වැලිවේරියේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකීය කතෝලික සභාව අතිශයින් කම්පා වන බව ශෝක පණිවුඩයක් නිකුත් කරමින් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරුතුමෝ කියති.
එම ගැටුමෙන් මියගිය ගම්පහ ශාන්ත පීතර විදුහලේ රවිනාශ් පෙරේරා සිසුවාගේ දේහයට අවසන් ගෞරව දක්වමින් කාදිනල් තුමෝ යාච්ඤා මෙහෙයක් ද පැවැත්වූහ.
බලය අතට ගනිමින් ජනතාවගේ එදිනෙදා ජීවිතය අවුල් කරමින් මර්දනකාරී ලෙස විරෝධතා දැක්වීම අපි අනුමත නොකරන්නෙමු. හැම ප්‍රශ්නයක්ම විසැඳීමේ නිවැරැදි ක්‍රමය සාමකාමී සාකච්ඡාවයි. සංවාදයයි. උද්ඝෝෂණය කළ නිරායුධ ගැමියන්ට පහර දීම අනුමත කළ නොහැකිය. සිද්ධියෙන් ජීවිත හානි වූවන් හා ඉන් පිඩාවට පත් පිරිස ප්‍රකෝපකාරී ලෙස උද්ඝෝෂණ කළ අය නොවෙති. වැලිවේරිය ශාන්ත අන්තෝනී දේවස්ථානයේ ආරක්ෂාව පැතූ මහජනයාට හමුදාවේ ඇතැම් පිරිස් විසින් සිදුකැරුණු ප්‍රහාරය නොපැකිලව හෙළා දකිමු.අවි දරමින් ප්‍රචණ්ඩකාරී ලෙස ශුද්ධවූ භූමියකට ඇතුළුවීම ආගම කෙළසීමකි. අහිංසක මිනිසුන් මරා දමමින් , දේවස්ථානයක පාරිශුද්ධියට පටහැනිව ක්‍රියාකළ සියලු දෙනාට එරෙහිව අපක්ෂපාත හා සාධාරණ පරීක්ෂණයක් පවත්වා නිලය හෝ තනතුර නොබලා වැරදිකරුවන්ට දඩුවම් කරන ලෙස අපි රජයෙන් තරයේ ඉල්ලා සිටිමු.අපේ උතුම් ආගම් වල විශ්වාසය අනුව පීඩාවට පත් සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනුයේ සාමකාමී ලෙස ඉවසීමෙන් ක්‍රියා කරන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාදිනල්තුමනි, මැතිවරණ වලදී සිදුවන අකටුතුකම් ගැන මහජන විරෝධය පෙන්නුම් කිරීමට ජනතාව දැනුවත් කරන ලෙස කරුණාවෙන් ඉල්ලමි. (නි)
නැති උන දරුවාගේ කරෙන් ගොඩ යන්න එපා. (අ)
බන්දුල,ඔයාට මොළයක් තියෙනවද මෙහෙම කතාකරන්න? ඔයාගේ සහෝදරයෙක් එහෙම මැරුනා නම්, ඔයාලා ඉන්න පැත්තේ වතුර විස නම් කොහොමද දැනෙන්නේ? (නි)
කාදිනල්තුමනි, මේ සිද්ධිය ජාත්‍යන්තර අවධානයට යොමුකරනු ඇතැයි බලාපොරොත්තු වෙමි.පල්ලියක් හෝ පන්සලක් හෝ වෙනත් ඕනෑම ආගමික ස්ථානයක් යනු ඉතා ශුද්ධ වූ ස්ථානය.එවැනි තැන්වල මිනිසුන්ට මෙවැනි දේ කිරීම හරිම පහත වැඩකි. (නි)
බලමු මේ ගොල්ලෝ කාදිනල්තුමාගේ වචනෙට අඩුගානේ ගරු කරලා සාධාරන පරීක්ෂණයක් කරයිද කියලා. (නි)
වැඩක්නැහැ උතුම් අගරදතුමනි, ඔබ වහන්සේට ඇහුම්කම් දෙයිද? (නි)
