අප්‍රිකාවේ කොන්ගෝවේ ථේරවාදී හාමුදුරු නමක් සියලුම බෞද්ධ වැඩ සටහන් ක්‍රියාත්මක කරයි.
උන්වහන්සේ පැවිදි වුයේ මිට වසර පහකට පමණ පෙරදීය. උන්වහන්සේගේ නම බෝධිරාජ හිමිය. දැනට කොන්ගෝ නගර හතරක උන්වහන්සේ මේ වනවිට විහාරස්ථාන හතරක් ඉදිකර ඇත. ටැන්සානියාවේ වැඩ වසන ඉලුක්පිටියේ පඤ්ඤාශේකර නාහිමියන්ගේ අනුසාසනා මත කටයුතු කරන උන්වහන්සේ කොන්ගෝ වැසියන් විශාල ප්‍රමාණයක් මේ වනවිට බෞද්ධ දර්ශනයට එක්කර ගැනීමට සමත්ව සිටිති.
පසුගිය මාසයේ චීනයේ පැවැති බෞද්ධ සම්මේලනයකටද සහභාගිවූ උන්වහන්සේ සැප්තම්බෙර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෞද්ධ සම්මේලනයකටද සහභාගිවීමට නියමිතය. ටැන්සානියාවේ 1920 දී රෝපණය කර ඇති පුරාණ බෝධීන් වහන්සේගෙන් ලබාගත් බෝධි ශාකාවක් මෑතදී එහි වැඩ වසන වැඩ වසන ඉලුක්පිටියේ පඤ්ඤාශේකර නාහිමියන් වෙතින් ලබාගත් උන්වහන්සේ එයද කොන්ගෝවල රෝපණය කළහ.
මුන් වහන්සේ ඉතාමත් සංඝ ශෝභන ගුණයන්ගෙන් යුක්තවූ ආදර්ශමත් හිමිනමකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සංසාරයේ කරන ලද පිනක මහිමයෙන් නැවත ශ්‍රී සද්ධර්මය ඇසුරු කිරීමට අවස්ථාවක් ලැබිලා. එය මේ සංසාර ලෝකයේ දුර්ලභම දෙයක්. සසර බිය දැක, ඉන් එතෙරවීමට ඔබ සියලු දෙනාට වාසනාව ශක්තිය උදා වේවා. සාදු ..! සාදු ..!(නදී)
මේ අයට ධර්මය තවත් ප්‍රචාරය කිරීමට උපකාර කිරීමට අපගේ දාන පතියන්ට සිත් පහල වේවා.(නදී)
එතකොට අන්‍යාගමිකරණය බලපාන්නේ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (දී)
බන්දුල මහත්තයා, ඔයාට මල් මිටක්! මට හිතෙන විදිහට මෙතන හොදම අදහස ඒක සහ 100% සත්‍ය කතා කලේ බන්දුල මහත්තයා. අවිහිංසාවාදී දහම වෙනුවෙන් මැරෙන්න කට්ටිය ඉන්නවා හැබැයි පිළිපදින්න කව්රුත් නැහැ (දී)
මම ඉතාමත් සතුටට පත්වුනා මෙමෙ පුවත දැකලා.සතුට අනන්තයි.ජීවිතේ දැකපු හොඳම තොරතුරක්.කොන්ගෝ බුදුදහම දිනේවා! (දී)
මේ ෆර්සන් සහෝදරයා බුදු දහම අනුව ජීවත් වෙන මිනිස්සු ඕන තරන් ඉන්නවා ඔයා බුදු දහම සුරංගනා කතාවක් කිව්වට අනිත් හැම දහමටම වඩා වැඩි දෙයක් ඒ දහම තුල තියෙනවා.බුදු දහම අනුව ජීවත් වෙන මිනිස්සු ඕන තරන් ලංකාවේ ඉන්නවා කියල මතක තියාගන්න. (අ)
ඉතා වටිනා ලිපියක් වගේම වටිනා වැඩක්. ලංකාදීපයට ස්තුත්යි මේවා අපිට පෙන්නනවාට (දී)
මොනම ආගමක් වේවා එහි තුල ඉගැන්විය යුත්තේ අවිහිංසාවාදයි. බුදුදහම කියන්නේ ඒවගේ කාටවත් හිංසාවක් නැති පැහැදිලි දර්ශනයක්. මම දකිනවිදියට ආගමක වැඩ වැඩි යමක් එතුල තියෙනවා. ඉතින් ඒවගේ දහමක් ලෝකයේ කොච්චර පතුරුනත් කමක් නැහැ මොකද මිනිස්සුන් එයින් වැඩ දී පුද්ගලයන් වන නිසා (අ)
