ශබ්ද දූෂණය ඇතිකරන වාහන නළා පරීක්ෂා කරන අවස්ථාවේම ඉවත් කරන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
ජාතික පාරිසරික පනත යටතේ අංක 1737/37 දරණ ගැසට් නිවේදනය අනුව වාහන නළා ශබ්දය සඳහා ප්‍රමිතිය පනවා ඇතත් රියදුරන් එම ප්‍රමිතිගත මට්ටම් අභිභවා නළා නාදකරන බව පෙනී යන බවත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති මහාචාර්ය මර්වින් ලාල් ධර්මසිරි මහතා කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා සිතිය යුතුව තිබ්බේ මිට බොහෝ වසරකට පෙර සිටයි. කන් පැලෙන නලා එළියේ සිට සහ බස් රියවල් ඇතුලේ අනවශ්‍ය කර්ණ කටෝර සංගීත යයි කියන්නාවූ ටකරන් හඬවල් අහල අහල හෙම්බත් වුණු අපි සිතාගෙන හිටියේ පරිසර අධිකාරියෙන් අපිට අහවල් සේවයක් සිදුවෙනවද කියල තමයි. (බ)
මහ විශාල ස්පීකර් හයි කරගෙන ජරාවල් සහ අදෝනා මොන මල හතිලව්වකට බස් වල දානවද මන්ද. ඩ්‍රයිවර් මහත්තය හෝ කොන්දොන්ස්තර දානවා. හඬ වැඩිකරනවා. ඒ අය අහන්නෙත් නැහේ. අපිටත් මල වදේ. නිශ්ශබ්දව යන්න බැහේ. ගෙදර වැඩක් ගැන සිතන්න බැහේ. රුධිර පීඩනය වැඩි කරගෙන බස් එකෙන් බහින්න වෙන්නේ. (අ)
මේ වගේම පුද්ගලික බස්වල තියෙන කන් පැලෙන ශබ්ද විකාශනත් ගැලෙව්වොත් හොඳයි (අ)
ඔය නළා තමන්ගේ රථවල හයිකරගන්නා අයගේ " කන පලන්න " ඕන (බ)
කනපැලෙන නලා ගලවල විතරක් මදි .සාමාන්‍ය නලාවක් වුනත් හැඩවිය හැකි කාලයක් නියම කරන්න. සමහර රියදුරන් පානදුරෙන් , හෝමාගමින්,කඩවතින් නළාවට අත තියාගත්තම අහකට ගන්නේ කොළඹින්. (බ)
බස් වල තියෙන්නේ අලි එලවන නළා. අනේ අපේ බස් එකෙට නගින්න් කියල කියන්නෙත් ඒ නළාවෙන්.ත්‍රී ව්හීල් වල තියනවා වෙඩින් හෝල්වලට හරියන සංගීත මෙවලම් .කුඩු ගහල ෆුල් ශබ්ද දාගෙන මීහරක් වගේ යනවා (බ)
දැන් බස් වල යන අපි කන් පැලෙන නලා හඬවල් අහල එපාවෙලා තියෙන්නේ. අනේ එක නැතිකරන්න. අනිත් එක බස වල ඇතුලේ ලොකු ශබ්ද උපකරණ දාගෙන හැමදාම අප්‍රසන්න අඬන සින්දු අපිට අහන්න දෙන්නේ ඇයි. බස් එකේ යන කවුරුවත් ඒවා අහන පාටක් නම් නැහේ. විරුද්ද වෙන්නත් බැහැනේ. මට නම දැන් එපාවෙලා ඔය අහන " ඔය මාව දාල ගියා නේද ළමයෝ, ඉතින් මම තාම අඬනවා....." වගේ සිංදු කියල කියන මල ජරාවල්. (අ)
අම්මෝ නියමයි නියමයි (අ)
නලා විතරක් නෙමෙයි, පොදු ප්‍රවාහන සේවයන් තුල ඇති සංගීතය නවත්වන්න. (හේ)
බොහොම හොද වැඩක් (බ)