ආවේගශීලී ප්‍රතිචාර දැක්වීම අපේ රටවල්වල වැඩි දෙනෙක්ගේ ලක්ෂණයක්. උද්ගෝෂණය කරපු මිනිස්සුන්ට ඇත්තටම ප්‍රශ්නයක් තිබුණු බව සැකයක් නැහැ. නමුත් යම්කිසි උසිගන්වීමක් මත ඔවුන්ගේ විරෝධතාවය සීමාව ඉක්මවා ගියා. මේ අවාසනාවන්ත සිද්ධිය ඒකේ ප්‍රතිපලයක්. කාදිනල්තුමා කියල තියනවා වගේ ප්‍රශ්න විසඳන්න ඕනෑ සංයමයෙන් සහ බුද්ධියෙන්. මියගිය/ තුවාලලත් අයගේ පවුල් වලට සාධාරණයක් ඉෂ්ට කිරීම සැමගේ යුතුකමක්. (නි)
රට අදුරට වැටුණහම තේරෙයි තම දුවා දරුවන් වැටුණු වලේ ගැඹුර. (නි)
අසේල, සමහරුන්ට කොච්චර කිව්වත් වැඩක් නැහැ. (නි)
නැවතත් මෙවැනි සිද්ධීන් අහන්න සිද්ධ නොවේවා.අපි මේ සිද්ධිය හෙළා දකිනවා. අප අතරින් වෙන්වුන දරුවාට නිවන් සුව පතමි.රුවනි ,වසන්ති මෝඩ අදහස් පල කරන්න එපා. (නි)
අපේ මව්බිමට මෙපමණ සේවයක් කළ හමුදාවට ඇයි සේරම දැන් දොස් කියන්නේ.හමුදාවේ කීප දෙනෙක් කරපු වැරැද්දට.මෙතන ඇතුළු පැත්තෙන් තව ලොකු දෙයක් තිබෙනවා.හමුදාපතිතුමනි, තවත් හමුදාවට අගෞරව වෙන්න පෙර හැකි ඉක්මණින් මේ සිද්ධිය ගැන සොයා බලා ජනතාවට එළිකරන්න කියා ඔබතුමාගෙන් ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.දරුවෙක් නැතිවුණ ඒ දෙමව්පියන්ට මේක දරාගන්න බැහැ. (නි)
හමුදාවේ රතු කට්ට පැන්නට අපිට මොකද?හමුදාව කියන්නේ රට රකින අය මිසක් රට වනසන අය නෙමෙයි.අනිත් එක මේ හැමෝම ජනතාවගේ සේවකයෝ මිසක් රජවරු නෙමෙයි. (නි)
ඔබලා ඉල්ලුවේ පිපාසෙට වතුර. ඔබට එයට ලැබුනේ වෙඩි උණ්ඩයෙන් පිළිතුර.... අවි ගත්තෝ අවියෙන් නසිති නම් තව කල් යන්නේ පෙර ප්‍රතිඵල ලැබේවි. (නි)
මම බෞද්ධ තමයි. ඒත් මම ක්‍රිස්තියානි පුජකවරුන්ට ගරු කරන්නේ ඔවුන් කවදත් අසරන මිනිසුන් වෙනුවෙන් පෙනී සිටින නිසයි (නි)
ලොකු දෙයක් මේවට විරුද්ධව කට ඇරපු එක ගැන. ඔබ වහන්සේලටවත් බැරිද මේවා ජාත්‍යන්තරයට ගෙනියන්න (නි)
ඒ වගේම පාරවල් සතියක් තිස්සේ වැලි කොට්ට දාලා අවහිර කරලා,වහල දාලා කාර් රේස් තියපු ඒවත් අපි හෙලා දකිනවා (නි)
පාප් වහන්සේ ඉල්ලුවොත් නම් සාධාරණ පරීක්ෂණයක් කරාවි. එහෙත් තීන්දුව එන්න පාප් වහන්සේ ලංකාවට එනකම්ම ඉඳ වෙයිද නම් දන්නෙ නැහැ (නි)
ජාත්‍යන්තර පරික්ෂණයක් අවශ්‍යයි අපිට (නි)
බොන වතුර ටිකේ ඇසිඩ් කියල දැන දැන කොහොමද අනේ ඒ මිනිස්සු වතුර ටිකක් බොන්නේ. අනික හැම ප්‍රශ්නෙටම රටේ නීතිය අතට අරන් ප්‍රකෝපකාරී වචන භාවිතා කරමින් තමන්ට හිතුමතේට දේපල ගිනි තියමින් ජනතාව අවුස්සන සංවිධාන වලින් දෙන පූර්වාදර්ශ මේ හැම දෙයකටම මුල වෙන්න පුළුවන්. පව් අසරණ ජීවිත කීපයක් අපිට අහිමි වුනාද? (නි)
කවුද මේ බන්දුල පෙරේරා? ඔයාගේ ෆොටෝ එකක් දාන්න පුලුවන්ද බලන්න. (නි)
බන්ධුල පෙරේරාට වලිගයක්වත් තිබුනා නම් හරක් මස් කඩේකට හරි දෙන්න තිබුණා (නි)
