ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් ජනමාධ්‍යවේදීන් සඳහා තීරුබදු රහිත යතුරු පැදි ලබාදෙන බවට වත්මන් ආණ්ඩුව පොරොන්දුවක් ලබාදුන් බවත් ඒ අනුව යතුරුපැදි අයදුම් කළ තමනට මේ වන විට අමාත්‍යංශය යොමුකර ඇති ලිපියට අනුව එම පොරොන්දුව කඩකර ඇති බවත් ජනමාධ්‍යවේදීන් රැසක් තම සංගමයට දන්වා ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලකට ලිපියක් යොමු කරමින් පවසයි.
දැනට වෙළඳපොළේ ඇති යතුරුපැදියක් මිලට ගැනීමට ණයක් ලබාදෙන බවට ලිපියේ දැක්වෙන බවත් මෙය පසුගිය මහින්ද රාජපක්ෂ රජය ජනමාධ්‍යවේදීන්ට බැංකු මගින් ලබාදුන් ණය ක්‍රමයම බවත් එම ලිපියේ සඳහන්ය.
එසේම පසුගිය ආණ්ඩුව ලබාදුන් ණය ක්‍රමයේදී ආණ්ඩුව විසින් ගෙවන බවට පොරොන්දුවූ පොළී ප්‍රතිශතයද බැංකුවලට නොගෙවීමේ තත්ත්වය මත එම සම්පූර්ණ පොළී මුදලම ගෙවීමට ජනමාධ්‍යවේදීන්ට සිදුවූ බවත් මේ වනවිට වත්මන් ණය යෝජනාවේ ඇති ආණ්ඩුව විසින් ගෙවනවා යැයි කියන පොළී ප්‍රතිශතයද තමන්ට ගෙවීමට සිදුවේද යන්න සැකයක් ඇතිවී ඇතැයි ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය කියයි.
මේ සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ අවධානය යොමුකර කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලමින් නිකුත් කළ එම ලිපිය ශ්‍රී ලංකා වෘත්තිය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ලසන්ත රුහුණගේ හා ප්‍රධාන ලේකම් දුමින්ද සම්පත් මහත්වරුන්ගේ අත්සනින් යුතුව ඇමැතිවරයාට යොමු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාධ්‍ය වේදියා ස්වාධින නම් මෙවැනි කප්පම් ඉල්ලීම නොකළ යුතුවේ. දුන් ලැප්ටොප් නොගත් මාධ්‍ය වේදින් බොහෝ වෙති. ආණ්ඩුවෙන් දෙන ගේක සිටිමින් ආණ්ඩුවෙන් දෙන බයිසිකලේක යන කෙනා සමුර්ධි නිලධාරියාගෙන් වෙනස් වන්නේ හැඳුනුම් පතෙන් පමණකි. (ර)
සහතික ඇත්ත. බලාපොරොත්තු වුණේ රුපියල් පනස්දාහක් ගෙවල යතුරු පැදියක් හිමිකර ගන්න. මේ ක්‍රමයට ඒ වැඩේ හරියන්නෑ. ජනාධිපති තුමනි මේකට මැදිහත් වෙලා ජනමාධ්‍යවේදීන්ට පනස්දාහකට යතුරුපැදියක් ලබා දෙන්න (බ)
කුම්බල මාළු කෑවානම් විඳවාපන් බළලෝ කිව්වලු (බ)
