ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා නුවරදී ඉදිරිපත් කෙරෙන යෝජනාවලිය අසාධාරණ බව කියමින් විරෝධතා දෙකක් කැනඩාවේ ටොරොන්ටෝ සහ ඔටාවා නගරවලදී පැවැත්විණි.
මේදිනවල උතුරු ඇමෙරිකාව පුරා පවත්නා අධික සීතල කාලගුණයද නොතකා මෙම විරෝධතා දෙකටම කැනඩාවේ පදිංචි සිංහල, දෙමළ සහ මුස්ලිම් ජාතික ශ්‍රී ලාංකිකයෝ විශාල ගණනක් සහභාගි විය.
"ලංකාවට අත නොතබනු" යන තේමාව යටතේ කැනඩාවේ ශ්‍රී ලංකා එක්සත් ජාතික සංගමය (ස්ලුනා) සංවිධානයකර තිබු විරෝධතාවය පැවැත්වුයේ ටොරොන්ටෝ නගරයේ ඇමෙරිකා තානාපති කාර්යාලය අභියසදීය.
ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සහ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකත්වය දරන නිදහස් ස්වෛරී රටක් බව අමතක නොකළයුතු බවත් ඇමෙරිකාවේ මුලිකත්වයෙන් බ්‍රිතාන්‍ය ඇතුළු බටහිර රටවලින් ශ්‍රී ලංකාවට කෙරෙන අසාධාරණ අයුක්ති සහගත බලපෑම් නොකළ යුතු බවත් කියවෙන පුවරු රැගත් විශාල පිරිසක් සමඟ ටොරොන්ටෝ නගරාධිපති අපේක්ෂක ඩේවිට් ලී සහ කැනඩාවේ වෙනත් ශ්‍රී ලාංකික ප්‍රජා සංවිධාන කිහිපයක්ම මේ විරෝධතාවය සඳහා සහභාගි වුහ.
කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකිකයින් රැසකගේ අත්සන සහිතව පෙත්සමක්ද ඇමෙරිකා තානාපති කාර්යාලයට භාර කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට පක්ෂව ඉදිරිපත් වුණ ඔබ සැමට ස්තූතියි! (නි)
ශ්‍රී ලංකාවට ජය නියතයි. (ස)
මොවුන් සියලුදෙනාම දේශප්‍රේමීන් ද ? දේශප්‍රේමය යනු කුමක්ද ? (දිල්)