බියගම දේවමිත්ත ප්‍රදේශයේ ගුවන් පාලමක් ඉදිකරමින් සිටි පිරිසක් මතට පෙරසවි කොන්ක්‍රීට් තට්ටුවක් වැටීමෙන් තිදෙනකු මියගොස් තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි. ටොන් 80ක් බරැති මෙම තට්ටුවක් දිග අඩි 30කි. එහි උස අඩි හය හමාරකි. පළල අඩි 3කි. මෙම තට්ටුව බාමින් සිටියදී එය ලිස්සා ගොස් සේවකින් සිටි තැනට වැටී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දේ සිදු නොවෙන්න වග බලා ගන්න ඕන වැඩභාර ඉංජිනේරුවෝ (දී) ......... මේ අයට දී ඇත්තේ පොතේ දැනුම .පුහුණුව මදි මෙපමණක් කල් පුටුවේ හිටපු අය වැඩ කරන්න ගියාම ඔහොම වෙනවා (දී)
අනේ අපි නොදන්න චීන සමාගම්වල ආරක්ෂාව. මමත් නමගිය චීන සමාගමක කාලයක් වැඩ කරපු නිසා දන්නවා. මිනිස්සුන්ගේ ජීවිත මුන්ට තුට්ටුවක් වටින්නේ නෑ. මතක නැද්ද දැන් මාසෙකට විතර කලින් මට්ටක්කුලිය පැත්තේ නල පද්ධතියක් ඉදිකරන තැනක මිනිස්සු පස් වලට යටවුනා. ඒකත් චීන වැඩපලක්. බොරුවට සමාජවාදී වෙස්මූනක් දාගෙන මිනිස්සුන්ව ධනපතියන්ටත් වඩා අන්ත විදිහට සූරා කනවා. (දී)
මෙම වැඩබිමෙහි ආරක්ෂා කළමනාකරණය අනතුර සම්බන්දව සම්පුර්ණ වගකීම බාරගත යුතුයි. බරක් එසවීමේදී ගතයුතු ආරක්ෂක ක්‍රියාමාර්ග අනුගමනය නොකළ නිසා මෙමෙ අනතුර සිදුවීමට හේතුව. වගකිවයුතු නිලධාරීන් මේ ගැන සොයා බලා අනතුරට පත් වුවන්ට හා ඔවුන්ගේ පවුල් වලට සාධාරණයක් ඉටු කලයුතුයි (දී)
පින්තුර නැද්ද (දී)
මෙම ව්‍යාපෘතිවල යෙදෙන කාර්මික හා ඉංජිනේරුවන්ගේ වැරදි. (දී)
ලංකාවේ මහා පරිමාණ වැඩබිම් වල " සේෆ්ටි ෆස්ට් " කියල එකක් නැහැ. "මුදල් ෆස්ට් " තමයි. අර පස්කන්දට යටවෙලා මිනිස්සු මරුන වෙලාවෙත් මම කිව්වේ වැඩ කරන දුප්පත් මිනිස්සු වෙනුවෙන් ආරක්‍ෂිත වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක නැහැ මේ වැඩ බිම් වල. ඕක තවදුරටත් සිදුවීමේ අවදානමක් තියෙනවා. එත් ඉතින් කියන්නේ කාටද?..........කාට කියන්නද?????? (දී)
කරුණා කරලා තමන්ගේ ආරක්ෂාව පළමු කොට රාජකාරිය කරන්න (දී)
ආරක්ෂාව පළමුව කියුවට අන්තිමට තියෙන්නේ ආරක්ෂාව (දී)
අපේ රටේ දොබකර (crane ) 90% ක පරිගණක ක්‍රියා නොකරයි .ක්‍රියා කරවන්නන් හට බලපත් තිබුනත් ඒවා නිකුත්න්කර ඇත්තේ මනා පුහුණුවකින් තොරවයි. ඔහුන්ට පරිගණක පිලිබදව හෝ ආරක්ෂිත ක්‍රම ගැන කිසිම වැටහීමක් නැත. හේතුව එවන් පුහුණුවක් ඔහුන්ට ලබා නොදීමයි .දොබකර හිමිකරුවන්ද ඒ ගැන නොතකයි. ඒවා කුලියට හෝ බද්දට ලබගන්නන්ද ඒගැන නොතකයි .ආරක්ෂාව කොතනද?.තව දුරටත් උසුලන බරට පටි හෝ දම්වැල් (බෙල්ට්/චෙං) දමන්නන් (rigger ) පුහුණුව ලත් අය නොවෙයි .එවන් පුහුණුවක් දෙන ආයතනයක් අපේ රටේ තිබෙන බවක් හෝ නොදනිමි.එයද මනා පුහුණුවකින් පසු කලයුතු කාර්යයකි.වගකිව යුතු අයගේ නෙත් පැදේව.මිය ගිය සැමට නිවන් සුව හා තුවාල ලද අයට ඉක්මන් සුවය පතමු. (අ)
ජාතික ධනය වැයකරලා , බාල වැඩ නම් කරන්න එපා , එහෙම කලොත් ,එම අයටත් වන්නේ මිට වැඩි දෙයක්, අසරණ කම්කරුවන්ට ,නිවන් සුව!....(අ).