මේ අපරාධය කළ අයට අද හෙටම ඇස් ඉදිරිපිටම මෙය පටිසන් දෙන්න ඕනෑ (නි)
බොහොම සතුටු වෙන්න කාරණාවක් අපේ පියතුමාලා පැමිණීම ගැන (නි)
මේ ක්‍රමය වෙනස් කරන්න ඔබගේ සහය ලබා දෙනු ඇති කියා අපි බලාපොරොත්තු වෙමු. (නි)
කාදිනල්තුමනි, ඔබතුමාගේ අදහස නිවැරදියි.මෙතැනදී පමණක් නොව සියලුම අසාධාදාරනකම් වලට එරෙහිව පෙරමුණ ගෙන යහපත් සමාජයක් ගොඩ නැගීමට සක්‍රියව දායක වන්න .ජේසුතුමා ක්‍රියා කළෙත් එලෙසයි.ඔබට දෙවි පිහිටයි (නි)
හමුදාව යොදවලා මිනිසුන් මර්දනය කරන්න කියල කියපු කෙනාගේ නම අද හෙට හෙළි වෙනවා. එතකොට මොනවා වෙයිද දන්නේ නැහැ. (නි)
පාප් වහන්සේට එන්න එපා කියලා දන්වන්න. මේ වැනි කාලයක පැමිණීම ඒ වැනි කෙනෙකුට තරම් නොවේ (නි)
බන්දුල, ඔයාගේ අදහස් අපි කියවනවා. ඔයා කොහොම කෙනෙක්ද යන බව කව්රුත් දන්නවා.එහෙත් හමුදාව මිනිස්සුන්ට වෙඩි තිබ්බ එක හරි කියන්න තරම් පහත් පුද්ගලයෙක් බව දැන ගත්තේ අද. (නි)
මා ඔබතුමාට ගරු කරමි. අපේ මහානායක හිමිවරුන්ට බැරිවුණා මේ ගැන එක වචනයක් කෙලින්ම කියන්න. අද රටේ උසස් උගතුන් නිහඩ වෙලා. අවංක දේශපාලනයක් නැහැ. හැමෝම තම තමන් ගේ වරදාන වලට යටවෙලා ,නීතියක් නැහැ. අසරණ මිනිසා අසරණ වෙලා. මියගිය සොයුරාට නිවන් සුව පතමි.හරිම දුකයි. ඉල්ලුවේ පිරිසිදු ජලය ,ලැබුනේ මරණය. අපි මල් පිදු හමුදාවම විසින්ම වෙඩි වරුසා දීලා මිනිසුන් මැරුවේ නන්දිකඩාල් වගේ. (නි)
කෝ ඔය අන්තවාදීන්ගේ අදහස් එහෙම නැද්ද? (නි)
කල්මරමින් ඉන්නේ නැතුව ඉක්මනින් අපක්ෂපාත පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට සුදුසු දඬුවම් දී මියගිය අයගේ පවුල්වල අයට වන්දියක් දී මේ ප්‍රශ්නය රට තුලදීම් විසදා ගතහොත් හොදයි නේද ? නැත්නම් මේ ප්‍රශ්නයත් ජාත්‍යන්තරයට ගියොත් විශාල කරදරයකට අපේ රට ලක්වීමට ඉඩ ඇත (නි)
සර්වබලදාරී දෙවියන් වහන්සේ කොහේද? (නි)
මෙහි අදහස් පළකරන අපි කිසිවෙක් මේ ගැටුමට ප්‍රායෝගිකව සම්බන්ධ වෙලා නැහැ.අන්තර්ජාලයෙන් හා ජනමාධ්‍යයෙන් ඇසුදුටු දේ අනුව ලියන්නෝ. හැමෝගෙම අදහස් වලට අපි ගරුකළ යුතුයි. රුවනි,වසන්ති, බන්දුල, අසංග ,පහන්, පැහැසර අදහස් හරි අගෙයි. ගරු කාදිනල් තුමා පමාවී හෝ මෙම ගැටුමට මැදිහත් වීම ඉතා අගෙයි. එතුමාට මා දණ නමා ආචාර කරනවා. නමුත් පියතුමනි, ඇයි ඔබ පමාවුනේ. ඒ ගැන මම ඉතා කණගාටු වෙනවා.ඔබට ජේසු පිහිටයි. මිය ගිය සැමට මොක්සුව පතමු (නි)
ඔබතුමා එළියට බැස්සොත් අපේ කට්ටිය ටිකක් බයයි. මතකනේ රාවතාවත්තේ ළමා නිවාසේ සිද්ධිය. (නි)
අතිඋතුම් කාදිනල්තුමාට අපගේ ආචාරය! (නි)
