(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කතානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගැනීම සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධය මතු කිරීමෙන් මැතිසබයේ උණුසුම් තත්ත්වයක් මීට ස්වල්ප මොහොතකට පෙර ඇතිවිය.

යෝජනාව විවාදයට නොගැනීමට විරෝධය පළ කරමින් විපක්ෂ මන්ත්‍රීවරු අනතුරුව විරෝධතා පුවරු ප්‍රදර්ශනය කළහ.

විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ විරෝධය හේතුවෙන් සභාවේ කටයුතු පාලනය කර ගැනීමට මුලසුනේ සිටි නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස් වි සාලි මහතාට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවිය.