අද (10) රාත්‍රි 10 සිට අලුයම 2 දක්වා කොළඹ දෙනියාය ප්‍රධාන මාර්ගයේ කනංකේ පාලම වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරිය කියයි. පාලමේ අලුත්වැඩියාවක් සඳහා මෙම පියවර ගැනේ. කොළඹට යන වාහන අකුරැස්ස , වැලිගම ඔස්සේ හෝ කනංකේ හන්දියෙන් හැරි කොක්මාදුවේන් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසිය හැකිය. කොළඹ සිට අකුරැස්ස හා දෙනියාය දෙසට යන වාහන ගාල්ල දෙවට මන්සන්ධීයෙන් වැලිගම හෝ මාතර ඔස්සේ ගමන් කළ හැකිය.

![DSC_1051[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_10511.jpg)
![DSC_1052[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_10521.jpg)
![DSC_1054[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/11/DSC_10541.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දින සියයේ සංවර්ධනයෙන් පටන් ගත්ත එකක් වෙන්න ඇති .හිටපු ආණ්ඩුවට පට්ට යන්න බැන්නත් තවම ඉදිරයට යන්නේ ඒවා. අපිව ගොනාට අන්දපු මෙයාල පටන්ගත්ත කිසිම දෙයක් නැහැ.දෙනවයි කියපු දේවල් ලැබුනෙත් නැහැ."සහෝදර සමාගම කරපු පවු අපි තවම ගෙවනවා.ඉවසගන හිටපන් දෙනවා දෙනවා" (අ)
මෙම කටයුත්ත සාර්ථක වෙන්න කියා පතමි (නි)
ඔව් පසුගිය ආණ්ඩුවෙන් කොමිස් ගහල බාගෙට හදපු ඒවා තමයි ඔය. දැන් මේ ආණ්ඩුවට ඒවා ගෙවන්න වෙලා තියෙන්නේ පොලිත් එක්ක. (ස)
මේවා රාජපක්ෂ ආණ්ඩුවෙන් පටන් ගනිපු වැඩ දෙනියාය -ගාල්ල පාර ලස්සනට හැදුවා.ආයේ මේවගේ පාරවල් හැදිල්ලක් කලකට දකින්න බැරිවේවි. බොරුවට බනිනවා. එක චංචාවක් හොයාගෙන තියෙනවද? (ම)
හැමදේම අපි ආණ්ඩුවෙන් නිකන් දෙනතුරු බලාඉන්න හොඳ නැහැ. තමන් මහන්සිවෙලා වැඩකරන්න ඕනෑ (නි)