කුඹුරුවලට වතුර ඉල්ලා  අම්පාර ගොනාගොල්ල ඇතුළු ගම් කිහිපයක ගොවියෝ  අද උදේ සිට මහඔය අම්පාර පාර අවහිර කරමින් විරෝධයක් ඇරැඹූහ.

ඉගිනියාගල සේනානායක සමුද්‍රයෙන් මෙවර කුඹුරු අක්කර හැට දහසකට වඩා ජලය දිය නොහැකි බව  කන්න රැස්වීමේදී මීට මසයකට පෙර දන්වා තිබියදීත් ගොවීහු පාරට බැස සිටිති.

සේනානායක සමුද්‍රයෙන් ජලය ලැබෙන මුළු කුඹුරු අක්කර ප්‍රමාණය එක්ලක්ෂ තිස්දහසකට ආසන්නය.

සහකාර වාරිමාර්ග අධ්‍යක්ෂක නිහාල් සිරිවර්ධන මහතා පැවසුයේ ගොවීන්ට මේ තත්ත්වය කන්න රැස්වීම්වලදී පැහැදිලි කැර ඇති බවයි.