IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


කතානායකට විශ්වාසභංගය එන සතියේ

(සුජිත් හේවාජුලිගේ)

කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි  ජන බලවේගය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ කටයුතු කරගෙන යයි.

මෙම විශ්වාසභංග යෝජනාව එන සතියේදී භාර දීමට අපේක්ෂා කරන බව විපක්ෂයේ දේශපාලන පක්ෂ සඳහන් කරයි.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් බාරදෙනු ලැබූ විශ්වාසභංග  යෝජනාව භාර නොගැනීම ඇතුළු විෂමාචාර පදනම් කරගෙන  මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන බව  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා  ප්‍රකාශ කළේය.

අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් භාරදෙනු ලැබූ විශ්වාසභංග  යෝජනාව භාර ගැනීමට  හැකියාව තිබියදී ඔහු එය  පැහැර හැරි බවද රහුමන් මහතා ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් අප සමග ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ  දයාසිරි ජයසේකර මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ  කථානායකවරයාට එරෙහිව විශ්වාස භංග යෝජනාව ඉතාම ඉක්මනින් ගෙන ඒමට කටයුතු කරන බවයි.

කතානායකවරයාට එරෙහිව චෝදනා රැසක් ඇති බවත් ඊට අදාළ චෝදනාපත්‍රය ගොනුකර අවසන් බවත්   හෙතෙම සඳහන් කළේය.

එසේම මෙම විෂමාචාර සම්බන්ධයෙන් කතානායකවරයාට එරෙහිව යුරෝපා පාර්ලිමේන්තු සංගමයට පැමිණිලි කිරීමටද විපක්ෂයේ දේශපාලන පක්ෂ කටයුතු කරමින් සිටී.

ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව විපක්ෂය විසින් බාර දෙනු ලැබූ විශ්වාසභංග  යෝජනාව බාර නොගන්නා බව කතානායකවරයා පසුගිය බදාදා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

මෙම දැනුම් දීමෙන් පසු විපක්ෂයේ මන්ත්‍රීවරුන් එම තීරණයට විරෝධය දැක්වීමෙන්  එදින සහ ඊට පසු දින පාර්ලිමේන්තු සභාගර්භයේ උණුසුම් තත්වයක් ඇතිවිය.

මේ හේතුවෙන් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ පෙරවරුවේ කටයුතු විනාඩි දහයකට කල්තැබීමටද කතානායකවරයාට සිදුවූයේය.

මේ අතර ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාට එරෙහිව ඉදිරියේදී දෝෂාරෝපණ යෝජනාවක් ගෙන ඒමටද විපක්ෂයේ දේශපාලන පක්ෂ බලාපොරොත්තුවේ.



අදහස් (1)

කතානායකට විශ්වාසභංගය එන සතියේ

සෙනෙවිරත්න Saturday, 13 September 2025 01:34 PM

ඕව කරකර ඉන්න එක විතරයි විපක්ෂයට වෙලා තියෙන්නේ. නැත්නම් විපක්ෂයක් ඉන්න බව දන්නේ නැහැ. මේ විපක්ෂයට පරණ ක්‍රමය හැර වෙන විකල්පයක් නැහැ.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 292 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 94 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 785 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site