරීම සඳහා ශී‍්‍ර ලංකාවේ විශිෂ්ට කි‍්‍රකට් ක‍්‍රීඩකයන් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර තමන් සමඟ හවුල්වීම සම්බන්ධයෙන් එම නියෝජිත මණ්ඩලය සතුට පළකරන බවද එහි සඳහන්වේ.
නොවැම්බර් 25 වැනිදාට යෙදී තිබෙන කාන්තා හිංසනය පිටුදැකීමේ ජාත්‍යන්තර දිනයදා ‘‘ කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කරමු ’’ තේමාව යටතේ, ලංකාවේ කාන්තා හිංසනය තුරන් කිරීමේ ප‍්‍රවර්ධන වැඩසටහන සඳහා සංගක්කාර සහ මහේල එක්වන බව ශී‍්‍ර ලංකාව සහ මාලදිවයින සඳහා වන යුරෝපා සංගමයේ දේශපාලන, වාණිජ සහ සන්නිවේදන අංශ ප‍්‍රධානි පෝල් ගොඞ්ෆ‍්‍රි සඳහන් කරයි.
අවාසනාවකට මෙන් ශී‍්‍ර ලංකාවේ කාන්තාවන්ගෙන් අඩක්ම කිසියම් ආකාරයේ හිංසනයක අත්දැකීම් විඳ ඇති බව අධ්‍යයනයන්ගෙන් හෙලිවී ඇති අතරම , මෙම ගැටළුව ප‍්‍රසිද්ධියේ කථා කිරීම තහංචියක් වී ඇති අවස්ථාවක කාන්තා හිංසනය පිළිබඳව ප‍්‍රසිද්ධියේ කථාකිරීම පිළිගත් කරුණක් බව ඒත්තු ගැන්වීමටත් මෙම හිංසනය තුරන් කිරීමටත් ,එයට එරෙහිව නැගී සිටීමට මහේල සහ කුමාර් ගත් තීරණය උපකාරක් වනු ඇතැයි ගොඩ්‍ෆ්‍රි කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා කාන්තාවන් නිසා අපි විඳින විඳීම දන්නේ උඩ ඉන්න දෙයියෝ විතරයි. (නි)
මේ වනකොට කතා කරන්න වෙලා තියෙන්නේ කාන්තාවන්ගෙන් වන හිංසනය ගැනයි. දරුවන්ට වද දෙන, සැමියන්ට වදදෙන, අසරණ මහළු දෙමව්පියන්ට වද දෙන කාන්තාවන් පිළිලයක් මෙන් සමාජයේ පැතිරි ඇත. (නි)
අධ්‍යාපනය අඩු ගම්බද කාන්තාව තවමත් සවසට බිලා ගෙදර එන සැමියාගෙන් හිංසනයට ලක් වෙනවා ඇති. නමුත් රැකියාවක් කරන මධ්‍යම පාන්තික කාන්තාව අතින් තමයි ගෙදර දොර හුඟක් හිංසන අද වෙන්නේ. මේ නිසා කාන්තාවක් වූ පමණින් අහිංසකයි, හිංසනයට ලක්වෙනවා කියා පොදුවේ කතා කරන්න බැරි තත්වයක් තියෙන්නේ ලංකාවේ. (නි)
මහේල සහ සංගා ලංකාවේ බිහිවුණ අතිවිශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෝ දෙන්නගේ අතිවිශිෂ්ට වැඩක්. ඔබට අපගේ ස්තුතිය (නි)
කාන්තාවන් සහ පිරිමින් යන දෙකොට්ඨාශයම ඒ ඒ අයගෙන් හිංසනයට ලක් වෙනවා. ක්‍රිකට් තරු එක් පැත්තක් විතරක් බැලුවොත් මෙය අහිංසක පිරිමින්ට කරන ලොකුම අසාධාරණයක් වෙයි. (නි)
මම නම් දන්නා තරමින් කාන්තාවන් සුළු ආරවුලක් වුණත් එක දෙක කරලා පොලිසියට ගිහින් පැමිණිලි කරලා සැමියට දඩුවම් ලබා දෙනවා. නමුත් කාන්තාවන්ගෙන් වන මානසික හිංසනය කිසිසේත්ම සැමියන් විසින් පැමිණිලි කරන්නේ නැහැ රටේ තියෙන සංස්කෘතිය අනුව. ඒ අය ගැනත් සෙවිය යුතුයි. කාන්තාවක් වූ පමණින්ම අහිංසක හෝ දරුවෙක් වැදු පමණින්ම මවක් හො වෙන්නේ නැහැ කියන එක පත්තර බැලුවම තේරෙනවා. (නි)
සමහර කාන්තාවන් රටේ නැති බොරු කියලා සැමියාගෙන් නඩත්තු අරගන්න එන්නෙත් වෙනත් සැමියෙක් සමඟයි. (නි)
ලංකාවේ කාන්තාවන්ගෙන් වන හිංසනය තුරන් කිරීමේ වැඩසටහන සඳහාද කවුරුන් හෝ ඉදිරිපත්වන්න. (නි)
අද ඉන්න බොහෝ කාන්තාවන්ට කිසිම ඉවසිමක් නැහැ. කටින් පිටවෙන්නෙ වචන නෙමයි කඩු පහරවල්. මේ නිසයි නගරයේ නම් ආරවුල් ඇති වෙන්නේ. ගම්බද තත්වය වෙනස් විය හැකියි. (නි)
මෙම හිංසනය අඩු වැඩි වශයෙන් කාන්තා පිරිමි දෙපාර්ශ්වය අතින්ම වෙනවා. ඒ නිසා කාන්තාවන් ගැන පමණක් කතා කිරීම සුදුසු නැහැ. අපි වර්ථමානය ගැනයි සිතිය යුත්තේ. ක්‍රිස්තු පූර්ව ගණන් වල තත්වය නෙමෙයි. (නි)
මේවා කරන්න ගිහින් කාන්තාවෝ නැති හයියක් අරගෙන හොඳට තියෙන පවුල් ටිකත් කඩා ගනියිද මන්දා? මේකෙ වැරැද්දක් නෙමෙයි මම කියන්නේ. නමුත් අපේ රටේ වෙන්නෙ එහෙම දේවල්. (නි)
කොළඹ අවට ඉන්න රැකියා කරන බහුතර (ඔක්කොම නෙමෙයි) කාන්තාවන්ගෙන් පිරිමින්ට වන මානසික හිංසනය බොහොම තදයි. මේවා හැංගිලා තියෙන්නේ. පිරිමි අඬන්නෙත් නැහැ. පොලිසි දුවන්නෙන් නැහැ. නිකමට අපේ ටෙලියක් ගන්නකෝ කවුද කෑගහන්නේ? කවුද තීරණ ගන්නේ? කාන්තාව.... (නි)
බීමතට තිත තැබීමෙන් ලංකාවේ මේ ප්‍රශ්නය 50% කින් විසදිය හැකියි. පුලුවන්නම් කරන්න. ඔබ දෙපලට මගේ සුබ පැතුම්! (අ)