තවත් එක වැදගත් දෙයක් කීමට කැමතියි. බොහෝ දුර ගමන් යන සැප බස් වල රුපවාහිනී යන්ත්‍ර සවිකර බස රථයේ රියන්දුරු හෝ සහයකයා කැමති චිත්‍රපටියක් හෝ ප්‍රසංගයක් දමා බලහත්කාරයෙන් මගීන්ට පෙන්වීම හෝ ඇසීමට සැලැස්වීම වලක්වන්න. බොහෝ විට ඉතාමත් පහත් රසයක් සහිත ශබ්ද සමග රුප පෙන්වීමෙන් බස රථයේ ගමන් ගන්නාවූ සැමටම විශේෂයෙන් බාල දරුවන්ට පසුවෙන පරිසරය ගැන හෝ අධ්‍යනය කිරීමට හෝ අවස්ථාවක් අහිමි කරයි. ගමනට සුවය වෙනුවට අනවශ්‍ය ශාරිරික සහ මානසික විඩාවක් එකතු කරයි. අපේ රට කොච්චර ලස්සනද. ඒ පරිසරය පවා අපිට බලන්න අහිමි කරන්නට ඉඩ දෙන්නේ අැයි. අපේ බලධාරින් මේ ගැන සොයා බලන්න. යුරෝපිය රටවල් වල මේ කරදරය නැත.(හේ)
කැනඩා දිසා, කීව කාරණාව තමයි මටත් කියන්න තියෙන්නේ. නළාවක සද්දයක් ඇහුනොත් අවට සිටින හැම කෙනාගෙම ඇස් කන් යොමු වෙන්නේ ඒ දෙසටයි.ලංකාවේ පාරේ යන හැම වාහනයක්ම ඕනේ දේටත් එපා දේටත් තරගයකට මෙන් නළා සද්ද කරගෙන යන්නේ ඇයි..?. ? (ම)
පරිසර මහත් වරුනි. අනේ මේ කොමෙන්ට්ස් වත් බලල ඔබලා වත් මේකට යමක් කරන්නකෝ. මේ අපරාදෙට තවත් ඉඩ දෙමුද. (බ)
ඉහලින්ම අගය කළයුතු දෙයක්. විශේෂයෙන් ත්‍රීරෝද රථ වලට. (බ)
ප්‍රමිතියෙන් තොර එල්ඊඩී හෙඩ් ලයිට් සහ එච්අයිඩී ලයිට් තහනම් කරන්න (බ)
අනේ මේ පරිසර අධිකාරිය ගලවන නළා. පොලිසියටත් බැරි වුන ශබ්ද දුෂණය නැති කරන්න මේ ගොල්ලෝ මොනවාද කරන්නේ. ඕනනම් චක්‍ර ලේඛනයක් පිටකරයි මෙය තහනම් කියල. කඩේ තියෙන්නේ ඕන පදම් ගන්න කන ආදී පාලන නලා සමග ස්පිකර්. හයි කර ගත්තාවේ. චක්‍රලේඛනය බම්බු ගහන්නද. (බ)
බස් පදවන අය හිතාගෙන ඉන්නේ පාරේ යන්නෙ මිනිස්සු නෙමෙයි කියලා වෙන්න ඇති (නි)
නළා ගලවනවාත් එක්කම ආනයනය කරන උපාංග වලට ප්‍රමිතියක් ඇතිකළ යුතුයි (නි)
විශේෂයෙන්ම රෝගීන්ටත්, වයස්ගත උදවියටත්, ළදරුවන් සහ ගැබිනි මව්වරුන්ටත්, පොදුවේ මහජනතාවටත් මහඟු සහනයක් වනු ඇත. නමුත් ගැටලුව නම්, ගැසට් නිවේදන තිබුනත් පොලිසිය හෝ වෙනත් ආයතනයක් ක්‍රියාත්මක කිරීමට මෙතෙක් අපොහොසත්වූ මෙම කාර්යය ක්‍රියාවට නඟන්නේ කවදා සිටද යන්න පැහැදිලිවම නොකීමයි. මෙය "බාලගිරි දෝෂය අද නොවෙයි හෙට " පිළිවෙතට යොමුවුණොත් දෙවියන්ගෙම පිහිටයි. (නි)
ටාටා සහ ලේලන්ඩ් යන දෙවර්ගයේ බස් සහ ටිපර් මහපාරේ යන අනෙකුත් වාහන වලට " අයින් වෙයන් , ඉඩ දියන් " කියන්නාක් මෙන් නලාවෙන් දෝස්මුරය දාගෙන පිඹගෙන දුවන්නේ පුදුම තදියමකින්. ලොරිකාරයින්ට නම් එච්චර හදිසියක් නැහැ වගේ. හැමදාම් මහපාරේ වැඩිපුරම අනතුරු ඇතිකරන්නේ නලාවෙන් වාහන පදවන අයයි. අධි ශබ්ද නලා ටික ගැළෙව්වොත් මේගොල්ලන්ගේ තදියමත් නැතිවෙයි, අනතුරුත් අඩුවෙයි, විනාශයත් අඩුවෙයි. (නි)