අන්‍යාගම්කරණය යනු මිනිසුන්ගේ අපහසුතා ඉලක්ක කරගෙන මුදල් මත ආගමක් වෙනස් කිරීමට ලක්කරන්නා වූ අමානුෂික ක්‍රියාවකි. නමුත් තමන්ගේ දැක්මට අනුව තමන් කැමති ආගමක් ඇදහීම හෝ වෙනත් ආගමක් කෙරෙහි යොමු වීම මානුෂික අයිතිවාසිකමකි (දී)
නරකද ට මුලින් නිවැරදි බුද්ධාගම ඉගැන්නුවොත්, අපේ අයට? විශේෂයෙන්ම සමහර චීවරධාරින්ට. මොකද එයාලා දන්නේ නැහැ බුද්ධාගම කියන්නේ අවිහිංසාවාදී දහමක් කියලා (දී)
අනේ මන්දා. මට බය එහෙ අලුත් සංවිධාන ආරම්භ ආරම්භ වෙයි කියලා, අන්‍යාගම්කරණයට එරෙහිව. (දී)
බුදු දහම ලොව බැබලේවා.එය අනේක දුක් කරදර මැද රැකගත් සිංහල භික්ෂු පරපුර තවත් දිගුකල් රැකේවා! (දී)
අනාගතයේදී බුදුදහම ලෝකය පුරාම පැතිරෙනවා. ඒක ඒකාන්තයි (දී)
මේ ආකාරයට මුලු ලොවටම සත්‍ය පැතිරේවා! (දී)
කවදාහරි සත්‍ය ජය ගන්නවා. ඒක කාටවත් වලක්වන්න බැහැ (නි)
සරු දෙය සරු වශයෙන්ද නිසරු දෙය නිසරු වශයෙන්ද අවබෝධ කරගන්න කියලා දැම්ම පදයේ ගාථාවක් තියෙනවා. බුදු දහම අවබෝද කරගන්න පින් කරලා තියෙන්න ඕනෑ. ඒ වගේම බුද්ධ ධර්මය තියෙන රටක ඉපෙදෙන්න , පින් කරලා තියෙන්න ඕනෑ. ලංකාවේ ඕනෑම ධර්මයක් දේශනා කරන්න තහනමක් නැහැ. හැබැයි බලහත්කාරයෙන් අනිසි ලෙස, වෙනත් ආගමකට හරවා ගැනීමට තමා අපි විරුද්ධ. අවබෝධයෙන් ඕනෑම දහමක් අදහනවා නම් කිසිම ගැටළුවක් නැහැ. කොහොමත් අනාගතයේදී බුදු දහම මේ මුළු ලොවම සුවපත් කරාවී. බුදු දහමේ තියෙන කරුණාව, මෛත්‍රිය, ලෝකයේ අනිත්‍ය බව, වෙනස් වන ස්වබාවය, හොදින් පැහැදිලි කරලා තියෙනවා. කෙසේ වුනත්, නිර්මල බුදු දහම ඇති රටක ඉපදී ඉන් ප්‍රයෝජන ගැනීමට නොහැකි වීම නම් පවකි.ඒ නිසා පින් ඇති සියලු සත්වයෝ බුදු දහම අවබෝධ කරගෙන මේ සංසාර දුකෙන් මිදෙත්වා! (දී)
ධර්මය අවබෝධ වෙන්නේ ,ඉන්ද්‍රිය දියුනු වෙලා තියෙන විදිහටයි .මොන කෙනාගේ ඉන්ද්‍රිය වැඩිලද කියලා කාටවත් බලන්න බැහැ. එනිසා කාටවත් අපහාස කරන්න එපා. මෙත් වේවා! (දී)
යමෙකුට බුදුරජාණන් වහන්සේ වදාළ ලෝකයේ පරම සත්‍ය දහම අවබෝධ කරගැනීමට උපකාර කිරීම , අන්‍යාගමිකරණයක් ලෙස දකින්න එපා. ඔබ කුමන ආගමක් ඇදහුවත් , කුමන ශාස්තෘන් වහන්සේ කෙනෙකුට ගෞරව පුද පූජා පැවැත්වුවත් ,මේ සංසාර ලෝකය ගැන මනා අවබෝධයෙන් කටයුතු කිරීම ඔබට දෙලොවම යහපතක් වෙන කාරණයක් (දී)
අපේ බෞද්ධයින් මේ වගේ රටවල දුප්පත් අයට ආධාර කල යුතුයි (දී)
සාදු! සාදු!!සාදු!!! ශ්‍රී සම්බුදු දහම ලොව දසදෙස පැතිරේවා! (දී)