යම්කිසි බරක් එසවීමේදී හෝ පහත් කිරීමේදී එයට අදාල මුලික ලියවිල්ලක් තමයි lifting operation plan කියන්නේ. මම දන්නේ නෑ ඔතන වැඩකරපු සේවකයෙක් තියා ඉන්ජිනේරුවෙක්වත් එහෙම ලියවිල්ලක් ගැන දන්නවද කියලා. ඒක සකස් කරන්න ඕන වැඩබිම බාර ඉංජිනේරුවරයා. පසුව එය ව්‍යපෘති කළමණාකාර තුමා අනුමත කරන්න ඕන. එම ලියවිල්ලේ සදහන් වෙන්න ඕන ඔසවන බරෙහි ප්‍රමාණය එය එසවීමට ගන්න උපකරණ ( ක්‍රෙන් , බෙල්ට් වැනි දෑ), පියවරෙන් පියවර එසවීම හෝ පහත් කරන ක්‍රමය සහ එම ක්‍රියාවට සහභාගී වන පිරිස අනුගමනය කලයුතු ආරක්ෂක විධි විධාන. එමෙන්ම බර එසවීමට ගන්නා උපකරණ එම බර මෙන් 1.5 ගුණයක් හෝ වැඩි ප්‍රමාණයක් අවම වසරක් ඇතුලත ඔසවා තත්ත්ව ආයතනයක් මගින් නිකුත් කල සහතික සහ එම කර්තව්‍යට සහභාගි වන පුද්ගලයන්ට අදාල පුහුණුව ඇති බවට සහතික අත්‍යවශ්‍ය වෙනවා. එම අවශ්‍යතා එකක්වත් නැතිව මෙවැනි කාර්යයක් පටන් ගැනීමට නොහැකි වනවා මෙන්ම ඉදිකිරීම් කර්මාන්තය දියුණු රටකනම් වැඩබිම බාර පුද්ගලයාට විරුද්ධව නඩු පැවරෙනවා, (අ)
මේ පින්තුර දැක්කම පේනවා මේ අනතුරේ තියෙන බරපතල කම. සේෆ්ටි හෙල්මට් එක ප්‍රමිතියකට හදපු එකකුත් නෙවෙයි. මිනිස්සු මැරිලා තියෙන්නේ මැස්සෝ වගේ. ලේ විසි උන පාරවල් දැක්කම මේ වැඩ බිමක්ද කියල හිතෙනවා. අපි වැඩකරන වැඩ බිම් වල අවුරුදු 10 කට එකක් වත් අනතුරු වෙන්නේ නැහැ. ආරක්ෂාව තමයි පළමු' මෙතන දොඹකර ක්‍රියා කරු, රිගර්, ආරක්ෂක අංශ, වැඩබිම් අදීක්ෂක, මැනේජර් කිසිම කෙනෙක් වගකීමෙන් වැඩකරලා නැහැ.මේ අය මරුන සේවක යන්ගේ පවුල් වලට මරණ පිලිබඳ වග කිව යුතුයි.(අ)
සමාජවාදී කීවට ධනවාදී රටවල කම්කරුවන්ට තිබෙන අයිතිවාසිකම් චීනයේ හෝ චීනයෙන් පිට චින්සමාගම් වල වැඩකරන කම්කරුවන්ට නැත , (අ)
අනේ දෙයියනේ මෙහෙමත් අපරාධ (දී)
ආරක්ෂාව පළමුව කියා ලියල තියෙනවා නම් මන් දැක්ක හැම තැනකම ,එත් අවාසනාවන්ත සිද්දියක් උනේ, පවුල් වල උදවියට කොයිතරම් පාඩුවක්ද වෙන්න ඇද්ද , ශෝකය ප්‍රකාශ කරනවා මන් ඒ උදවියට , දරුවන්ට තාත්තෙක් නැති වෙන්න ඇති,බිරිදට ස්වාමියා නැති වෙන්න ඇති, යලිත් මෙවැනි දේ සිදු නොවෙන්න වග බලා ගන්න ඕන වැඩභාර ඉංජිනේරුවෝ (දී)
මියගිය අයගේ පව්ල්ව්ල අයට ජිවත් වන්න ක්‍රමයක් යොදන එක මේ ව්‍යාපෘතියේම කොටසක් වන්න ඕන .