මීට අවුරුදු පහ හයකට කලින් බත්තරමුල්ල පැත්තේ දෙතුන් වතාවක් ගියා. විනාඩි 5 න් 5 ට යන බස් වල සයිලන්සර් එකට නිකන් විසිල් එකක් සවිකරලා වගේ. වේගය වැඩිකරනකොට විසිල් ගහනවා වගේ. හරිම කන්දොස්කිරියාවක් (නි)
කන් පළන නළා සවිකරගත් අයගේ කන් පළන්න හිතෙනවා අපිට (නි)
අනිත් එක බස් ඇතුළේ ලොකු ශබ්ද උපකරණ දාගෙන හැමදාම අප්‍රසන්න අඬන සින්දු අපිට අහන්න දෙන්නේ ඇයි? මේ කතාව හරියට හරි. සමහර බස් වල බෆල් 4ක්ම වැඩ. කන පැළෙන සද්දෙට දාගෙන යන්නෙත් සංදර්ශන වල කියපු සින්දු. (නි)
කන් පළන නළා ගලවනවා විතරක් නෙමෙයි, සාමාන්‍ය නළාව අනුන්ට හිරිහැරයක් වෙන විදියට නාදකරන රියදුරන්ටත් දඬුවම් දියයුතුයි. (නි)
නලා ශබ්දය මෙන්ම නවීකරණය කර වැඩි ශබ්දයක් පිටකරන දුම්බටද ගැලවිය යුතුයි. ලංකාවේ අය පිටරට දේවල් අනුගමනය කරන්නෙම වැරදි පැත්තටය. (ර)
මෙහෙ නළාවක් නාදකරන්නේ එක්කෝ අනතුරක් වළක්වන්න වගේ දෙයකදී පමණයි. හැබැයි ඒ වෙනකොට අනෙක් සියලුම රියදුරන්ගේත්,පාරේ යන මගී ජනතාවගේත් ඇස් කන් මේ නලාව හඩවපු වාහනය වෙත යොමුවෙලා හමාරයි (නි)
රාත්‍රියට බොහෝ වාහනවල හෙඩ් ලයිට් දමාගෙන යන නිසා ඇස් නිලංකාර වෙනවා. නීතිගරුකව වාහන පදවන්නන්ට මෙය මහා කරදරයක්. අවශ්‍ය තැනකදි පමණක් හෙඩ් ලයිට් පාවිච්චි කිරීමට නියෝග දීමට බලධාරීන්ගේ අවධානය යොමු වේවා! නලා ශබ්දය ගැන වගේම මේ ගැනත් අවධානය යොමු වේවා! (නි)
හොද වැඩක්. (ර)
හොඳ වැඩක් ක්‍රියාත්මක කරනවා නම්. දුරකථන අංකයක් දුන්නොත් හොඳයි මෙහෙම වාහන ගැන දැනුම් දෙන්න (නි)
අනේක වාරයක් පිං ලැබෙන කටයුත්තක්. වැඩේ හරියටම කරාවිද? (ර)
බස් වගේම ත්‍රීවීල් වල තියන ඔරොත්තු නොදෙන නලා ගලවලාම දාන්න. (ර)
අගය කලයුතු දෙයක්. (ර)
මීට මාස හය හතකට කලිනුත් ඔය කතාවම කිව්වා. නමුත් වැඩ සිද්ධවුණේ නැහැ. ඒකත් සද්දේ විතරයි. මේ පාරවත් බලමු. (නි)
නළා වගේම කන් පැළෙන්න දාන සිංදුත් නවත්වන්න පුළුවන් නම් හොඳයි (නි)
අනේ දැන්ද මෙයාලට කන් ඇහෙන්නේ නැද්ද (ම)
දියුණු රටවල වාහන මහමඟ පැදවීමේ හා " අපේ ශ්‍රී ලංකාවේ " එම ක්‍රියාවලිය සංසන්දනය කළහොත් අප සිටින්නේ තවම "වනචාරී යුගයේ " බවයි පෙනෙන්නේ. කැනඩා-දිසා කිව්වා වාගේ, එරට පුරා මහ මාර්ගවල මොනම ආකාරයේ හෝ වාහන නලා හඬක් ඇසුණු සැණින් සියලු වාහන නවතා ඒ දෙස විමසිලිමත්වීම වාහන ධාවකයින්ගේ පුරුද්දයි. (නි)
අර ලේලන්ඩ් බස් වල බ්රේක් ගසනවිට ඇසෙන 'චරාස් චූරූස්' ගාන අනවශ්‍ය හඩ නඟන නළා ගළවන්න බැරිද ? (නි)
බස් සහ ත්‍රීරෝද වල කන්පැළෙන නළා හැඩවීම නැවැත්තුවොත් ලොකු දෙයක්. (නි)