ෆර්සාන් සොයුර, අපරිමිත කරුණාවෙන් සහ අසීමිත දයාවෙන් යුතුව ඔබෙන් පැනයක් අසමි.ඔබ සිතින් ලස්සන මලක් සිතා ගන්න. ඉන්පසු ඔබ සිතාගත් ඒ මල අතට අරන් පෙන්වන්න ඔබට හැකිද? කෙනෙකුගේ අධ්‍යාත්මය ද එසේමය (දී)
ථෙරවාදී බෞද්ධයින් ඉස්ලාම් හා ක්‍රිස්තියානි රටවලට ගොස් ඒ අන්‍යාගමිකයින් මෙවන් යහපත් දැක්මකට හරවා ගැනීම අගය කළ යුතු දෙයකි. (දී)
සතුටුදායක ආරංචියක්.(නදී)
බුද්ධාගමට ජය වේවා .ලෝකේ තියන එකම සත්‍ය (අ)
කමල් , ඔයා ඉස්ලාම් ආගම ගැන අවබෝධයෙන් තොරයි. අදට ලෝකයේ පවතින සත්‍ය,ජීවමාන හා ප්‍රායෝගික එකම ආගම ඉස්ලාම් ආගමයි.එය ආරම්භ වුණ රටවල 100% අනුගමනය කරන අතර ලෝකයේ අන් රටවල බලපෑමකින් තොරව ඉතා සීග්‍රයෙන් පැතිරයයි. මෙයයි පරම සත්‍යය. ඔබට බුදුදහම හා ඉස්ලාම් ආගම අතර සංසන්දනාත්මක විග්‍රහයක් අවශ්‍ය බව පෙනේ. ඔබේ අවබෝධය වැඩිකරගැනීමට අන්තර් ජාලයේ යු ටියුබ්හි බොහෝ කරුණු කාරනා ඇත. (නි)
බුදු දහමේ සිසිලස සියලු මහද්වීප කරා පැතිරේවා ! බුදුරජාණන් වහන්සේ එදා බලෙන් බුදුදහමට බඳවා ගත්තේ නැති අතර සත්‍ය වැටහී මිනිසුන් බුදුදහම වෙත ඇදී ආවා. නීති දාලා බෙලි කපලා ආගමකින් මිනිස්සු හදන්න අමාරු වන අතර තව නොබෝ දිනකින්ම මද පෙරදිග වගේ රටවල් වලිනුත් මේ ආරංචිය අසන්න ලැබේවි. (අ)
ඉෂාරා දුලාණි, අපි ලංකාවට එන්න ප්‍රථමත්,දැනුත් සත්ව ඝාතනය සිදුවෙනවා සියලුම කුණු මුස්ලිම් ප්‍රජාවට බැර කරන්නේ මන්ද? ලංකාවේ ආදිවාසීන් තවමත් මාංශ බුදිති,කතෝලියන්ට ඌරු මස් නැතිවම බැරිය,අපිත් ආසාවට කනවා නෙමෙඉ,අඩු වියදමකින් වැඩි ප්‍රෝටීන් ප්‍රමාණයක් ලැබෙන නිසාය.ලක්ෂ 15 වැනි මුළු මුස්ලිම් ප්‍රජාවම වැජිටරියන් උනොත් එළවලු මිල අසාමාන්‍ය ලෙස ඉහළයනු ඇත.එය වක්‍රාකාරව මස් මාංශ නොකන ජනතාවට බඩට තද පහරක් විය හැක. (දී)
නාත්, ගිම්හානි, අන්‍ය ආගම්කරණයයි තමන් ආගම තේරුම් අරගෙන ඒ ආගම පිළිගන්න එකයි දෙකක්. මෙතන කව්රුවත් සල්ලි හෝ වරප්‍රසාද දීලා ආගම වෙනස් කරලා නැහැ. ලංකාවේ වුනත් තමන් කැමති ආගමකට ගියා කියලා කව්රුවත් ගිනි තියාගන්නේ නැහැ. කව්රුවත් පෙළපාලි යන්නෙත් නැහැ.සල්ලි දීලා එහෙම නැත්තම් අහිංසක මිනිස්සුන්ව රවට්ටලා ආගම මාරු කරන එක තමයි වැරදි. (දී)
තවත් විස්තර පහල ඇති වෙබ් අඩවියෙන් බලාගන්න පුළුවන්. http://www.dmc.tv/page_print.php?p=en_news/Upasika_Kaew_Congo.html (දී)
ෆර්සාන්, මට කියන්න බලන්න එකම මුස්ලිම් භක්තිකයෙක්වත් නබිතුමා කියපු විදිහටම ජීවත් වෙනවද කියලා. බොහොම පොඩි දෙයක් මම කියන්නම්. සෞදිය, ඉරානය කුවේටය වගේ රටවල ආගම නමැති තීන්දුවෙන් මිනිසුන්ව තදවෙන්න ගැට ගහගන ඉන්නවා කියලයි මට හිතෙන්නේ. (දී)
