ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපති ධුරය දරන නිසා පොදු රාජ්‍ය මණ්ඩලයට දෙන වාර්ෂික ආධාර ඉදිරියේදි නැවැත්වීමට තීරණය කර ඇතැයි කැනඩාව අද (16) නිවේදනය කළේය.
පොදු රාජ්‍ය මණ්ඩලයේ අනෙකුත් ව්‍යාපෘති සඳහා ලබාදීමට තීරණය කර ඇති කැනඩා ඩොලර් මිලියන 20 මුදල (රුපියල් කෝටි 237ක් පමණ) ,වෙනත් යෝජනා ක්‍රම සඳහා ලබාදෙන බව ද කැනඩාව සඳහන් කරයි.
1983-2009 කාලයේ ශ්‍රී ලංකාවේ පැවති යුද්ධයේදි සිදුවීයැයි කියන මානව හිමිකම් චෝදනා ලංකාව ප්‍රතික්ෂේප කරන බවත්, ශ්‍රී ලංකාවේ සිදුවූ ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝණය වීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවත්, වගවීම් සම්බන්ධයෙන් ක්‍රියාකිරීමට ලංකාව අපොහොසත් වීම සම්බන්ධයෙන් අවධානය යොමු වී ඇති බවත් කැනඩා විදේශ ඇමැති ජෝන් ඛෙයාර්ඩ් කීවේය.
ශ්‍රී ලංකාවේ පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව කැනඩා අගමැති වර්ජනය කළේය.
(ඒඑෆ්පී ඇසුරෙනි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ හරි. (ත)
ඕකට ද දැගළුවේ? (ත)
කැනඩාව ලස්සන රටක් උනත් එහෙ මිනිස්සු කරන තිරිසන් දේවල්වල හැටියට කොහොමත් ඔවුන්ගේ ආධාර-අනුබල අපේ රටවලට වැඩකුත් නැහැ ඒවා යාදෙන්නෙත් නැහැ. මේ කාලේ සීල් මත්සයින්ගේ පැටවුන් දහස් සංඛ්‍යාවක් අමු අමුවේ මරන්න පටන් අරන්. එම මස් පවා විකුනන් කන ජාතියක් තවත් එවැනිම මිලේච්ඡ ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටීම අරුමයක් නෙමෙයිනේ.(නදී)
කපන්න බැරි නම් කැමති දෙයක් කර ගත්තදෙන්. ඒ ගොල්ලන්ගෙන් ආධාර නැති වුනාට වෙනත් විචාර බුද්ධියෙන් යුතු රටවල සහය අපට තියනවා. (නදී)
අනේ කුද ගහ ගන්න කියන්න එයාල කරන වැඩ දන්නවා නම් බල්ලෝ බත් කන්නෙත් නැහැ .(නදී)
කැනඩාව ලංකාව පමණක් නොව, දේශ ගවේෂණය යැයි කියමින් රටවල් ආක්‍රමණය කළ ඔය මානව හිතවාදී සමහරු කතා කරන්නේ කොහොමදැයි නොතේරේ. (නි)
සීනි නැතුව තේ බොන්නම්. හාල් නැතුව බත් කන්නම්. එහෙම වෙයිද? (නි)
ඕක මොකක්ද? එයාලා නැතුවට වෙන අය ඉන්නේ? (නි)
හරි වැඩේ. අපිට දැන් මොනවා වෙයිද? (නි)
නුඹලාට කළ හැක්කේ ඔය ටික පමණි. (නි)
ඒ කියන්නේ අපේ හතුරෙක්. කොටින්ට උදවු කරන අය වහාම ඉවත් කරන්න (නි)