පාප් වහන්සෙට ලංකාවට එන්න කියලා පල්ලි වලට වෙඩි තියවනවා. (අ)
බුද්ධිමත්ව ඕනෑම ගැටළුවක් තේරුම් ගෙන විසඳන දිසාවට යොමු වීම වෙනුවට පාරවල් වසා අවුලෙන් අවුලට පත් වෙන්න කටයුතු කලේ කවුද, ඒ අය තමයි අන්තවාදියි. (අ)
නොවැම්බරේ පොදු රාජ්‍ය මණ්ඩල සැසියට එන රාජ්‍ය නායකයන්ද මේ සිද්ධිය ගැන අවධානයෙන් සිට වැඩ කළොත් නරකද? (නි)
කන්දෙක කකියනවා තවමත් යුද්දේ ඉවර කරා කරා කියල අහිංසක මිනිස්සු මරනවා. යුද්දේ තනියෙන් දින්නේ නැහැ.පක්ෂ, විපාශ ,සියලු හමුදා ,සියලු ජනමාද්‍ය ,සියලු ආගම් එකතු වුනා.මරණ බයට ආගමික ස්ථානයකට ගිය අයට ප්‍රහාර එල්ල කල එක හෙලා දකිමි.
සර්වබලදරී දෙවියන් වහන්සේ ඔබ සමග වේවා.
දැන් සියල්ල අවසානයි. මේවා වෙන්න කලින්ම ජනතාව වෙනුවෙන් කතා කරන්න තිබුණා නම් හොදයි. අපි දැක්කා වැලිවේරිය අවට පන්සල් වල හාමුදුරුවරු සක්‍රියව ජනතාව වෙනුවෙන් නැගී සිටිනවා. අපේ ප්‍රශ්න අපි විසදාගත යුතුයි (නි)
වැරදි මිනිස්සු වැරදි තැන ඉන්න රටක් මේක.මහනායක හිමිවරුන් මෙතෙක් බොහෝ දේ කිවුවා ඉල්ලීම් කළා.කෝ ඇහුවද? (නි)
අපේ මහනායක වන්සේලා අයි නිහඬ, ඔබ වහන්සේලා බයද අදසක් වත් නොකියන්නේ. අපේ හාමුදුරුවනේ වැරදි දී කවුරු කලත් වැරදි කියන්ඩ බයවෙන්ද එපා. කාදිනල් තුමාලා කතා කරන කම් බෞඩයෝ,සිංහලයෝ ගැන කතා කරන්ඩ බැරි අයි? මම උපතින් සහ ඇදහීමෙන් බෞදයෙක්මි.
බන්දුල පෙරේරා,ඔබගේ මුහුණත පින්තුරයක් පළකරන්න බැරිද? ඔබ මේ ලියන බලන ලංකාදීප මාධ්‍ය සාමාජිකයන්ටත් දරුණු අපරාධ සිද්ධ වුණා. ඔබට අයිතියක් නැහැ මනුෂ්‍යයන් සමග හැසිරෙන්න! (නි)
මම බෞද්ධයෙක්. හැබැයි උප්පැන්නෙට විතරක් නොවෙයි. ඒ නිසා හරක් වෙනුවෙන් මැරෙන්න එන නාමික පුජකයෝන්ට වැඩිය, මිනිසුන් වෙනුවෙන් පෙනීසිටින ඔබට ගරු කරමි.
දැන් ප්‍රමාද වැඩි නැද්ද? (නි)
පල්ලිය තුල සිදු වූ ක්‍රියාවලිය දන්නේ නැති උනත් පල්ලිය තුල යම් දෙයක් වෙලා තියෙනවා හමුදාවේ රතු ඉර පන්නන්න තරමට..හමුදාවට ගල් මුල් වැලි බෝතල් වලින් ගහල ගිහින් පල්ලියක් නෙමෙඉ පන්සලක් ඇතුලට වැදුනත් ප්‍රතිපලය ඕක තමඊ.තමන්ගේ ප්‍රසන විසදගන්න සාදාරන ක්‍රම තියෙද්දී එව උපයෝගී කර ගෙන අනුන් හිංසාවට ලක් වන සිදුවීම් වලින් වැළකිලා උද්ගෝෂණය කරන්න මිනිස්සු පොලබවන එක ඔය උද්ගොෂනයත් එක්ක හිටපු බෞද්ද බික්ෂුඋන් වහන්සේලා මෙන්ම අනෙකුත් පුජක වරුන්ගේත් වගකීම වෙලා තිබුනත් එ හැමෝම කලේ ඇවිලෙන ගින්නට පැට්‍රල් දාන්න කට්ටියට උදව් කරපු එක..ගින්න ඇවිලුනාත පස්සේ ප්‍රතිපල ගැන ප්‍රකාස නිකුත් කරලා වැඩක් නැහැ.වෙන්න තියෙන දේවල් වෙලා ඉවරය් එතකොට..
