ශ්‍රවණාබාධිත පුද්ගලයන් වෙනුවෙන් විශේෂිත බඳ පටියක් නිපදවූ මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු සිසු පිරිසක් ආසියා ශාන්තිකර කලාපයේ නව නිර්මාණ තරඟය සඳහා දකුණු ආසියාතික කලාපය නියෝජනය කිරීමේ අවස්ථාව දිනා ගැනීමට සමත්ව සිටිති.
කුඩා කම්පක හා මයික්‍රෆෝන කිහිපයක් උපකාරීකර ගනිමින් ආකාර දෙකකින් ශ්‍රව්‍ය හැකියාව වර්ධනය කිරීමට ඔවුන් මේ බඳපටිය නිපදවා ඇත. එහි ඇති කුඩා පරිගණකයක් මගින් ශබ්ද හඳුනාගෙන එයට අදාලව කම්පන තරංගයක් නිකුත් කරයි. ශබ්ද වෙන්කර හඳුනාගෙන කම්පන ආකාරය පහක් නිකුත් කිරීමේ හැකියාව ඇති මේ උපකරණය තවත් වැඩිදියුණු කරන බව එහි නිර්මාණකරුවෝ කියති. මෙය සිදුකර ඇත්තේ මොරටුව විශ්වවිද්‍යාලයේ යාන්ත්‍රික ඉංජිනේරු පීඨයේ අවසන් වසර සිසුන් වූ හසල සක්විති රෝහණවංශ, එරංග ද සිල්වා සහ පේශාන් සම්පත් විසිනි. එම පීඨයේ ආචාර්ය වයි.ඩබ්ලිව්. රංජිත් අමරසිංහ මහතාගේ අධීක්ෂය යටතේ ඔවුන් මේ සමත්කම දක්වා ඇත.
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු පීඨ අතර පැවති තරඟාවලියකින් පළමු ස්ථානය දිනාගැනීමෙන් අනතුරුව ඔවුන්ට දකුණු ආසියානු කලාපීය තරඟාවලිය නියෝජනය කිරීමෙ අවස්ථාව ලැබිණි. එහි දී කලාපීය අවසන් වටයේ දී ඉන්දියාව හා පකිස්ථාන කණ්ඩායම් පරාජය කිරීමට ඔවුහු සමත්වූහ. ඒ අනුව ඔවුන් ලබන අප්‍රේල් මාසයේ දී නවසීලන්තයේ පැවැත්වෙන ආසියා ශාන්තිකර කලාපීය නිර්මාණ තරඟයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට නියමිතය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම විශ්ව විද්‍යාලයේ විදුලි ජනක යන්ත්‍ර සහය ක්‍රියාකරුවකු වශයෙන් මමද සේවය කරමි. මේ සිසුන්ගේ මෙම හපන්කම ගැන මටද ලොකු සතුටක් දැනෙනවා, සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් මමද අංශු මාත්‍රයක් හෝ දායක වී ඇති බව හැඟෙනවා.(ම)
ඕක ඉතාම සරල දෙයක්. නිපැයුමක තියෙන වටිනාකම ඔයවගේ තරගයකින් ලබපු දිනුමකින් මනින්න බෑ. (ර)
ඔබට සුබ පැතුම් දිරිය දරුවනි! (නි)
හොද පුතුන් තිදෙනෙක්, හොද සොයාගැනීමක්. පුළුවන් තරම් විගසම පේටන්ට් බල පත්‍රය ගන්න. මට එකක් කියන්න පුළුවන් ලංකාවේ උදව්වක් ගන්නට යන්න එපා. මොකද මටත් පේටන් බලපත් 6 තිබෙනවා නොයෙකුත් පුත්ගලයන් හමු වුණා වැඩක් වුනේ නැහැ. (ර)
හොඳ දෙයකට හොඳයි කියන්න පුරුදු වෙන්න. (ර)
මීට වඩා හොඳ දේවල් කොච්චර තිබෙනවද කරන්න?
කෝ දැන් මෙයාලා මීට කලින් ජාත්‍යන්තරයට පවා විකුණන්න පුලුවන් කියලා හදපු ගුවන් යානය? (නි)
කන් බිහිරිකමින් පීඩාවිඳින ලොව කෝටි ගණනන් ජනතාවට විවිධ මාදිලි වල ශ්‍රවණාධාර, උපකරණ ලොව දියුණු රටවල විද්වතුන්ගේ පර්යේෂණ අනුව හඳුන්වා දී ඇති මෙම යුගයේ මොරටු විශ්ව විද්‍යාලයේ මෙම පුතුන් තිදෙනාගේ නිපැයුම ලොවට හඳුන්වාදීමට රජය නිසි පරිදි ක්‍රියා කළයුතුය (නි)
ඉහත අදහස් දැක්වූ ශාන් සහ සමීර මහතුනි, මේ ලංකාව බව දනිමි. කුහක මිනිසුන් ගොන්නක් අතරේ ඔබත් විශේෂත්වයක් නැත. නිමැවුමේ වටිනාකම මැනීම කෙසේවෙතත් කළදේට වටිනාකමක් ලැබී ඇත්තේ ඇයිදැයි වටහා ගන්න. දකුණු ආසියාවේම එක වන්නේ අත උස්සා නොවන බව තේරුම් ගන්න. (නි)
විශිෂ්ට සොයාගැනීමක් (නි)
රටක් වටින පින් ඇති පුතුන්, අපේ ජාතියේ මහා සම්පත්! මුළු ලෝකයක් දිනන්නට ආසිරි ප්‍රාර්ථනා කරනවා. ඔබ සැමට බුදුසරණයි! (ර)
හරිම ආඩම්බරයි. (ර)
හොඳ සොයාගැනීමක්. මගේ සුබ පැතුම්! (නි)