සාදු සාදු සාදු! (දී)
බුද්ධාලම්බන ප්‍රීතියෙන් සිත් අලවන මෙවැනි පුවත් දිනයක් දිනයක් පාසා ලොව සතර දෙසින් රැව් නැගේවා! සාදු... සාදු... සාදු...!!! (නි)
බුදුදහමින් ලෝ වැසියන් සුවපත් වේවා.උන්වහන්සේට නීරෝගි සුව ලැබේවා! (දී)
ගිම්හානි කියන දේ හරි.මෙතන ගොඩාක් අය සාධු කියන්නෙ තමන්ගේ ආගමට හැරෙනකොට තමයි.එහෙම නැතුව අවබෝධයකින් නෙවෙයි. වෙන ආගමකට හැරුනා කියලා දැම්මා නම් ද්‍රෝහියෝ (දී)
ඇපල් වුනත් වවන තැන්වල ගණන් ගන්නේ නැහැ. අපිටත් ඇති තරම් තියෙන නිසා ගානක් නැහැ. අහන්න , දකින්න ලැබීමත් සතුටක්. එසැණට ස්තුතියි. හිමියනි, ඔබට දිගාසිරි! (දී)
ලුලුම්බාගෙන් පසුව කොන්ගොවෙන් ගුණ සුවදක් දැනුන (අ)
යටත් විජිත කාලෙදී, වෙරළබඩ ජනතාවගෙන් කොටසක් සුද්දන්ගෙ බොහෝ කරදර, අකටයුතු, දූෂණයවීම් වලට ලක් වුනා. අවසානයේ ඔවුන්ගේ එකම ගැලවීම උනේ සුද්දන් ඉදිරියේ වැඳවැටී අන්‍යාගම් වැලඳ ගැනීමයි. එදා ජීවිත ආරක්ෂාව වෙනුවෙන් එසේ කලත් ඒ සහෝදර සහෝදරියන්ට දැන් අවස්ථාව තියෙනවා වරද නිවැරදි කර ගැනීමට. (දී)
එහේ මිනිස්සු පෙළපාලි යන්නෙ නැද්ද අන්‍යාගමිකරණය කරනවා කියලා. (දී)
හැබැයි ඉතින් මෙහෙ ඔය වගේ කළා නම් අපේ අහවල් කට්ටිය එයි කඩු පොලු අරගෙන මිනිස්සුන්ව වෙන ආගම් වලට හරවනවා කියලා. නැද්ද මං අහන්නේ? (දී)
මෙම වැඩ සටහන ඉතා හෝදයි කවදාහරි සත්‍ය ජය ගන්නවා. ඒක කාටවත් වලක්වන්න බැහැ ලෝක වාසි සැමටම තෙරුවන් සරණයි (දී)
"එතකොට අන්‍යාගමිකරණය බලපාන්නේ නැද්ද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ" ඔබ දන්නේ නැති ගොඩක් තිබෙන බැව් පෙනේ. කොහොම වුනත් මේ අය සන්තෝසම් දීලා බුද්ධාගමට හරවා ගත්ත අය නොවෙයි. මොකද බුද්ධාගමට හරවා ගන්න සන්තෝසම් දෙන්න කෙනෙක් නැත. දීමට අවශ්‍යද නැත. (නි)
ඉතාම වැදගත් ප්‍රවෘත්තියක්. මෙය පලකල කතෘ තුමන්ට දිර්ඝායුස වේවා.(නදී)
මම සෞදි අරාබිය ගැන යමක් කියන්න කැමතියි. මම එහෙ වැඩ කල කෙනෙක්. ඇත්තටම බුදුදහම ගැන දේශනා කරන්න ජනතාවට පැහැදිලි කරන්න එක මාසයක කාලයක් බෞද්ධ නායකයන්ට එම රටේ අවස්ථාව ලබා දෙන්නේ නම් එම රටෙන් බාගයකට වඩා මෙම සත්‍ය දහම වටා එක් වනු නොවනුමානය. වත්මන් සෞදි තරුණ පරම්පරාව යුරෝපය ආදී රටවල් වලින් උසස් අද්‍යාපනය ලබන පරම්පරාවක් වන බැවින් අනාගතයේදී ලොවටම පිළිලයක් වූ අන්තවාදී සෞදි පාලනය වෙනුවට වෙනත් මගක් ගත් රාජ්‍ය පාලනයක් දැකගත හැකි වනු ඇත. ලංකා රාජ්‍ය පාලකයන්ගේ පරම වගකීම විය යුත්තේ වරායවල් ගුවන්තොටවල් නොව මෙමෙ වටිනා දහම දිගු කල් රැකෙන මනා අඩිතාලමක් සහ එම දහම මෙතුවක් කල් රැකගෙන ආපු ජාතියේ අනාගතය සුරක්ෂිත කිරීම වේ.(නදී)
