හොරණ පොකුණුවිට වැලිකලදී පාර මැද නවතා තිබූ කුඩා ලොරියක් කන්ටේනරයක හැපීමෙන් ලොරි රියදුරා (26)මරුමුවට පත්වූ බව පොලීසිය කියයි. පොලීසිය සඳහන් කරන ආකාරයට මේ දෙදෙනා අතර මුලින්ම බහින් බස් වීමක් වී ඇත. ඉන්පසුව ලොරි රියදුරා කන්ටේනර් රියට ඉස්සර කිරීමට ඉඩ නොදෙමින් වෙට්ටු දමමින් කිලෝ මීටරයක් පමණ සිය වාහනය ධාවන කැර ඇත. කන්ටේනරය ලොරියේ හැපී ඇත්තේ එසේ වාහනය පාර මැද නතරකළ අවස්ථාවේදි බවත් අනතුරෙන් පසුව කන්ටේනර් රියදුරා පලාගිය බවත් පොලිසිය ලුහුබැඳගොස් ඔහු අත්අඩංගුවට ගත් බවත් දැනගන්නට ඇත. 48 හැවිරිදි කන්ටේනර් රියදුරාට එරෙහිව මනුෂ්‍ය ඝාතන චෝදනා නගන බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බට්ටෝ ඉන්න ඕනේ ඒගොල්ලන්ගේ තරමට. (ස)
මේ අවසාන සිදුවිම නොවේ. ත්‍රිරෝද රථ බට්ටා ලොරි පාරට දැම්මම ඒවා ඉස්සරහින් යන වාහන ඉතා භයානක විදියට ඉස්සර කරන අවස්ථා මම නං ඔන තරම් දැකලා තිෙයනවා ඒයාලට ඔන හැමෝටම ඉස්සර වෙලා යන්න. රථවාහන පොලිසිය තියෙන්නෙ යන වාහන නවත්තලා දඩ ගහන්න විතරයි. අපරික්ෂාකාරිව පදවන මෝටර් සයිකල්, ත්‍රි විල්, ජීප්, බස් රථ දැක්කත් අහක බලා ගෙන ඉන්නවා....(අ).....
අනික මේ බට්ටා ලොරිය මියගිය අයගේ වෙන්න බැහැ. අයිතිකරු විදියට කවදාවත් වෙට්ටු දමා දමා පදවන්නේ නැහැ. (ස)
කළකම් පල දුන්නා වද්ද? (නි)
ඩිමෝ බට්ටෙක් කන්ටේනර් කැමියොන් ලොරියක් එක්ක හැප්පෙන්න ගියා නම් හාල්මැස්සෙක් මෝරෙක් සමග හැපුනා වගේ තියෙන්න ඇති.(ස)
බට්ටාගේ වැරැද්ද මම නම් කියන්නේ (නි)
පාරේ ගිය අමනුස්සයෙක්.(ස)
කන්ටේනර් රියදුරා චන්දෙ ඉල්ලන්ඩ සුදුසුකම් ලබලා තියනවා. (ස)
මෙයාලට මේ වෙසක් මාසේ කියල අමතකවෙලා..(ස)
කන්ටේනර් රියදුරාට ඒ සිද්ධිය මතක නැහැ කියයිද දන්නේ නැහැ? (නි)
* පුංචි අපට දෙන්න ඉඩක් * මෙ වචන ටික වාහනෙ පිටුපස ලියා ගත්තම සමහර පුංචි වාහන පදවන රියදුරන් හිතනවා මුලු පාරම ඒ අයට ඕනෑ විදියට තම අණසකට ගන්න පුලුවන් කියලා (නි)
අමතක කරන්න එපා. බට්ටා ලොරියක් නැත්නම් ත්‍රී වීලරයක් ගත්ත බොහෝ දෙනෙක් හිතනවා පාරේ ලොක්කා විතරක් නොවෙයි ලෝකෙටම ලොක්කා කියලා. අධික බරක් රැගෙන යන විශාල ලොරි වලට විශේෂයෙන්ම වැසි බර දිනවලදී පාරේ මැදින් ආරක්ෂිතව යන්න ඉඩදෙන්න ඕනෑ (නි)
මේ දෙන්නම වැරදියි. හැබැයි, ලොරි රියදුරා ඉල්ලගෙන කාපු බවයි පෙනෙන්නේ. පාර මැද ලොරිය නැවත්තුවාම කන්ටේනරයක් කොහොමද එක්වරම බ්රේක් ගහන්නේ? (නි)