IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


කන් ඇහෙන්න බඳ පටියක්

ශ්‍රවණාබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂිත බඳ පටියක් නිපදවූ මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු සිසු පිරිසක් ආසියා ශාන්තිකර කලාපයේ නව නිර්මාණ තරඟය සඳහා දකුණු ආසියාතික කලාපය නියෝජනය කිරීමේ අවස්ථාව දිනා ගැනීමට සමත්ව සිටිති.

කුඩා කම්පක හා මයික්‍රෆෝන කිහිපයක් උපකාරීකර ගනිමින් ආකාර දෙකකින් ශ්‍රව්‍ය හැකියාව වර්ධනය කිරීමට ඔවුන් මේ බඳපටිය නිපදවා ඇත. එහි ඇති කුඩා පරිගණකයක් මගින් ශබ්ද හඳුනාගෙන එයට අදාලව කම්පන තරංගයක් නිකුත් කරයි. ශබ්ද වෙන්කර හඳුනාගෙන කම්පන ආකාරය පහක් නිකුත් කිරීමේ හැකියාව ඇති මේ උපකරණය තවත් වැඩිදියුණු කරන බව එහි නිර්මාණකරුවෝ කියති. මෙය සිදුකර ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ අවසන් වසර සිසුන් වූ හසල සක්විති රෝහණවංශ, එරංග ද සිල්වා සහ පේශාන් සම්පත් විසිනි. එම පීඨයේ ආචාර්ය වයි.ඩබ්ලිව්. රංජිත් අමරසිංහ මහතාගේ අධීක්ෂය යටතේ ඔවුන් මේ සමත්කම දක්වා ඇත.

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු පීඨ අතර පැවති තරඟාවලියකින් පළමු ස්ථානය දිනාගැනීමෙන් අනතුරුව ඔවුන්ට දකුණු ආසියානු කලාපීය තරඟාවලිය නියෝජනය කිරීමෙ අවස්ථාව ලැබිණි. එහි දී කලාපීය අවසන් වටයේ දී ඉන්දියාව හා පකිස්ථාන කණ්ඩායම් පරාජය කිරීමට ඔවුහු සමත්වූහ. ඒ අනුව ඔවුන් ලබන අප්‍රේල් මාසයේ දී නවසීලන්තයේ පැවැත්වෙන ආසියා ශාන්තිකර කලාපීය නිර්මාණ තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතය.

Belt Capture1 Team Mavisuru



අදහස් (0)

කන් ඇහෙන්න බඳ පටියක්

හර්ෂ Thursday, 03 December 2015 11:41 AM

මෙම විශ්ව විද්‍යාලයේ විදුලි ජනක යන්ත්‍ර සහය ක්‍රියාකරුවකු වශයෙන් මමද සේවය කරමි. මේ සිසුන්ගේ මෙම හපන්කම ගැන මටද ලොකු සතුටක් දැනෙනවා, සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මමද අංශු මාත්‍රයක් හෝ දායක වී ඇති බව හැඟෙනවා.(ම)

:       0       0

සමීර Thursday, 03 December 2015 11:47 AM

ඕක ඉතාම සරල දෙයක්. නිපැයුමක තියෙන වටිනාකම ඔයවගේ තරගයකින් ලබපු දිනුමකින් මනින්න බෑ. (ර)

:       0       0

වසන්ත Thursday, 03 December 2015 01:49 AM

ඔබට සුබ පැතුම් දිරිය දරුවනි! (නි)

:       0       0

ප්‍රදීප් ගම්මම්පිල Thursday, 03 December 2015 12:48 PM

හොද පුතුන් තිදෙනෙක්, හොද සොයාගැනීමක්. පුළුවන් තරම් විගසම පේටන්ට් බල පත්‍රය ගන්න. මට එකක් කියන්න පුළුවන් ලංකාවේ උදව්වක් ගන්නට යන්න එපා. මොකද මටත් පේටන් බලපත් 6 තිබෙනවා නොයෙකුත් පුත්ගලයන් හමු වුණා වැඩක් වුනේ නැහැ. (ර)

:       0       0

අමල් Saturday, 05 December 2015 03:58 AM

හොඳ දෙයකට හොඳයි කියන්න පුරුදු වෙන්න. (ර)

:       0       0

ශාන් Thursday, 03 December 2015 04:37 AM

මීට වඩා හොඳ දේවල් කොච්චර තිබෙනවද කරන්න?

:       0       0

අසංග Thursday, 03 December 2015 06:36 PM

කෝ දැන් මෙයාලා මීට කලින් ජාත්‍යන්තරයට පවා විකුණන්න පුලුවන් කියලා හදපු ගුවන් යානය? (නි)

:       0       0

ලියොන් ගුණවර්ධන Wednesday, 02 December 2015 05:23 PM

කන් බිහිරිකමින් පීඩාවිඳින ලොව කෝටි ගණනන් ජනතාවට විවිධ මාදිලි වල ශ්‍රවණාධාර, උපකරණ ලොව දියුණු රටවල විද්වතුන්ගේ පර්යේෂණ අනුව හඳුන්වා දී ඇති මෙම යුගයේ මොරටු විශ්ව විද්‍යාලයේ මෙම පුතුන් තිදෙනාගේ නිපැයුම ලොවට හඳුන්වාදීමට රජය නිසි පරිදි ක්‍රියා කළයුතුය (නි)

:       0       0

නිශ්ශංක Friday, 04 December 2015 04:37 PM

ඉහත අදහස් දැක්වූ ශාන් සහ සමීර මහතුනි, මේ ලංකාව බව දනිමි. කුහක මිනිසුන් ගොන්නක් අතරේ ඔබත් විශේෂත්වයක් නැත. නිමැවුමේ වටිනාකම මැනීම කෙසේවෙතත් කළදේට වටිනාකමක් ලැබී ඇත්තේ ඇයිදැයි වටහා ගන්න. දකුණු ආසියාවේම එක වන්නේ අත උස්සා නොවන බව තේරුම් ගන්න. (නි)

:       0       0

ප්‍රභාත් Friday, 04 December 2015 06:30 PM

විශිෂ්ට සොයාගැනීමක් (නි)

:       0       0

චන්දවිමල හිමි Wednesday, 02 December 2015 10:46 AM

රටක් වටින පින් ඇති පුතුන්, අපේ ජාතියේ මහා සම්පත්! මුළු ලෝකයක් දිනන්නට ආසිරි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට බුදුසරණයි! (ර)

:       0       0

සුමින්දා මන්ෂාලි ශානිකා Wednesday, 02 December 2015 10:49 AM

හරිම ආඩම්බරයි. (ර)

:       0       0

ගමගේ Saturday, 05 December 2015 04:05 PM

හොඳ සොයාගැනීමක්. මගේ සුබ පැතුම්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 511 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 263 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1057 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site