ශෝකය ප්‍රකාශ කරනවා මන් ඒ උදවියට , දරුවන්ට තාත්තෙක් නැති වෙන්න ඇති,බිරිදට ස්වාමියා නැති වෙන්න ඇති, යලිත් මෙවැනි දේ සිදු නොවෙන්න වග බලා ගන්න ඕන වැඩභාර ඉංජිනේරුවෝ (දී)
මියගිහින් තියෙන්නේ දුප්පත් මිනිස්සු එයාලගේ පවුල්වලට වන්දි ගෙවන්න වෙයි පව් අසරණ අය . නිවන් සැප ලැබේවා (අ)
මෙවන් කාර්යකදී ආරක්ෂා විධිවිධාන සියල්ලම ගැන පූර්ණ අවධානයෙන් සිටිය යුතුය. ඉතා සුළු අතපසු වීමකින් වුවද මෙවන් විශාල විනාශයක් සිදුවිය හැක.බොහෝවිට ලංකාවේ වැඩබිම්වල 'සේෆ්ටි ඔෆිසර්' කෙනෙක් නැත. හිටියත් ඉන්නේ කාර්යාලයේය. (අ)
චන්ද බලාගෙන හැම දේම කඩිනම් කරලා කරන්න ගියහම ඕව වෙනවා, පව් අහිංසක මිනිස්සු,(දී)
මේ මරණ වලටත් වගකිව යුත්තෙක් නැති වේවි , වරද මරුන අයගෙමයි බලදරින් අන්තිමට කියන්නේ.පවුල් වලට කිසිම වන්දියක් ලැබෙන්නේ නැහැ. (අ)
ලංකාවේ කිසිම වැඩබිමක සේෆ්ටි නිලධාරියෙක් ඉන්නවා මම නම් කවදාවත් දැකල නැහැ. මේ ඒවායේ ප්‍රතිපල.(අ)
මෙමෙ වැඩ බිමේ පාලකයා සේවකයන්ගේ ආරක්ෂාවට මුල් තැන දී තිබේද. වන්දි ගෙවීමෙන් මිනිස් ජීවිතයක වටිනාකම මිල කරන්න බැහැ. දැන් කොන්ත්‍රාත්කරුවන් වැඩ කරන්නේ ඔවුන්ගේ ලාබයට මුල් තැන දීලා. මිනිස් ජිවිත ගැන සලකන්නේ නැහැ.(නදී)
වජිර ඔබගේ අදහස නිවරදියි. අපේ රටේ වැඩ බිම්වල ඔය කාර්යය කෙරෙන්නේ නැති බව තමයි පෙනෙන්න තිබෙන්නේ. ම ාසමග අපේ ආයතනයේ ක්‍රේන් ක්‍රියාකරුවන් විශාල ප්‍රමාණයක් සේවය කරනවා. ඔවුන්ගෙන් දැනගත් පරිදි එවැනි කිසිම දෙයක් අපේ රටේ වෙන්නේ නැහැ.(නදී)