
(නිමන්ති රණසිංහ)
සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ අධිපති ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් තමන්ට සැකයක් පවතින බැවිත් ඒ සඳහා පරීක්ෂණයක් සිදුකරන ලෙසට සිසිලියා කොතලාවල මහත්මිය ගේ නැගණිය ඉල්ලීමක් කර ඇතැයි බොරැල්ල පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා ඉදිරියේ කරුණු වාර්තා කර ඇත.
සිය මස්සිනා වන ලලිත් කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් සැකයක් පවතින බවත් මරණය සිදුවන වකවානුවේදී ඔහු සිය සහෝදරිය වන සිසිලියා කොතලාවල ගෙන් වෙන්ව සිටි බැවින් එම මරණය සිදුවූ ආකාරය හෙළි කර ගැනීමට අවශ්‍ය බවත් කියමින් ෂෙරින් විජයරත්න ප්‍රනාන්දු යන අය ප්‍රකාශයක් ලබාදී ඇතැයිද බොරැල්ල පොලිසිය අධිකරණයට කරුණු වාර්තාකර තිබේ.
ලලිත් කොතලාවල මහතාගේ දේහය සිසිලියා කොතලාවල මහත්මිය විසින් භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත් එය බාර ගැනීම සඳහා කොතලාවල මහත්මියගේ සහෝදරිය වන ශෙරින් විජයරත්න ප්‍රනාන්දු යන අය කැමැත්ත ප්‍රකාශ කර ඇති බවත් බම්බලපිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
මරණකරුගේ සෞඛ්‍ය තත්වය ඔහු භාවිතා කළ ඖෂධ, වෛද්‍ය ප්‍රතිකාර, ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් කවුරුන් ද යන්න සම්බන්ධයෙන් කිසිවක් තමන් නොදන්නා බවත් මේ බව දැන ගැනීම අත්‍යවශ්‍ය බවත් ශෙරින් විජේරත්න ප්‍රනාන්දු යන අය වැඩිදුරටත් ප්‍රකාශ කරමින් ඉල්ලා ඇතැයි පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි හොරාකාපු කවුරු හරි පිල්ලියක් එව්වාද දන්නේ නෑ...