පල්ලිය ඇතුලේ හිටිය අසරනයන්ත වෙඩි තිබ්බේ මොකටද
බන්දුල පෙරේරා කරන්නෙත් රැකියාවක්. (නි)
ජනතාවගේ ඡන්දෙන් මේ හැම දෙයක්ම වෙනස් කරන්න පුලුවන්. ඒකට ඡන්දදායකයාට බුද්ධියක් තියෙන්න ඕනෑ (නි)
මේවා තිරිසන් කමට හැදුනු අම්මෙක් අප්පෙක් නැති බල්ලෝ කරන වැඩ. ජනාදිපති තුමනි අපි අවදියෙන්.(නදී)
වගකිවයුත්තන් කටවල් වසාගෙන සිටියදී ඔබ නැවතත් අසාදාරණයට පත්වුවන් වෙනුවෙන් පෙනීසිටීමෙන් තමන්ගේ වගකීම ඉටු කොට ඇත. ඔබට ස්තුතියි (නි)
අපි ගරුකරනවා ඔබතුමා මෙවැනි ප්‍රකාශයක් කිරීම ගැන. දැන් වගකිවයුතු අයගේ ඇස ඇරේවි (නි)
ලෝකයේ තියෙන නීතිය අනුව ආගමික ස්ථාන, රෝහල් වලට ගහන්න බෑ(නදී)
මේක අපේ කළු සුද්දන්ටනම් හරිම වැදගත් ප්‍රවෘත්තියක් කියලා මේ අදහස් වලින්ම පේනවා. මේ මිනියත් කර තියාගෙන අධිරාජ්‍ය වාදීන්ට කඩේ ගිහින් රටම මළගෙයක් කරන්න අපේ රටේම ඉපදිලා ඉන්න කට්ටිය දැක්කහම රටේ ඉරණම ගැන හිතා ගන්න පුළුවන්. හිත ඇතුලේ තියාගෙන පිටකරගන්න බැරි ඒවා අවස්ථාවට එලියට දාලා තියෙන හැටි බුද්ධි අංශත් සලකා බලනවා නම් හොඳයි.(නදී)
වෙඩි තියල මරනකම් ඇස කන් වැහිලා තිබුනේ හාමුදුරුවරු උපවාස කල එත් ඒවාට කවුරුත් සැලකුවේ නැහැ (අ)
මේ මිනිසුන් දවස් 6 ගමේ උද්ගෝෂණය කලා. අවරුදු ගානක් තිස්සේ හැමතැනටම ලිවව, කිව්වා වතුර බොන්න බැහැ කියල. මොකද්ද මේ ආණ්ඩුව ගත්ත ක්‍රියාමාර්ගය? මේ ආණ්ඩුවේ ඉන්න ප්‍රබලතම ඇමතිවරයා ඉන්නෙත් මේ පළාතේ නේද? දැන් මිනි මරල එක එක දවල් කියල වැඩක් තියනවද? හරි දේ හරියටත් වැරදි දේ වැරදියටත් දකින්න . එක ඔයාව ජාතක කරපු මව් පියන්නට කරන ගෞරවයක් (දී)
මගේ ඔලුව නිකන් අවුල් වෙලා වගේ (නි)
ආගම කුමක් උනත් මෙතුමා කියූ කතාවේ සැගවුණු ඇත්ත තමයි ආණ්ඩුව ජනතා මර්ධනයට පක්ෂ පාට ආගම මේ මොකවත් බලන්නේ නෑ කියන එකයි. ඔබතුමාටත් ඒ යථාර්තය පැහැදිලි ඇති කියා සිතමි. (දී)
කියවා බලන්න කාදිනල් තුමාගේ ප්‍රකාශය සාවදානව තව වරක් වත්, සිදුවීම් පෙළ ගැසුණු අයුරු වැටහෙයි. සමස්තය ගත් කල ප්‍රතිපලය, ගැටලුව වැඩුණු දිසාවට සිදු වීමේ නපුර, මලපුඩුවට අසු උනා වැනි. (දී)
ටිකක් සිහි බුද්ධියෙන් කතා කරන්න (දී)
බහුතරයකට ඕනෑ දේත් මේකනේ (නි)
මේක මිනි කන්නන්ගේ දේශයක් වෙලාද? (දී)
