ඉකුත් සතියේ පැවති මහමැතිවරණය සම්බන්ධයෙන් සිදු කළ මැතිවරණ නිරීක්ෂණ පිළබඳ විස්තර ඇතුළත් සම්පූර්ණ අවසන් වාර්තාව ඉදිරි මාස දෙකේදී ප‍්‍රකාශයට පත් කරන බව යුරෝපා සංගමය ප‍්‍රකාශ කරයි.
මහමැතිවරණයට පෙර හා මැතිවරණයේ දී සිදුවූ කටයුතු හා මැතිවරණ සිද්ධීන් පිළිබඳ නිරීක්ෂණ මෙම වාර්තාවට ඇතුලත් වන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.
මේ අතර මැතිවරණයට පසුව නිකුත් කළ මූලික වාර්තාවෙන් යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩලය සඳහන් කළේ ඡන්දය ප‍්‍රකාශ කිරීම හෝ අපේක්ෂකත්වය සඳහා ඉදිරිපත් වීම් සම්බන්ධ නෛතික බාධා නොමැති වුවද , කාන්තා සහභාගීත්වය අපේක්ෂකයින් ගෙන් 9% ක් පමණ ඉතා පහළ මට්ටමක් පවතින බව පෙන්වා දී තිබිණී.
මැතිවරණ සමයේදී මැතිවරණ කොමසාරිස්වරයාගේ ආරාධනයෙන් යුරෝපා සංගම්යේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන යුරෝපා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ක‍්‍රිස්ටියන් ප්‍රෙඩා මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුතු නිලධාරීන් 85 දෙනකු යුරෝපා සංගම් මැතිවරණ නිරීක්ෂණ දූත මණ්ඩලයක් ලංකා මැතිවරණ නිරීක්ෂණ කටයුතු වල නිරත විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එන්.ජී.ඕ ලර් කටු ලෙවකන කලු සුද්දන්ට නම් අමාරු ඇති. ජ්‍ාත්‍යන්තරීකරණය වූ වූ බටහිර සංස්කෘතිය පතුරුවන්න වලිකන අවස්තාවාදීන් දේශීය සංස්කෘතියද පෙන්නගෙන දෙපැත්ත කනවා ? (නදී)
අයි මේගොල්ලන්ට තේරෙන්නේ නැද්ද මුළු ලංකාවටම හරියන කාන්තා නියෝජනයක් ගාල්ලෙන් පත් වෙලා ඉන්න වග. (ම)
පුදුමයක් නෙවෙයි ඉතින් අදහස් දක්වපු අයගේ ආකල්ප. මේ රටේ උගත් ආචාරශීලි දක්ෂ කාන්තාවන්ගෙන් අඩුවක් තිබෙන රටක් නෙවෙයිනේ. ඒ කට්ටිය එක්කෝ වෘත්තීය රැකියාවල නැති නම් ගෙවල් වල දරුවන් බලා කියාගෙන පවුලත් රැකගෙන ඉන්නවා. ඒ අතරේ දේශපාලනයට පත් වුන බවලත් අයගේ ගුණාත්මකභාවය ගැන කතා කරන්න මම කැමති නැහැ. (නදී)
අනේ ඔව් ආයෙත් අමුතුවෙන් තව බවලත්තු පත් වෙන්න ඕන නැහැනේ. අරයා සාරියත් අතේ අරන් අහල පහල පිරිමි ටිකත් පෙරලාගෙන, කටත් ඉස්සර කර ගෙන එනකොට, පිටරට ඇත්තන්ට හොඳටම බලා ගන්න පුළුවන් නේද මේ තමයි ශ්‍රී ලාංකික කාන්තාව කියලා. (නදී)
ඔය කාන්තා නියෝජනයගැන කතා කරලා වැඩක් නැහැ. ආයෙත් පාර්ලිමේන්තුවට උගත් වැදගත් චාරයක් ඇති කාන්තාවක් හීනෙන්වත් යන්න හිතන එකක් නැහැ. කවුද කැමති එතන ගිහින් කෙහෙවලු පටලවාගෙන රට ආණ්ඩු කරන්න. (නදී)
අනේ ඇත්තට ඔය නිරීක්ෂකයන් දැක්කේ නැද්ද අර ගාල්ලෙන් පත් වුන පංකාදු පහේ නියෝජනය ? අපි ලංකාවේ බවලතුන් හැටියට ආඩම්බරයෙන් ඇඟ කිලිපොලා යන ගමන් මේ ලියන්නේ. (නදී)
කොහොමද මේ කියන හැටියට කාන්තා නියෝජනය අඩු වෙන්නේ. සාරිය අතේ අරන් උත්සව වලට අනාරාධිතව කඩාගෙන පනින, ප්‍රසිද්ධියේ පිරිමින්ට තේ කෝප්ප ගුවනේ පා කරලා එවන නියෝජනයක් තිබෙද්දී (නදී)
කොච්චර හොඳට ඔය නියෝජනය සිද්ධ වෙලාද කිව්වොත් අපිට දැන් පත් කර ගන්න වෙලා තියෙන්නේ කන් ඇසීම අඩු අයයි. විවාද වලදී කනේ ඇබ ගහගන්නයි සිද්ධවෙන්නේ (නදී)
මෙතන ඉන්න අය කියන එකෙන්ම තේරෙනවා කාන්තාවන් ගැන තියන ආකල්පය. (නදී)