IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කාන්තා රෝහලේ සේවා ගාස්තු කාඞ්පත්වලින් ගෙවීමේ හැකියාව

කාන්තා රෝහලේ බාහිර රෝගී වෛද්‍ය හමුවීම් සඳහා මුදල් රහිත ක්‍රමයක් හඳුන්වාදීමට හමාඞ් වෛද්‍ය සංස්ථාව පියවර ගෙන තිබේ.


ඒ අනුව දැන් වෛද්‍ය හමුවීම් යොදාගැනීම සඳහා කාන්තා රෝහලට යන කාන්තාවන්ට අදාළ මුදල් ක්‍රෙඩිට්, ඩෙබිට් හෝ කටාර් ජාතික බැංකුව විසින් කටාර් රියාල් 20කට නිකුත් කරනු ලබන ඊ-කෑෂ් කාඞ්පත හරහා ගෙවීමේ හැකියාව ලැබෙයි. 


විශේෂඥ වෛද්‍යවරයකු සඳහා හමුවීමක් යොදාගැනීමට හෝ අල්ට්‍රාසොනෝග්‍රැපි සඳහා දිනයක් යොදාගැනීමට බලාපොරොත්තු වන රෝගීන්ට දැන් මුදල් අයකැමි වෙත යනවා වෙනුවට ඔවුන් ලියාපදිංචි වන කවුන්ටරයටම ගෙවීම් කළ හැකිය. එසේම ලියාපදිංචි කිරීමේ කවුළුවලින් ලබාගන්නා ඕනෑම සේවාවක් සඳහාම මෙම මුදල් රහිත ක්‍රමය යොදාගත හැකිය. ඊට අමතරව ඖෂධ අලෙවිසල සඳහාද මෙම ක්‍රමය අදාළ වන නිසා තම ඖෂධ වට්ටෝරු සඳහා වැය වන මුදල ඉතාමත් කාර්යක්ෂමව ගෙවා දැමීමට හැකියාවක් ලැබෙයි. 


“මුදල් ගෙවීමේ ක්‍රමය තාවකාලිකව වෙනස් කිරීම අවසන් කිරීමෙන් රෝහලට පැමිණෙන කාන්තාවන්ගේ සහ පවුල්වල වටිනා කාලය ඉතිරි කරදීමට අපි බලාපොරොත්තු වෙනවා. එසේම අපේ සේවාදායකයෝ මුදල්වලින් ගෙවීමට හුරුවෙලා ඉන්න නිසා අපි මේ ක්‍රමය පියවරෙන් පියවර තමයි හඳුන්වාදීමට බලාපොරොත්තු වෙන්නේ. එවිට මිනිස්සුන්ට මේ වෙනසට හැඩගැසෙන්නට කාලයක් ලැබෙනවා.”



අදහස් (0)

කාන්තා රෝහලේ සේවා ගාස්තු කාඞ්පත්වලින් ගෙවීමේ හැකියාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 348 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site