හරියට හරි අපි අධිරාජ්‍ය වාදීන්ට කඩේ නොගිහින් සැබෑම දේශප්‍රේමින් වගේ ඉමු. (දී)
ඉන්දියාවේ බෝපාල් වලට වුණා වගේ වුනහම කාගේ කාගේත් ඇස් විවෘත වෙයි. එතකන් මේක දේශපාලන කුමන්ත්‍රණයක් කියලා හැමෝම බෝතල් වතුර බොන්න (නි)
වැලිවේරිය මීසම බාර පියතුමා උද්ගොෂණයට සහය නොදුන්නා පමණක් නොව .පිහිට පත දේවස්ථානයට පැමිණි ජනතාවට ඉන් පිටව යන ලෙස කියාසිටිනවා(වීඩියෝ හඩපට අන්තර්ජාලයේ තිබෙනවා )පල්ලියට වෙඩි වැදුණු බව මාද්‍යයට කිසාසිටියේ නැහැ .මැල්කම් රන්ජිත් පියතුමා ගේ මෙම ප්‍රකාශය ඉතා වැදගත් අගේ කොට සලකනවා .වැලිවේරිය කතෝලික බහුතරය සිටියත් මෙතන ආගම බේදයක් නැහැ .පල්ලියේ වැඩට (පොල්තොරණ ගහන්ඩ බෞද්ධ අයත් පොල් දෙනවා )බෞද්ධ අයත් උදව් වෙනවා .බෞද්ධ වැඩවලට කතෝලික අයත් උදව්වෙනවා ආගමික සමගිය තියන ගමක් (දී)
ඔබ ඉතා ශ්‍රේෂ්ටයි ඔබතුම ඕන වෙලාවට එමදෙයකරනවා ඔබට ජෙසුපිහිටයි (දී)
වටින් ගොඩින් එන්නේ නැතුව අදහස එකෙන් දෙකෙන් දෙන්නකෝ (දී)
පල්ලිය තුල සිදුවච්ච සිද්දිය විතරක් නෙමෙයි ඔය මේ ගැන මෙලෝ හසරක් දන්නේ නැති බව කියන දේ වලින්ම තේරනව. අර පැහැසර කියනවා වගේ ඔය වගේ අයට අනුකම්පා කරනවා ඇරෙන්න වන මොන කරන්නද?? (දී)
ආ ,අදත් ගත්තද මල්ල අතට කඩේ යන්න ,(දී)
බන්දුල පෙරේරාට ඊළඟ ආත්මයේ ලැබෙන්නේ පෙරේත ආත්මයක්. හරි දේ හරි කියන්දත්,වැරදි දේ වැරදි කියන්නත් පුරුදු වෙන්න. මේ රටේ මිනිස්සු වැඩි දෙනෙක් තවමත් රජයට පක්ෂයි (නි)
මම වැලිවේරියේ බෞද්ධයෙක් වුණත් ඔබතුමාගේ පැමිණීම හා අවදානය ජාත්‍යයන්තරයට යොමු කිරීම ගැන ඉතා ගෞරවයෙන් අගය කරමි. (නි)
මම බෞධයෙක් උනත් ඔබ තුමන්ගේ අදහසට ගරු කරනවා,රටේ මහා ජාතිය ප්‍රදාන ආගම උනාට අපේ මහනායක හාමුදුරුවන්ට බැරි උනා කටක් ඇරලා ප්‍රකාශයක් කරන්න,අපේ අදහස් පලකරන සමහර උදවිය මේ ලිපිය හරියාකාරව කියවල නෙවේද කොහෙද අදහස් දල තියෙන්නේ,පරීක්ෂණයක් කරන්න කිව්වම එක වැරදි දෙයක් නෙවේනේ,එතකොට පුළුවන් හරි වැරැද්ද හදාගන්න,වැරැද්ද දෙපැත්තට ඇගිල්ල දික් කර ගන්නවට වඩා පරික්ෂයට මුණ දෙමු,එතකන් බලා ඉදිමු,ඇ යි කලබල වෙන්නේ
ඔය බන්ධුල පෙරේරලා, අසේලලා වගේ අය දොඩවන්නෙ හරියට යමක් දැනගෙනද? මේ මැරුණු ලමයා ගිහින් තියෙන්නෙ වැඩට. එහෙම මිසක් පෙලපාලියකට නෙමෙයි. විසුරුවන්න ඕනෑම නම් ජල ප්‍රහාරවල් යොදාගන්න තිබුනනේ. පොලුගහලා වෙඩිතියලා දාන්න කවුද අණ දුන්නේ? (නි)
