බටහිර අපි‍්‍රකාවේ ගිනී රාජ්‍යයට ගෙන ගොස් නීති විරෝධී ලෙස ශ‍්‍රී ලාංකිකයින් කැනඩාවට සංක‍්‍රමනය කරවීමේ අළුත්ම මිනිස් ජාවාරමක සුල මුල හෙළිකර ගැනීමට හැකි වූ බව ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතා කියයි.
ගිනී රාජ්‍යය බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට අද අලුයම පැමිණි නාවලපිටිය පදිංචි ශ‍්‍රී ලාංකික තරුණයෙකුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී මෙම තොරතරු අනාවරණය කරගැනීමට හැකි වූ බවද හෙතෙම කීය.
එල්.ටී.ටී සංවිධානයට සම්බන්ධකම් දක්වන පිරිසක්, ගිනී රාජ්‍යයේ මිනිස් ජාවරමුන් සමග එක්ව මෙම ජාවාරම මෙහෙයවන බව පැවසේ.
අද පිටත්වීමේ පර්යන්තය බාරව රාජකාරී කළ ප‍්‍රධාන ආගමන විගමන නිළධාරී ජයන්ත රත්නායක මහතා විසින් එම තරුණයාගෙන් දීර්ඝ ලෙස ප‍්‍රශ්න කොට මේ බව සැකහැර දැනගෙන ඔහුගේ ගමන වලක්වා ඇත.
පසුව රත්නායක මහතා විසින් මේ පිළිබඳ විශේෂඥ උපදෙස් ලබා ගැනීම සඳහා කැනේඩියානු මහකොමසාරිස් කාර්‍යාලයට දැනුම් දෙනු ලැබ එහි පළමු ලේකම් ගැරී වොලස් මහතා ද අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ තිබේ.
ආගමන විගමන පාලක ජනරාල් චූලානන්ද පෙරේරා මහතාගේ උපදෙස් මත ප‍්‍රත්‍යන්ත කළමනාකරණය හා වීසා කටයුතු බාර පාලක එම්.එන් රණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප‍්‍රධාන ආගමන විගමන නිලධාරී ජයන්ත රත්නායක මහාත ඇතුළු නිලධාරීහු විමර්ශන සිදු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙන් හොරෙන් ගිය අය හින්දා තමා අද ආණ්ඩුව පඩි ගෙවන්නේ. ඔය අල්ලපු එකාගේ පඩිය ගෙවන්නෙත් හොරෙන් රට ගිය අය කියලා දන්නේ නැතුව ඇති.(නදී)
අනේ මන්දා, මොකටද මේ මිනිස්සුන්ව අල්ලන්නේ? පුළුවන් තරම් එහෙම ගියොත් ලංකාවට නේද වාසි වෙන්නේ (නි)
මිනිස්සු විවිධ ආකාරයට පිටරට යන්නම දඟලන්නේ මොකද? කාන්තාවෝ ඉඩම උකස්කරලා මැදපෙරදීග යන්නේ මොකද? ලංකාවේ බහුතරයක් සිංහලයෝ දුප්පත්. ජීවන බර උහුලන්න බැහැ. දරුවන්ට කන්න බොන්න අඳින්න දෙන්නේ කොහොමද? රටේ දුෂණය, අසාධාරණය, අයුක්තිය, බොරුව, දුප්පත්කම රජයනවා. මිනිස්සු බලනවා පිට රටකට ගිහින් හම්බකරගෙන එන්න. දුප්පත් මිනිස්සුන්ගේ ආර්ථිකය නංවන වැඩපිළිවෙලක් තියනවද? ඔයවගේ දේවල් අල්ලලා විතරක් මදි, මිනිස්සුන්ට හොඳ ජීවන මගක් හදල දෙන්න ඕනෑ. මම දන්නා කෙනෙක් පිට රට ගියේ ආයේ කවදාවත් ලංකාවට නම් එන්නේ නැහැ කියලා. මිනිස්සු සැප වැඩි නිසා නෙමෙයි ලංකාවේ ඉන්නේ. (නි)
ඒ වගේ අය ලංකාව විනාශ කරලා, ඉන්න බැරි තත්වයක් හදලා, රට පැනලා ඒ රටවලුත් විනාශ කරලා දාවි ටික කලකින් (නි)
ඉතින් ලංකාවටනේ හොද. ඒත් හොරෙන් නම් යන්න හොද නැහැ. අහු වුනාම ලංකාවේ අපිටමයි හොද නැත්තේ. ඉතින් ලංකාවේ ඉන්න අයට කැනඩා වලට යන්න හොද මගක් රජය ජනතාවට හදලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා. (නි)
වහාම ක්‍රියා මාර්ග ගත යුතුයි. නැත්නම් බටහිර අප්‍රිකාවේ ටෝගෝ රටේ සිදුවීම වගේ 209 දෙනෙක් අතරමන්. කව්ද මේ සම්බන්ද පුද්ගලයන්ව අල්ලන්නේ?(නදී)
වහාම ක්‍රියා මාර්ග ගත යුතුයි. (නි)
මේ වැඩේ කෙන්යා වලත් වෙනවා. එහෙ ඉන්නවා කෝටිපති එල් ටි ටි අය. එයාලා සිංහල අලුත් අවුරුදු උත්සවයට ආවත් ජාතික ගියට නැගිටින්නේවත් නැහැ. ඉන්න සිංහල අයත් කට වහගෙන ඉන්නවා (නි)
අපේ මිනිහෙක් ඔය රටකට ගියා කියන්නේ ලංකාවට විතරක් උරුම වුන අපේ සිංහලකම ලොවපුර ව්‍යාප්ත වීමක් නේද? (නදී)
විදේශ සංක්‍රමණ හොර පාරෙන් යාම නීති විරෝධී ක්‍රියාවක් තමා. අපි පිළිගන්නවා මේ රටේ තරුණ පිරිස් වලට සරිලන රැකියා දීමට අපොහොසත්කම නිසා මෙහෙම වෙනවා කියලා. කැනඩා වලට හොර පාරෙන් යනවා වෙනුවට ,නියම පාරෙන් යනවිදිය ගැන මේ ආපු නිලධාරියාගෙන් උපදෙස් ලබාගන්නේ නම් රජයත් ,ජනතාවත් ,පෙලෙන ප්‍රශ්න වලින් මුදවා ගැනීමක් . මේ ගැන නිලධාරීන් ධනාත්මකභාවයෙන් කටයුතු කිරීම යහපත්ය . (නි)
මම නම් නඩු දානවා මට එහෙම මෙහෙම කරානම්. කාටවත් මොකද ගිනි රාජ්‍යයට බැරිනම් අයිස් රාජ්‍යයට ගියාම. හරියට විසා අරගෙන තියෙනවනම් ගිනි රජයට ගියාට පස්සේ එතනින් එහා වෙන දේවල් ගිනි රාජ්‍යයයි, කැනඩාවයි බලාගනීයි.(නදී)
ඒ මනුස්සයාගේ බලාපොරොත්තු සියල්ල සුන්.(නදී)