පුලුවන් තරම් කොටි පෝෂණය කළ අය දැන් කිඹුල් කඳුලු හෙළනවා.මෙච්චර අපිට කෙනෙහිලිකම් කරද්දී තානාපති සබඳතා තවදුරටත් පවත්වාගෙන යා යුතුද? (නි)
අපිට ඔහේලාගේ මුදල් අවශ්‍ය නැහැ. අපේ මුතුන් මිත්තෝ පිනට කාපු උත්තමයෝ නොවෙයි.අපිට අපේ රටේ ඕනෑ තරම් දේවල් තිබෙනවා, කුස පුරවාගන්න.... (නි)
පාඩුව ගම්වල ඉන්න දුප්පත් ජනතාවට තමයි.භාණ්ඩ මිළ වැඩිවේවි, රෝහල් වල බේත් හිඟවේවි. තව ප්‍රශ්න ඇති වේවි. නමුත් පාලකයෝ කියාවි අපිට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. (නි)
මොලේ කල්පනා කරලා වැඩ කරන්ඩ ඕන (අ)
අපිට කිසිම පාඩුවක් නැහැ ඔය සල්ලි නැතුවට. කොටින්ටම ඒ ටික දුන්නම හරි.(නදී)
කොටි සංවිධානය නගා සිටුවන්න උදව් කරනවා කියන්නේ ඉදිරියේදී සිංහලයන්ටත් ජීවිතය බේරා ගැනීම සදහා කැනඩාවේ සහ යුරෝපයේ දේශපාලන රැකවරණ පැතීමට සිදුවිමයි. අපේ ආණ්ඩුවේ දේශපාලකයන්ගේ , තානාපති අංශයේ දුර්වලකම නිසා තමයි මේ ප්‍රශ්න විසදා ගත නොහැකි වී තිබෙන්නේ.(නදී)
අනේ අපේ ආධාර කපන්න එපා එහෙම කරොත් කොහොමද අපි රේස් පදින්නේ? (නදී)
කාල වරෙල්ලකෝ! දැන් ඉතින් දඬු කදේ තමයි.(නදී)
ආණ්ඩුවක් විසින් කළ යුතු දේ දේශපාලන වාසි තකා නොකර සිටීමේ හේතුවෙන් මේ තත්වය දිනෙන් දින උග්‍ර වෙනවා. ආණ්ඩුවට නියපොත්තෙන් කපන්න තිබුන ගස් මෙහි බලෙන් පදිංචි වූ මිනිසුන් විසින් රජයේත් අනුමැතිය ඇතිව බුල්ඩෝසර් යොදා බිම පෙරලා තියෙනවා. රටකට ගිය කල.(නදී)
බරපතල කාරනාවක්.(නදී)
කොටින්ට සල්ලි එකතු කරනකොට නම් මානව හිමිකම් මොනවත් බැලුවේ නැහැ. මේවා චඡද ගන්න කරන වැඩ.(නදී)
කරුණාකරලා ඔයටිකත් කොටින්ට ම (ස)
රටේ දේශපාලකයෝ හා රාජ්‍ය නිලදාරීන් හොරකම් නොකර කොමිස් නොගෙන සැම පුරවැසියකුම තමන්ට අයිති වැඩ කොටස අවංකව ඉටු කරනවානම් අපට ඔය ආධාර නැති වුනාට කමක් නැහැ. (ස)
කොටියට දෙන්න වන්න ඇති (ස)
කැනඩාවේ ආධාර නැතුවට කමක් නැහැ අපේ ජනාධිපතිට සල්ලි තියෙනවා. ඒ සල්ලි වලින් රට සංවර්දනය කරන්න පුළුවන් , අපිට කාගෙවත් ආධාර ඕනේ නැහැ.(නදී)
කැනඩාව හිතාගෙන ඇති කොටි හිතවාදින් උන්ගේ පස්සේ ගිහින් හිගා කෑවට සිංහල අපිත් ඒ වගේ කියල. (නධී)
කොටි ගොතන බොරු වලට මේ මිනිස්සු රැවටිලා. චන්ද ටික නැතිවෙයි කියල බය ඇති. කොහෙත් ඉතින් චන්ද වලට කරන ප්‍රෝඩාව.(නදී)
කැනඩා ආදාර අරගෙන උන්ට ඕන ඕන විදියට නටන්න අපේ ජනාදිපතිතුමා ලැස්ති නැති නිසා උන්ගේ ආදාර දෙන්නැ රුපියලක් දීලා රුපියල් පහාක් ගන්න බලන හිගන්නෝ.(නදී)