ගොඩක් කාලෙකින් දකින්න ලැබුන වාසනාවන්ත පුවතක් .(අ)
ලංකාදීප කතු මඩලට නැවත මගේ ගෞරවය පුද කරමි මෙම වැදගත් පුවත පල කළාට. මම ගූග්ලේ මගින් මෙම විඩියෝ පටිය නැරබුව. ඔබලාට මෙය නැරබීමෙන් තව දුරට විස්තර දන ගන්ට පුළුවන්. congoles women 'budist upashika kae w kongoley ඔබ සැමට තෙරුවන් සරණයි (අ)
බුදු සසුන බැබලේවා. සනත් රූපසිංහ.(නදී)
බුදු දහම මුළු ලෝකය පුරාම පැතිරේවා!එවැනි අවිහිංසාවාදී ආගමක් මුළු ලෝකයේම පැතිරෙනවා කියන්නේ ඇත්තටම සුබවාදී පණිවිඩයක්. සාදු සාදු සාදු! (දී)
ෆර්සාන්, ලංකාවේ හරක් මරන්න පටන් ගත්තේ කව්රු ආවට පස්සෙද? බුදු දහම ගැන විවෘත විවාදයකට එන්න මුහුණට මුහුණ මම එනවා ලංකාවේ ඕනැම තැනකට.(නදී)
සදු සදු, සදු "චරත භික්ඛවේ චාරිකං, බහු ජන හිතාය, බහු ජන සුඛාය, නිබ්බානාය සම්බෝධාය සංවත්තිති" බුදු වදන සිහිවේ . (දී)
ජයලත් කිව්වා වගේම මේක ඇත්තටම හරිම සතුටක්. ජීවිතේ දැකපු හොඳම තොරතුරක්. (දී)
සාදු සාදු සාදු හිත නිවෙන පුවත් , මෙය පලකල කෙනාට ගොඩක් පින් , මම කාරුණික ඉල්ලී මක් කරන්න කැමති ලංකාදීප බලන අයගෙන් , මෙත් සිත් වඩන වැකි පමණක් ලියන්න , බලන අයගේ ද්වේශය ඇතිවෙන අදහස් නොලියන්න. ඔබට එහෙම කරන්න පුලුවන්නම් ඔබ ඔබත් රැකිලා අන් අයත් රැක්කා වෙනවා. සැමදෙනාටම තෙරුවන් සරණයි.(නදී)
බුදු දහම අදහන ගොඩක් දෙනෙක් ආගම වෙනුවෙන් මැරෙන්න වුනත් සුදානම්. ඒ ගැන සතුටුයි. හැබැයි බුදු දහමේ තියන අවිහිංසාවාදී ප්‍රතිපත්ති පිළිපදිමින් ඒවා ක්‍රියාවට නංවමින් ක්‍රියා නොකරන නිසා අද අපරාධකරුවන්ගෙන් හිර ගෙවල් පිරිලා, ඒ ගැන දුකයි. (දී)
මට ඇඩෙනවා.(නදී)
ඉතාම වටිනවා (දී)
සම්සුදීන්. බල සේනා වැඩට බහින්නේ හේතුවක් ඇතුව. දන්නවනේ, මාලදිවයින වගේ රටවලට වුන දේවල්...මෙය තේරුම් ගන්න උත්සාහ කරන්න. (දී)
මම නම් මොන ආගමටත් ගරු කරනවා. කොහොම වුනත් සියළුම ස්වාමින් වහන්සේලා මේ ආකාරයට සංවරව අදිනවා නම් මම කැමතියි (නි)
නාත් මහත්තයෝ, අන්‍යාගමිකරණය වෙන්නේ මුදල්, ප්‍රතිලාභ හෝ බලය යොදා කෙරෙන ආගම ප්‍රචාරයටයි.ඕනෑම කෙනෙකුට බුද්ධිය අවබෝධය සහ ස්ව කැමැත්ත ඇතුව කැමති ආගමක් අදහන්න පුළුවන්. බුදුදහම කියන්නේ ඇත්තටම ආගමක් නොවේ.අංග සම්පුර්ණ ජීවන දර්ශනයක්. කමල්ගේ අදහසත් පොඩ්ඩක් කියවලා බලන්න. (දී)
බෞද්ධක් වූ මට හරිම ආඩම්බරක් දැනෙනවා .(අ)
සෑම්, ජෝන්, මේ ඔයාලගේ ඇත්ත නම් ද? මගේ පෞද්ගලික විස්වාශය සියලු සිංහලයෝ බෞද්ධ විය යුතුය.ඉහත සුදත් ශ්‍රී ගේ අදහස බලන්න. ලංකාදීපයට මගේ ස්තුතිය! (දී)
දාපු අදහස් බැලුවහම නම් පෙනෙන්නේ වසර 500 ක් තුවක්කුවේ බලෙන් පරදේශක්කාරයන්ගේ ලේ වල ජානත් සෑහෙන ප්‍රමාණයක් අපේ සිංහල කලු සුද්දන්ට දායාද විදියට ලැබිලා තියෙන බවයි.අනික් අදහස් නම් ඉතින් සෞදි අරාබියෙන් ආපු කියලා හිතන් ඉන්න දකුණු ඉන්දියාවෙන් වෙළදාමේ ආපු කට්ටිය තමා.තව වසර 50ක් අපි බලාගෙන ඉමු මොකද ලෝකයේ නිර්මානවාදී ආගම් වලට වෙන්නේ කියලා.යුරෝපේ ඉන්න අය නම් දන්නවා දැනටමත් කොච්චර නම් පොත් ගණනක් පලවෙලා තියෙනවද කියලා දෙවියන් වහන්සේ සහ ලෝක නිර්මාණවාදය ගැන ප්‍රශ්න කරන.ඒවා අපේ රටෙත් පරිවර්තනය වෙනවා නම් හරිම වටිනවා.බුදු දහම ලොව බැබලේවා.එය අනේක දුක් කරදර මැද රැකගත් සිංහල භික්ෂු පරපුර තවත් දිගුකල් රැකේවා! (දී)
මෙය කියවපු මා අතිශයින් සතුටට පත් වුනෙමි.සාදු සාදු!! (නි)
බුදු දහම ලෝකෙයේම වැජඹේවා සදු සදු සාදු (අ)
හරිම සතුටුයි. (නි)
බුදු දහම යනු කුමනාකාරයේ ආගමක්ද යන්න ඔය ඡායාරූප ටික බලනකොටම තේරුම් යනවා මට නම් (දී)
සාදු සාදු සද්ධර්මය මිසදුටුවන්ගෙන් බේරාගෙන රාජ්‍ය අනුග්‍රහනය ලැබිලා. රටේ අවංකවම හොද මිනිසුන් හදන තැනක් බවට පත්වෙනවා රටේ තියෙන සියලු ආගමික ස්තාන දියුණු කලොත්. එතකොට තමයි අපේ රට ජීවත් වෙන්න පුළුවන් රටක් වෙන්නේ. එහෙමයි මේ අපේ රට දියුණු කල යුතු වන්නේ. එහෙම උනොත් අපේ රට නැවත ලෝකෙම් උතුම්ම රට ලංකාව වෙනවා. (නදී)
සෆ්රාස් මත්තයෝ කරුණාකර ආගම් වලට අගෞරව කරන්න එපා. අපි මොනම අගමකටවත් ඒහෙම කරන අය නෙමෙයි. අපි දන්නවා ඔබලාට මේ වගේ දේවල් පෙනෙන කොට බලාගෙන ඉන්න බැ කියලා.මේක බෞද්දයන්ගේ පිපිදීමේ පටන් ගැම්ම පොඩ්ඩක් ඉවසා බලාගෙන ඉන්න.ඔබලා අනිත් ආගම් වලට අගෞරව කරන්න කරන්න අගාතයට වැටෙනවා මිසක් ගොඩ ඒමක් නම් නැත. (දී)
ඇත්තටම හරිම සතුටු ආරංචියක් ,බුදුදහම මුළුලොව සිටින සියලුම ආගම් වලට ආදර්ශමත් දහමක් වේවා! අර ලංකාවේ වගේ විවිධ අන්තවාදී කණ්ඩායම් බිහිනොවේවා කියා මුළු හදින්ම පතමි. උන්වහන්සේට තුරුනුවන් සරණයි! සාදු සාදු ! (දී)
අපේ සමහරුන්වත් කොන්ගෝවට යවමුද අපි, ඉගෙනගෙන එන්න (නි)
ලෝක වාසි සැමටම තෙරුවන් සරණයි (දී)
මේ තරම් මගේ සිතට සතුටක් ගෙනදුන් ප්‍රවෘත්තියක් නැති තරම්. අප්‍රිකාවට ධර්මය ලැබුනොත් එය බුදුරජාණන් වහන්සේ නැවත පහල උනා වගේ වෙයි.(නදී)
බුදු දහමේ ප්‍රභෝදය මෙන්න (දී)
විජිත්,බුදුදහම කියන්නේ ඕනෑම අමනුෂ්‍යයෙකුට වුනත් හරි යන විදියට කියන්න පුළුවන් ධර්මයක්. (දී)
කොහේ උනත් වටිනා උතුම් වැඩක් (දී)
බෞද්ධ ඔබ ඉතා දුර්ලභ වූ බුදුදහම දැන අවබෝධ කරගන්නට තරම් වාසනාවන්ත විය යුතුයි. ලෝකයේ ඇත්තේ එකම එක සත්‍යයක් පමණයි. ඒ යථාර්ථවාදී සත්‍යය හඳුනා ගන්නට උගත්කමට වත්පොහොසත්කමට සමාජ තරාතිරමට බැහැ. ඒකට සසරේ ඔබ පුරුදු පුහුණු කළ නුවණ අවශ්‍යයි. කවර ආගමක් ඇදහුවත් අනුගමනය කළත් තමන් යන මාර්ගය නිවැරදිදැයි වටහා ගන්න තරම් මැදහත් නුවණක් තිබිය යුතුයි. (නි)
බන්දුල මහත්තයා, ඔය හිතන විදිය වැරදියි.අපේ මුතුන් මිත්තෝ, වැඩිය ඕනෑ නැ හැඅපේ ආච්චිලා සීයලා ජීවත් වුනේ සැබෑ ලෙසම බෞද්ධයන් ලෙස.එයට ප්‍රධාන හේතුව එම අයුරින් ජීවත් වීමට සුදුසු දේශපාලන ආර්ථික සමාජීය වටපිටාවක් එකල තිබුනා.නමුත් අපේ වත්මන් පරපුරට ජීවත් වෙන්න වෙලා තියෙන්නේ බෞද්ධ සමාජ වටපිටවකට වඩා කාමබෝගී බටහිර සන්කෘතියක.ඉතින් බෞද්ධයන් හැටියට අපිට උඩු ගං බලා පීනන්න වෙලා තියෙනවා.මේකට ප්‍රධාන වශයෙන් වගකියන්න ඕනෑ අපේ රුපවාහිනී ජනමාධ්‍ය සහ දේශපාලනය (දී)
දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා, බියෙන් පෙලෙන සත් බියදුරු වෙත්වා, සොවින් තැවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා. බුදු සරණයි සැමට!! (අ)
බුදු දහමේ නියම අර්ථය ඇත්තේ ථේරවාදය තුලයි (දී)
බුදු දර්මය ලොව පැතිරේවා සාදු සාදු සාදු.(නදි)
මෙතන සමර හයට හිතෙනවා ඇති මේ ආගම දහම පතුරනවා කියල නමුත් අද ලෝකේ මනුස්ස වර්ගයම පැදීමක් ඇතිවෙලා තියනවා , සියලු සත්වයෝ නිදුක් වෙත්වා , බෞද්ද අගමට මුදල් දීලා බදවා ගන්න උවමනක් ඈ මොකද බුදුන් කවදත් කියන්නෑ වැරදි වැඩ කරන්න (අ)
සංසාරයේ පින් කලාවූ පින් වන්තයෝට පින් කිරීමට පින පෑදිලා සාදු සාදු සාදු.(නදී)
නමෝ බුද්ධාය ! අතීතයේ රැස්කළ පින් මේ ජීවිතයේදී පුණ්‍ය විපාක වශයෙන් ලැබිලා. එක සත්පුරුෂයෙක් නිසා දැන් කීදෙනෙක් සුවපත් වෙනවද? සාදු සාදු සදු! මේ පින් මාද සතුටු සිතින් අනුමෝදන් වෙමි. මෙවැනි වටිනා ලිපි නිතර පලකරන ලංකාදීප පුවත්පතේ සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වේවා! තෙරුවන් සරණයි! (දී)
සාදු! සාදු !(නදී)
ශ්‍රී සද්ධර්මයේ ගුණ පසක් වේ. ඉතාමත්ම සතුට ගෙනදෙන පුවතකි. (දී)