මේ කියන වතුරවල විෂ තිබුනද? නැද්ද? (දී)
පාප්තුමන්ට ලංකාවට එන්න එපා කියන්න. මොකද දැන් ලංකාවේ ඉන්නේ හොද අය නෙමෙයි (දී)
ගරු කාදිනල් තුමන්ට අපගේ ප්‍රණාමය. (දී)
ඇත්ත අපි දන්නවා (නි)
මේ මිනිස්සු පාරට බැස්සේ උන්නු හිටි ගමන් නෙමේ.. කාලෙක ඉඳන් වගකිව යුත්තන්ට දැනුම් දුන්නා කවුරුත් ගණන් ගත්තේ නෑ.. බැරිම තැනයි මේ මිනිස්සු පාරට බැස්සේ... කනගාටුයි ඔබලා වගේ අය ගැන... (දී)
කොන්ද කෙලින් තබාගෙන කතා කරන කාදිනල් උතුමාණෙනි, ඔබතුමාට තව තවත් ශක්තිය ලැබේවා! (නි)
අපේ හමුදාවට විනයක්,සංයමයක් නැහැ කියලද මෙයාල කියන්නේ? (දී)
මේ රටේ, පරීක්ෂණ කාගෙන්ද ඉල්ලන්නේ? දැන් නම් අපි කැමති ඇමෙරිකාව එන එකට. (දී)
සන්තෝසයි (දී)
අශාන් මහත්තයෝ,බොරු කියන එකෙත් සිරිතක් තියෙනවා..මේ මිනිස්සු සතියක් තිස්සේ උද්ගෝෂණ කලා කියල අපි දන්නවා..යම් තාක් දුරට විසදුම් ලැබුණු බවත්,යම් පියවරයන් සකච්චාවෙමින් තිබුණු බවත් අපි දන්නවා.අවසාන දිනේ පාර හරස් කලේ,විකල්ප මාර්ගත් හරස් කලේ බැරිම තැන කියලද කියන්න හදන්නේ.අපි කොන්දේ බලා නැහැ මහත්තයෝ.....ඒ දේ කලේ එක්කෝ යම් උසි ගැන්වීමකින්..එහෙම නැත්නම් තියෙන මදාවි කමට අනිත් මිනිස්සු පීඩා විදිනවා බලන්න කැමැත්තෙන් ..එදා කලේ වතුර ඉල්ලලා කරපු උද්ගෝෂණයක් නෙමෙය් බොහොම අහිංසකව දුක හිතෙන විදියට වතර ප්‍රස්නේ ඉස්සරහට දැම්මට...මේ අදහස් දාන වැඩි පිරිසක් මේ දාල තියෙන අදහස් බැලුවම තේරෙනවා කට්ටියගේ අරමුණු මොනවද කියල..මෙතන තියෙන්නේ රටේ මතය නෙමෙය් ..අර මේ රටට වින කටින්න බලාගෙන ඉන්න අරාබි වසන්ත ගෙන්න කතා කරන මේ ආණ්ඩුවත් එක්ක බද්ද වය්රයෙන් ඉන්න වැඩි වසයෙන් පිට රටවල් වල ඉන්න කල දුටු කල වල ගොඩ ඉදලම ඉහ ගන්න හදන කළු සුද්දන්ගේ මතය . රටේ මිනිස්සු අවන්කවම මේ මරණ ගැන දුක් වෙනවා..ඒ වගේම යම් ප්‍රශ්නයක් මේ ප්‍රදේශයේ මිනිස්සුන්ට තියෙනවනම් එක විසදන්න ඕන කියන මතෙත් ඉන්නවා..ඒ වගේම පාරවල් අවහිර කරලා මේ කල උද්ගෝෂණය හෙලා දකිනවා වගේම හමුදාව මැදිහත් වෙලා බලය යොදල මේක විසිරවපු එකත් අනුමත කරනවා.. (දී)