ඒක තමයි යහපාලන ක්‍රමය.කතාවේ හැටියට කෙරුවාව නැහැ..(බ)
කලින් කාලෙ දිපු යතුරුපැදිත් ඇත්තටම ක්ෂේත්‍රයේ ඇවිදින නිලධාරීන්ට නොලැබුනාට ආන්ඩුවේ තැනක වැඩ කරන, කිසිදා යතුරුපැදියකින් සේවයට නොඑන, රියැදුරු බලපත්‍රයක්වත් නැති නෝනා කෙනෙක් ගත්තා. (බ)
ඒ මොකද කියනවා නම් මේ ආණ්ඩුව දුවන්නේ පරණ එන්ජින් වලින්. ඒකයි හරියට අදින්නේ නැත්තේ. (නි)
යතුරු පැදි ලබාදිමේදි වුුණු අකටයුතුකම් සොයා බලන මෙන්ද කාරුනිකව ඉල්ලා සිටිමි. දේශපාලන බලපුළුවන්කාර කමට අහිංසකයින්ට දුන්නු යතුරුපැදියත් තමන්ට ගත්තු අය ගැන සොයා බලන්න. (බ)
රුපියල් පනස්දාහට යතුරුපැදි එකල ගත්තේ එයට සුදුසකම් ලැබු අය පමණද කියලා සොයා බලන්න.(හේ)
ජනමාධ්‍යවේදීන් ඇත්තටම අව්ව වැස්ස නොබලා ඇවිදින අය. මේ අයට යතුරුපැදියක් සහන මිලට දුන්නට කමක් නැහැ. (හේ)
ලක්ෂි, පසුලගිය කාලේ දුන්නු ඒවා හරියට දුන්නද කියලා ඔයා දන්නවද? එකල දුන්නෙත් මෙකල දෙන්නෙත් කාගෙවත් පුද්ගලික මුදලින් නෙමෙයි මහජන මුදල් බවත් අමතක නොකරන්න. නමුත් ජනමාධ්‍යෙව්දියෙකුට මෙ දිම සාධාරණ බවද කිව යුතුයි. යතුරුපැදිය වංචනිකව අරගෙන ගෙදර තබාගෙන ඉන්නා හෝ විකිණූ අය ඇත්නම් වහා සොයාබලා නිතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි මෙම රජයෙන්. (ර)
අපිට නම් මේවා දැන් කියලා කියලාම එපාවෙලයි තිබෙන්නේ. (නි)
කවුරු කවුරුත් නිකම් තමා හැම දෙයක්ම ඉල්ලන්නේ. මේවා කවුද ගෙවන්නේ කියලා දන්නේ නෑ වගේ, දෙශපාලක මහත්තුරු ගෙදරින් ගේනවා කියලා හිතාගෙන වෙන්න ඇති. මේවා ගෙවන්නේ ඔබම තමා. අයිතිවාසිකම් ඉල්ලන ගමන් උතුකම් ඉටු කරන්නත් මතක තිය ගන්න ඒක වටිනවා. (ර)
යතුරුපැදි වංචනිකව ගෙන ගෙදර තබාගෙන ඉන්නා හෝ විකිණූ අය ඇත්නම් ඒවාද වහා සොයාබලා නීතිමය ක්‍රියාමාර්ග ගතයුතුයි (නි)
රාජ්‍ය ආයතන හා කාර්යාංශ වල ලොකු ලොක්කන්ට ගෙදර යන්න එන්න රියැදුරෙකු සමඟ වාහනයක් දෙන්නෙ ඇයි? ඒ විතරක් නෙමෙයි ඉන්ධන හා නඩත්තු වියදම ගෙවන්නේද එකී ආයතන වලින්. අපෙන් ගන්න බදු හෝ පිරරට දහදුක් විඳලා එවන සල්ලි තමයි මේවට වැයකරන්නේ. දුක් විඳින්නේ ශ්‍රමිකයෝ, සැප විඳින්නේ වෙන කවුරුත්. (නි)