අපිට ආදාර ඕනෑ නැ. අපිට ඕනෑ තරම් සල්ලි තියෙනවා. අපිට චිනෙන් නය ගන්න පුළුවන්. (නදී)
ඔය ආධාර ලැබුනත් අපිට වැඩක් නැහැ ජනතාවට සෙතක් නැහැ.(නදී)
කැනඩාවට, කැනඩාව කියන්ඩ එපා. ශ්‍රීලංකන් ඊළාම් කියන්න. ලගදීම කැනඩාවෙත් ඊලමක් ඉල්ලුවහම තමයි මෝඩ කැනේඩුවන්ට තේරන්නේ කොටින්ගේ තරම.(නදී)
බල්ලෝ බුරති සඳ බැබලෙති .(නදී)
අපි නම් බය වෙයි ඕවට. අපිට චීනය ඉන්නවා. (නි)
ආධාර නැති තරමට හොඳයි. (නි)
අපේ රටේ මානව හිමිකම් කඩවීම සිදුවුණාද නැද්ද යන්න සහ ඒ කොයි පාර්ශවයෙන්ද යන්න ගැන හරියට දන්නේ අපේ රටේ ඉන්න මධ්‍යස්ථ පුරවැසියන් මිස අපේ රට ගැන අමුතු කැක්කුමක් අලුතින් ඇතිකරගත්, කොටින්ට කිරිපොවා පෝෂණය කරන රටවල් නොවෙයි. අපේ රටට දුන් ජී.එස්.පී. ආධාරය යුරෝපා හවුල විසින් කැපුවා කියා අපි වැටුනේ නැහැ. අපේ රටත් හැකි ශක්තියෙන් ලෝකයේ අනෙක් රටවල් සමඟ සහයෝගයෙන් සාර්ථක විදේශ ප්‍රතිපත්තියක් මත ගමන් කළ යුතුයි. ලෝකයේ සමාජවාදී රටවල් තිබෙන තාක්කල් අපි වගේ දුප්පත් රටවලට බියක් ඇති කර ගත යුතු නැහැ. ජාති ආගම් භේද වලින් තොරව අපේ රට රැක ගැනීමට සියල්ලන්ම එකතු විය යුතුයි. අපි අපේම වීම වැදගත් වෙනවා. (නි)
මේ අලුත් අවුරුද්දේ මගේ පළවැනි ප්‍රතිචාරයයි. තවත් අාධාර මත යැපෙන ජාතියක් නොවී අපි දෙපයින් හිටගන්න තීරණය කරලා ඉවරයි. තව වසර කීපයකින් ඕනෑ නම් අපි කැනඩාවටත් ආධාර කරන්නම්. හැබැයි ඊළම නම් සිහිනයක්ම පමණයි (නි)
මේ හැම දෙයකටම මුල හරි විදේශ ප්‍රතිපත්තියක් නැති කමයි ,එවෙනි පළපුරුදු ඇමති,සහ නිලදාරීන් නැති කමයි.(නදී)
ඔය කොටි අවතාර. ඔය හොල්මන් කිරිල්ල තව කාලයක් යනකම් නවතින එකක් නැහැ. අපි නොබියව ඔලුව කෙලින් තියන් කල්පනාවෙන් වැඩ කරමු.(නදී)
මානව හිමිකම් කියන්නේ ඔව්ව විතරක් නෙමෙයි. මමත් කැනඩාවේ අවුරුදු ගානක් ඉඳල ද්විත්ව පුරවැසි කම ගන්න හදනකොට මේ ආණ්ඩුව ඒක නැවැත්තුවා. අපේ ටැක්ස් කපන සල්ලි තමයි කැනඩා ආණ්ඩුව මෙහෙම රටවලට දෙන්නේ. මම අවුරුදු ගණනක් බලන් ඉන්නවා ලංකා පුරවැසි කම ගන්න. මේ පනත අද ගේනවා හෙට ගේනවා කියකිය ඉන්නවා තාමත් නෑ. අපේ අම්මල තාත්තල වයසයි දැන්. ලංකාවට එන්න විදියක් නෑ වීස ගන්නේ නැතුව. (නදී)
අපිටනම් කොහොමත් කාගෙවත් ආදාර අවශ්‍ය නැහැ. හොරා කන එක නැවත්තුවොත් ඇති.(නදී)