බුදුන් වහන්සේ ජීවමානව සිටි කාලයේ චුන්ද සූකරික ඌරු කොටුවක් පවත්වාගෙන ගියා. බුදුන් වහන්සේ එදා රජව සිටි බිම්බිසාර රජතුමාට ඌරු කොටුව කුඩුපට්ටම් කරන්න චුන්ද සූකරික අල්ලලා හිරේ දාන්න කියලා ඉල්ලීමක් කළේ නැහැ. බුදුන් වහන්සේ තම ශ‍්‍රාවකයන් සමග ගොස් ඔහුගේ ඌරු කොටුව කඩා දැම්මේවත් ඔහුට ගැහුවෙවත් නැහැ. මෙවැනි උතුම් දර්ශනයක් තිබෙන බුද්ධාගම විනාශ කිරීමට ඇතැම් අය විවිධ සංවිධාන ගතවී කරන ක‍්‍රියා බුද්ධාගමේ පිරිහීමට මුල්වී තිබෙනවා (දී)
අති උත්තම බුදුදහම ලොව පැතිරේවා! සාධු... සාධු... සාධු...! (දී)
පසුගිය දශක දෙක තුනක සිට විවිධ නඩ නොයෙක් ජනමාධ්‍ය හා කලා ශිල්පක්‍රම යොදාගනිමින් ලක්වැසියාගේ (විශේෂයෙන් තරුණ පරපුර) ඉලක්ක කර ගොඩ නැගු මොළ සේදීමේ ව්‍යාපාරයේ ප්‍රගතිය සමහරු කරන ප්‍රකාශන වල හරය තුලින් වැටහේ. (දී)
සාදු සාදු ශ්‍රී සද්ධර්මය ලොව බැබලේවා ! දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා! සොවින් පෙලෙන සත් සොම්නස් වෙත්වා! බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා! නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා ! (දී)
බුදු ගුණ අනන්තයි! (දී)
මුළු ලෝකයටම බුදු දහම පැතිරේවා.(නදී)
නියම විදිහට ධර්ම ප්‍රචාරය වෙලා තියෙන්නේ කොන්ගෝවල. කොන්ගෝ ජාතික හිමි නමක්ම ඒ කටයුතු කරන බව පේනවා. ඒවගේම උපාසිකාවෝ සියල්ලම කොන්ගෝ ජාතිකයෝ. විදේශීය ධර්ම ප්‍රචාරයන් දිහා බලපුවාම බොහෝ විට ඒ කටයුතු කරන්නේ ලංකාවෙන් ගිය බෞද්ධ අය නිසා විදේශිකයන්ගේ සහභාගීත්වය දක්නට ලැබෙන්නේ අඩුවෙන්. (දී)
නෙතට කදුලක් නැගෙයි සතුටට (දී)
චතුරිකා, එහෙනම් ලංකාවේ සත්ත්ව ඝාතනයට විරුද්ධව ජීවිත පවා පුජා කරන්නේ ඇයි? ටිකක් හිතන්න (නි)
බුද්ධ ධර්මය ලොව පැතිරේවා! චතූරාර්ය සත්‍යය අවබෝද වී සියථම සත්වයින්ගේ දූක්ක දෝමනස්ස දූරු වේවා! සාදු.. සාදු.. සාදු..!!! (දී)
මුළු ලෝකෙම අය බුදු දහම වැළඳ ගන්න අවස්තාවේ ලංකාවේ ඉන්න සමහර අය බුද්දාගමට ගරු නොකරන්නේ ඇයි? දැන්වත් තේරුම් ගන්න බුද්දාගමේ තියෙන වැදගත්කම.(නදී)
ථෙරවාදී කිව්වට මදි. මේවායේ නිකා,පාර්ශව,කුළ,ගෝත්‍ර,තනි උර වැසීම,දෙඋර වැසීම,උඩරට,පහත රට ආදී විශාල වෙනස්කම් තියනවා.අප්‍රිකානු රටවල සමාජයත් ඒ වගේමයි.පුදුම විදියට ගෝත්‍රවලට බෙදිලා.සමහරක් වෙනස් ගෝත්‍ර නයාට අඳුකොල වගේ.ඒ නිසා ලංකාවෙන් බුද්ධාගම අරගෙන ගිය එක වඩා ගැලපෙනවා.සාදු..සාදු..සාදු (දී)
ලංකාව තුලවත් බුද්ධාගම ප්‍රායෝගිකව යොදා ගත්තු කිසිවෙක් නැහැ. බුදු දහම අවිහිංසාවාදයි කියලා කිව්වට ඒක ප්‍රායෝගිකව යොදගන්න බැරි සුරංගනා කතාවක් කියලයි මට හිතෙන්නේ. (දී)
සාදු! සාදු! බුදු ගුණ අනන්තයි (දී)