ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල සහ බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක‍්‍රිකට් පිල අතර තරග පහකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක‍්‍රීඩාංගණයේදී අද (03) පෙරවරුවේ පැවැති දෙවැනි විස්සයි20 ක‍්‍රිකට් තරගයෙන් කඩුලූ 6 ක පහසු ජයක් ලැබූ කොදෙව් ක‍්‍රීඩිකාවෝ 2-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණට පැමිණීමට සමත් වූහ.
කොදෙව් ක‍්‍රීඩිකාවෝ ලකුණු 74 ක ජයග‍්‍රාහි ඉලක්කය ඕවර 15.4 කදී කඩුලූ 4 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ.
ශ‍්‍රී ලංකා නායිකා ශෂිකලා සිරිවර්ධන කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළාය.
ශ‍්‍රී ලංකා පිලේ පළමු කඩුල්ල ලෙස ලසන්ති මධුෂානි ලකුණු නොලබා දැවී ගියාය. ආරම්භයේ සිටම මන්දගාමී වූ ශ‍්‍රී ලංකා ඉනිමේ 14 වැනි ඕවරයේ පළමු පන්දුවේදී ඒෂානි ලොකුසූරිය (9) දැවී යෑමත් සමග ලකුණු 38 කට කඩුලූ 5 ක් බවට පත්විය.
ශ‍්‍රී ලංකා පිලේ ලකුණු 10 යේ සීමාව පසු කළ එකම පිතිකාරිය වූ චමනි සෙනෙවිරත්න නොදැවී ලකුණු 12 ක් රැස් කළාය.
ශ‍්‍රී ලංකා කාන්තා ක‍්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලූ 8 ක් දැවී 73
(චමනි සෙනෙවිරත්න නොදැවී 12, ටි‍්‍රමෙනි ස්මාර්ට් 13/2, සුබ්රිනා මුන්රෝ 10/2)
කොදෙව් කාන්තා පිල ඕවර 15.4 කදී කඩුලූ 4 ට 74
(කිසියා නයිට් 21, කිෂෝනා නයිට් නොදැවී 24, ඒෂානි ලොකුසූරිය 13/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ නම කැත නොකර ඊලග මැච් තුන දිනන්න බලන්න.(නදී)
අපි මේකවත් දිනාගන්න බලමු. (නි)
මොකද මේ අපේ නංගිලාට වෙලා තියෙන්නේ? (නි)