මතකද 88 දී හමුදාවට බලය දුන්නම වුන දෙය...ඔලු බක්කෝ වැනි පහත ක්‍රම වලින් වැරදි කරුවන් ඇල්ලුවේ.ඔවුන්ට ජාත්‍යන්තර නීතිය අනුව සැලකුවද...ඔන්න යූ.එන. සාම සාදකයේ ඉන්න අයට ඕව බොරු.මොකද අණ දෙන්නේ පිළිගත් /උගත් /උපාධිදාර සංයමයක් ඇති වැදගත් හමුදා නිලධාරීන්ගෙන්.වරදක් වුනත් අපක්ෂපාතී පරීක්ෂණ.අන්න එකට අපේ රටේ-රබර් උණ්ඩයට ජීව උණ්ඩ-දනෙන් පහලට නම් පපුවටම.මොකක්ද මෙයාලගේ ප්‍රමිතිය.කාර්ය ශුර හමුදාවක් දේශ පාලන උවමනාවට කුලියට මිනී මරණ සුනකයන් වීම ජාතියේම අවාසනාවකි. (දී)
හරිම දුක හිතෙනවා මේ ගැන හිතද්දී (දී)
බුදුනේ ජෙසුනේ නබ්නායක තුමනි ලංකාව ආරක්ෂා කර දෙන්න (දී)
අනේ මන්දා (දී)
කොහොම නමුත් දැන් ලංකාව ජාත්‍යන්තර අපකීර්තියට පත්වෙලා අවසන්.අපේ රට ගැන ලැජ් ජා වෙනවා හැරෙන්නට සතුටුවිය හැකි කිසිවක් නැත.මෙය තේරුම් අරගෙන බෙදීම් නැතිව මානුෂික හැගීමෙන් සහ එවසීමෙන් කටයුතු කරන්න කියන එක මගේ මතය. (දී)
කාලින්ගලා මහා ලොකු වචන දාලා ලොකු ලොකු කතා කළාට වෙන කෙනෙකුගේ මතය ඉවසන්න බැහැ නේද? එතනම පේනවනේ තමුන්ගේ නිරුවත.. (නි)
කවුද පල්ලියේ හිටපු මිනිසුන්ට ගහන අවසර දුන්නේ? මොකටද පල්ලියට වෙඩි තිබ්බේ? මේවා බොහොම වැරදි වැඩ (නි)
ජර්මනියේ රුවනි,වසන්ති, මමද ඔබලාගේ අදහසට එකඟ වෙමි. සිංහලකම ගැන ,බෞද්ධ අයිතිය ගැන කතාකරන අදහස් දක්වන අයෙකු වශයෙන් ,සිංහල බෞද්ධයෙකු වශයෙන් අපේ හාමුදුරුවරුන්ගේ සහ සිංහල බෞද්ධ අයිතිය රකින සන්විධාන වල නිහඬ බව ගැන පුදුම වෙමි. (නි)
ගරු මැල්කම් රන්ජිත් හිමිපාණෙනි, ලේ පිපාසිතවුවන් මෙන්ම දිය පිපාසිතවුවන් එකට මුණ ගැසී තිබෙන අවාසනාවන්ත මොහොතක, මේ දරුවන්ගේ මරණයෙන් කම්පාවට පත්ව සිටින මව්පියන්ට මෙන්ම, මේ ඛේදවාචකය නිසා ගිනි දැල්වී ඇති අනෙකුත් සියලු දෙනාගේ හදවත් වලටත්, ඔබවහන්සේගේ සහභාගිත්වය මෙන්ම උතුම් වචනයේ ශක්තියෙන්ද කිසියම් සිසිලසක් ගෙන දෙනු ඒකාන්තයි. (නි)
අනේ! අපේ රට බන්දුල පෙරේරා වගේ අයගෙන් බේරලා දෙන්න දෙවියනේ (නි)
මතු බුදු බව ලබන ජේසු ස්වාමි දරුවන් හට ශ්‍රී ලංකාව භාර වේවා! (නි)
මීට පස්සේවත් ඔය උද්ගෝෂණ කරන අයට සෙනඟ නොගැවසෙන ක්‍රීඩා පිට්ටනියක් හෝ පාලු මිනි පිට්ටනියකට ගිහින් උද්ගෝෂණය කරන්න කියලා යෝජනාවක් කළා නම් අනෙක් සාමකාමී අයට කරදරයකුත් නැහැ නේද? ඇත්තටම මම නම් ඔය මරණ ගැන ශෝක ප්‍රකාශ කරන්න නම් යන්නේ නැහැ. (නි)