නිර්මාල් හරි. වෛද්‍යවරයෙකුට වුවත් දෙන්නේ තීරුබදු රහිත වාහන බලපත්‍රයක් මිස රියදුරෙකු සමඟ ගෙදර යන්න එන්න රජයේ වාහනයක් නෙමෙයි. මේ රාජ්‍ය ආයතන වල පිරිසට පමණක් මෙහෙම දීම අසාධාරණයි. ඇයි එහෙම විශේෂ වරප්‍රසාද කොටසකට පමණක් දෙන්නේ? (නි)
10000 කින් පඩි වැඩිකළේත් රාජ්‍ය සේවකයාගේ විතරවයි. අර්ධ රාඡ්‍ය හා පුද්ගලික සේවකයො මේ රටේ පුරවැසියො නෙමෙයිද? ඔවුන්ට වෙන අඩු මිල ගණන් වලට බඩු විකුණනවා කියලා හිතාගෙන ඉන්නවාද දන්නෙ නැහැ. මේවා තමා හුඟක් අයට නොපෙනෙන තිත්ත ඇත්ත. (නි)
කෑවා නේද? විදවාපන් බලලෝ. වෙනස ඇගට හොඳයි නේද ?(කෞ)
රටේ හැම වැඩක්ම මේ වගේ තමා. (ර)
යතුරු පැදියක අවශ්‍යතාවය තදින්ම ඇත්තේ ප්‍රදේශීය මාධ්‍යවේදියාට. මොනවා කරන්නද ලක්ෂ දෙක හමාරක් ණයක් දෙන්න කෙකර ගෑවා ජනමාධ්‍ය ඇමැති තුමනි තබන්න පය පොළවට. (ර)
මාධ්‍ය වේදියෝ රජයේ සේවකයන් නොවන බැවින් ආණ්ඩු විසින් ලබාදෙන මෙවැනි තෑගී නිසා ඔවුන්ගෙන් අපක්ෂපාත සේවාවක් බලාපොරොත්තු විය නොහැක , එම නිසා මද්යවෙධින්ට මෙවැනි දේ ලබා දිය නොහැකි ලෙස නීති පැනවිය යුතුය. (ර)
සමාවෙන්න මෙහෙම අහනවට, මොකටද ජනමද්යවෙදින්ට නිකම් හෝ පොලි රහිතව යතුරු පැදි දෙන්නේ? ඔයාල කරන්නෙත් පුද්ගලික අංශයේ රැකියාවක් හෝ රජයේ රැකියාවක්.. ඉතින් අනිත් මිනිස්සු කරන්නෙත් ඒ වගේම රැකියාවක් පඩියකට.. එහෙම කොටසකට විතරක් දුන්නොත් අනිත් බදු ගෙවන පිරිසෙන් නේද එකට ගෙවන්න වෙන්නේ? කොච්චර අසාධාරණද? ඔයාල හිතනවා ඇති ඔයාල කරන්නේ විශ්ෂ දෙයක් කියලා? අනිත් අයත් හිතන්නේ තමන් කරන්නේ විශේෂ රැකියා කියලා තමයි... මීට වඩා නරකද පිනට ඉල්ලන්නේ නැතිව හැමෝම එකම විදිහට සලකන එක. (ර)
ෂෙහාන් මහතාගේ අදහස තව බොහෝ තැන්වලටත් ඉතා සුදුසුය. ලෝකයේ දියුණු රටවලවත් මෙවැන්නක් අසන්නට නැත. අවස්ථාවාදී දේශපාලනය ගැන අපි කනගාටු වෙමු. ණයටයි මඟුල් කන්නේ කියා සිතන දිනය කවදා අපට උදාවේද? (ර)
මාද්‍ය වේදීන් කරන්නේ රස්සාව. ඇයි ඔවුන්ට තමන්ගේ රස්සාවට යන්න තමන්ගේ වියදමෙන් වාහන ගන්න බැරි? ඇයි තමන්ගේ මාධ්‍ය ආයතනයෙන් ණය ගන්න බැරි? මාධ්‍ය වේදීන්ට දෙනවා නම් රටේ ඉන්න ඔක්කොටොම දෙන්න. (ර)
පොඩ්ඩක් ඉවසල ඉන්නකෝ. අර රත්තරන් ටික හොයාගත්ත හැටියේ ඔය හැම ප්‍රශ්නයක්ම විසදන්න. ඔයාල කිසිම සහයෝගයක් නැහැ වැරදි හොයනවා විතරයි. (ර)