ජාත්‍යන්තර පැසිපන්දු සංගමයේ අධීක්ෂණය යටතේ දෝහා කටාර්හිදී පැවති ආසියානු 3 X 3 පැසිපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී මොංගෝලියාව හමුවේ ලකුණු 18-13 ක් ලෙස ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පරාජය විය.
ඉතා තියුණු තරගයකින් පසුව ශ්‍රී ලංකා කාන්තා පැසිපන්දු කණ්ඩායම මොන්ගෝලියාව හමුවේ පරාජය වුවත්, ඔවුන්ට මෙම තරගාවලියේ මෙතෙක් දුර පැමිණීමට හැකිවීම පිළිබඳව සතුටුවිය හැකි බව ශ්‍රී ලංකා පැසිපන්දු සංගමයේ ජේෂ්ඨ උප සභාපති රනිල් ෆ‍්‍රැන්සිස්කෝ මහතා කියා සිටියේය.
ප‍්‍රමිලා ප‍්‍රනාන්දු (නායිකා), කුමරීන් සිල්වා (උප නායිකා), බෙනිකා තලගල, අංජලී ඒකනායක යන කී‍්‍රඩිකාවෝ ශ්‍රී ලංකා කාන්තා 3 X 3 පැසිපන්දු කණ්ඩායම නියෝජනය කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd