කදුරුවෙල නගරයේ අද (05) සිදු කැරෙන ගොවි විරෝධතා ව්‍යාපාරයක් නිසා කදුරුවෙල - මඩකලපු හා කදුරුවෙල - මහියංගනය ප්‍රධාන මාර්ග මඩකලපු හංදියෙන් වසා දැමීමට පොළොන්නරුව පොලිසිය පියවර ගෙන ඇත.
මේ නිසා ජනතාව දැඩි ගමනාගමන ගැටළුවකට මුහුණ පා ඇත.
වී වලට ලබා දී ඇති සහතික මිල ඉහළ දමන ලෙස හා පොහොර මිල අඩු කරන ලෙස ඉල්ලා පොළොන්නරු ගොවීහු මෙම ගොවි විරෝධය ආරම්භ කළහ.
ඡායාරූප - කරුණාරත්න ගමගේ
ඡායාරූප - නිමල් ජයරත්න






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට තමා කියන්නේ බොරු පොරොන්දු දීලා බලය ගත්ත වගේ නෙමෙයි මහජනයා නොසලකා හිටියොත් ඔහොම තමා මිනිසුන් පාරට බහිනවා (හේ)
බලන්නකෝ සිද්ධවෙන දේවල්? (නි)
පරණ ක්‍රමයට වෙන්නේ මුළු මුදලම පොහොර සමාගමට යනවා, ගොවියාට කිසිම විකල්පයක් නැහැ. අලුත් ක්‍රමය යටතේ මුළු මුදලම යන්නේ ගොවියාට. (නි)
ඇමතිතුමනි, මාධ්‍ය සංදර්ශන තියන්නේ නැතුව ගිහින් මේ ගොවියන්ට විස්තර පහදලා දෙන්න බැරිද? (නි)
දැන් කොයිබටද යන්නේ අපේ රට? නැවත ටයර් යුගයටද? (නි)
මේ රජය කරන්නේ තමුන්ගේ නොහැකියාව වසන් කරගන්න හිටපු අයට මඩ ගහන එකනේ (නි)
අනේ මන්දා ඇයි රජයට බැරි පසුගිය රජයෙන් ජනතාවට දුන් සහන ඒ විදියටම දෙන්න බැරි. ලංකාවේ ජාත්‍යන්තර නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකොට ජනතවට දුන් සහ තිබු සහන එලසින්ම දිය යුතුය. (බ)
ඇද්ද පොළොන්නරුවේ අයට (බ)
මේ අයත් එවලා තියෙන්නේ මහින්ද වෙන්න ඇති. එහෙමනේ දැන් සමහරු කියන්නේ. (නි)
රටේ පොදුජන ගැටළු අමතකකොට පක්ෂ හා පුද්ගල චරිත ඉස්මතු කරන්න ගියාම මෙහෙම වෙන එක අහන්නත් දෙයක්ද? (නි)
දැන්නම් රොටිය හොඳටම කරවෙලා වගෙයි (නි)
අවසානයක් නැති ගොයි ගැටළු (නි)
මැතිවරණයට පෙර දුන් පොරොන්දු අමතක කිරීම සහ මැතිවරණයකට පෙර මේ රටේ ජනතාව බඩගෝස්තරවාදී දේශපාලකයන්ගේ මුසා බස් වලට රැවටීම දැන් නියතයක්. නමුත් මෙම විරෝධතා මෙහෙයවන නායකයන් කළයුත්තේ මහමඟ අවහිරකොට දුප්පතුන් අමාරුවේ දැමීම නොව මේවාට වගකිවයුතු ලොකුම ලොක්කන් වටකිරීමයි. (නි)