IMG-LOGO

කොදෙව් කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම 2-0 කින් තරගාවලියේ පෙරමුණට එයි

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (03) පෙරවරුවේ පැවැති දෙවැනි විස්සයි20 ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 6 ක පහසු ජයක් ලැබූ කොදෙව් ක‍්‍රීඩිකාවෝ 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීමට සමත් වූහ.

කොදෙව් ක‍්‍රීඩිකාවෝ ලකුණු 74 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 15.4 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.

ශ‍්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළාය.

ශ‍්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස ලසන්ති මධුෂානි ලකුණු නොලබා දැවී ගියාය. ආරම්භයේ සිටම මන්දගාමී වූ ශ‍්‍රී ලංකා ඉනිමේ 14 වැනි  ඕවරයේ පළමු පන්දුවේදී ඒෂානි ලොකුසූරිය (9) දැවී යෑමත් සමග ලකුණු 38 කට කඩුලූ 5 ක් බවට පත්විය.
ශ‍්‍රී ලංකා පිලේ ලකුණු 10 යේ සීමාව පසු කළ එකම පිතිකාරිය වූ චමනි සෙනෙවිරත්න නොදැවී ලකුණු 12 ක් රැස් කළාය.

ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල  ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 73

(චමනි සෙනෙවිරත්න නොදැවී 12, ටි‍්‍රමෙනි ස්මාර්ට් 13/2, සුබ්රිනා මුන්රෝ 10/2)

කොදෙව් කාන්තා පිල  ඕවර 15.4 කදී කඩුලූ 4 ට 74

(කිසියා නයිට් 21, කිෂෝනා නයිට් නොදැවී 24, ඒෂානි ලොකුසූරිය 13/2)

 

 



අදහස් (0)

කොදෙව් කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම 2-0 කින් තරගාවලියේ පෙරමුණට එයි

සිල්වා Sunday, 03 March 2013 05:19 PM

රටේ නම කැත නොකර ඊලග මැච් තුන දිනන්න බලන්න.(නදී)

:       0       0

සිල්වා Sunday, 03 March 2013 11:13 AM

අපි මේකවත් දිනාගන්න බලමු. (නි)

:       0       0

යොහාන් Sunday, 03 March 2013 01:12 PM

මොකද මේ අපේ නංගිලාට වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 23 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 608 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 337 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site