හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නව කතානායක කරු ජයසූරිය මහතාට සුබ පැතුම් එක් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා නව කතානායක කරු ජයසූරිය මහතාට සුබ පැතුම් එක් කරමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පද්මිණි-ප්‍රංශය.ලෝකයේ මොන රාජ්‍ය නායකයාද රුපියල් කෝටි 25-30 මහජන මුදලින් වියදම් කරලා තමන්ගේ පුතනුවන්ට ලම්බෝගිනි,ෆෙරෙර්රි,පොර්චේ කර 7-8 ගුවනින්ම ඉක්මනින්ම ගෙනත් දෙන්නේ?සෙනෙහෙවන්ත පියෙක් නෙමෙයිනම් එහෙම කරාවිද ? (ම)
ඉස්සර නම් ගුඩ් ලක් ලොකු අප්පච්චි කියන එකනේ කියන්න ඇත්තේ. දැන් දිව නැමෙනවද දන්නේ නැහැ එහෙම අයට කියන්න. (අ).
ඕනෑම මනුස්සයෙක්ගේ වැරදි අඩුපාඩු ඕනෑම තරමක් අපිට හොයන්න පුළුවන්. හැබැයි අමතක කරන්න එපා මහින්ද රාජපක්ෂ කියන්නේ යුග පුරුෂයෙක්. මේ රටේ ජනාධිපතිවරු හතර දෙනෙක්ට ඉවර කරගන්න බැරිව ගිය ජාතික ප්‍රශ්නය වන යුද්දය එඩිතර දේශපාලන නායකත්වයක් දීලා නිමා කළේ මෙතුමා. එදා රටක් ජාතියක් ජන්මයක් නැතිව අසරණවෙලා හිටපු සිංහලයන්ට අවුරුදු කිහිපයක් තුල මේ සියලු දේ අමතක වුණා. මෙතුමාව දේශපාලන වශයෙන් මෙල්ල කරන්න යොදා ගත්ත එකම ආයුදය තමයි "හොරා" නමුත් මොනවද හොරකම් කලේ කියලා අද වෙනතුරු ඔප්පු කරලා නැහැ.(අ)
මහින්ද කියන්නේ කවද හරි දවසක සිහින සැබෑ කරන මනුස්සයෙක් . ලංකාවේ බුහුතරයකට සිහිනයක් වෙලා තිබුන යුද්දය ජයගත්තේ මෙතුමා . (අ)
නාමල් බබා දැන් පොලවේ පය ගහල ඉන්නවා වගේ. (අ)
මහින්ද කියන චරිතය තුළ මට නම් දැන් පෙනෙන්නේ දරුවන් වෙනුවෙන් තම ජීවිතය වුණත් කැප කරන සෙනෙහෙ බර පියෙක් කියලා. අපි මහින්ද කියන ඒකාධිපතියව පැරද්දුවා තමයි. නමුත් එම සෙනෙහෙවන්ත පිය තනතුර නම් පරදන්න බැහැ. (ම)
මෙයාගේ වැඩේ ට්විට්ටර් ගගහ ඉන්නවා. (අ)
ආනාගතයට සුබ ලකුනක් වෙනසක් තුලින් හෘද ශාක්කිය එකඟව රටට පන දෙමු, (අ)
පද්මිණි-ප්‍රංශය.මමත් මගේ දරුවාගේ ආසාවට කියල ලම්බෝගිනියක් අරගෙන දෙන්න අවරුදු 7 තිස්සේ මැදපෙරදිග දුක් විදිනවා. මම හිතන්නේ මැදපෙරදිග දුක් විඳලා මට තව අවරුදු 40-50 කින් විතර මගේ අරමුණ ඉස්ට කරගෙන මටත් මගේ දරුවට සෙනෙහෙවන්ත පියෙක් වෙන්න පුළුවන්. (අ)
පද්මිණී. මම දැනට ලියාගෙන යන "රාජපක්ෂවරු ගැන පොත" අරගෙන කියවල බලන්න.ඊට කලින් ප්‍රගීත් ගිය තැනටම යන්න වේවිද දන්නෙත් නැහැ. (බ)
අත නොහැරීම (ම)
යහම්පත් ඔබ හරියටම හරි.රටේම අසරණ දරුවන්ගේ අධ්‍යාපනයට 6 % වෙන් කරන්න කියල ගිය සාධාරන විරෝධයේදී අන්තරේ අසරණ දුප්පත් කොල්ලෝ දෙන්නෙක් ජීවිතය පුජා කළෙත් ඔය කියන සෙනෙහෙවන්ත කමටම තමයි. (බ)
දැන් අපිට ඕනි වැඩ පණිවිඩ නෙනෙයි !(ම)
මම පද්මිණි සමඟ එකඟයි (නි)
පද්මිණි-ප්‍රංශය, ඔයා හරි. (නි)
මෙයාගේ ජනාධිපති සිහිනයනම් සදාකාලික මනස්කල්පිත සැබෑනොවන සිහිනයක්ම වේවා.(ම)
හිනාවෙන කොට හරිම ෂෝක් (අ)
ඔව් ඔව් , විශ්ව විද්‍යාල දරුවන් අයිතීන් ඉල්ලපු වෙලාවෙත් සෙනෙහබර පියා පොලිසිය සහ මැරයන් ලවා , එම දරුවන්ට සලකපු ආකාරය ඉතා සෙනෙහෙබරය , සමහරු ජීවිතය දුන්නා , අතපය කඩා ගත්තා , ( අපි නොදන්නා සෙනෙහෙබර පියා , ) තාජුදින් පරලොව ඇරපු (බ)
තිලක් ඔයා හරියටම හරි. නමුත් බුදුන් දෙසු පරිදිම අපේ හිත හරිම සංවේදියි, සංකුලයි. (ම)
එක කාර් එකට රුපියල් රුපියල් කෝටි 25-30 ක් මහජන මුදලින් වියදම් කරලා නතර වෙන්නෙත් නැතිව දළදා මාලිගාව වටේ නලගණන් නටවල,දළදා මාලිගාව වටේ ධාවන තරග තියල පිස්සු කෙලින්නත් ඉඩ දුන්නේ ඔය කියන සෙනෙහෙවන්ත කමටම තමයි. (අ)
කපන්න බැරි අත.(අ)
මම මැද පෙරදිග හිටපු අවරුදු හතක් තම මුදල් ටික එකතු කරගෙන තියෙන්නේ ලැම්බෝගිනියක් ගන්නයි. (අ)
මහින්ද මහත්තයා කියන්නේ මේ රටේ ගාම්භීරව සිටියයුතු පුද්ගලයෙක්. (නි)
තාත්තාව නැති කළ පුත්තු! (අ)
දැන් නිකන් චුටි බබාලා වගේ නේද? හරිම හුරතල් පාටයි. (නි)