කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහල අද සිට අප්‍රේල් නිවාඩුවට වසා දැමීමට අධ්‍යාපන නිලධරයෝ තීරණය කළහ.
පාසල් නිවාඩුව ඇරැඹිමට නියමිතව ඇත්තේ අප්‍රේල් 8 වැනිදාය.විදුහල්පතිවරයා යළි රිමාන්ඩ් කිරීමත් සමඟ සිසුහු අද පාරට බැස උද්ඝෝෂණය කරන්නට වුහ.
දෙපැයක් පමණ පාරේ වාහන තදබදයක් ද ඇති විය.කැරැලි මර්දන බළඇණි කැඳැවීමෙන් පසු සිසුහු පාරෙන් ඉවත් වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන වැරද්ද කාගෙද කියල හරියට දැනගන්නකම් මේ ළමයින් බලාගෙන ඉන්නවා නම් නේද හොඳ? (ස)
දැන් අර වෙන විදුහල්පතිකෙනෙක් එපා කියපු කට්ටිය මොකද කියන්නේ ? (නදී)
මේ පාසල් දරුවන්ව කවුරු හෝ පිටුපසින් සිට අවුස්සනවා. (ස)
කුමාරි, ලිපිය කියවපු තරම පේනවා මම ලියපු එක තේරුම් ගත්ත තරමට. ඒක නිසා තමයි "අම්මල තාත්තල" කියල මම ලියුවේ. ටොක්ක නම් ක්‍රමය, ඇනගෙන බලන්න එතකොටවත් තේරෙනවද කියලා. (නදී)
ළමා විනය පිළිබදව තදින් ඉන්න වෙනවා. මේක විහිළුවක් වෙලා. (ස)
ආපහු සැරයක් වෙනුෂ ලියපු ලිවුම කොපි ගහල මේ ළමයින්ට බෙදල දෙන්න කියමු. එතකොට මේ ළමයිනුත් හොඳ ආදර්ශයක් ගනී නොවැ. (ස)
කුමාරි ඔබට නිදහස තියෙනවා ඕන දෙයක් කියන්න. නමුත් මේ වගේ කෙනෙක් වෙනුවෙන් කතා කරන්න එපා. (ස)
දයා අලහකෝන්, ඔබ හරි. (ස)
''අතීසාරෙට අමුඩේ ගැහුවා වාගේ''කියන කියමනත් මතක් වුනා ඕන්..කව්රු කව්රුත් කෙහෙවලු පටලා ගන්නවා නොවෙයි ඕන්. ලංකාවේ හැම තැනම වැලිවේරියක්(වලිවේරිය)හන්වැල්ලක් නොවේවා. බණ්ඩාර නායකයක් නොවේවා.(නදී)
කාශ්‍යප , වරදවා වටහාගන්න එපා. මම කවදාවත් විදුහල්පති වෙනුවෙන් නෙමෙයි අදහස් දමන්නේ. ජිවත්ව ඉඳිද්දි දරුවා ගැන නොබලපු කෙනා ගැන කළකිරීමෙන්. (නි)
නිවාඩු දීලා නොවෙයි නිවාඩු ඉල්ලා ගෙන (දී)
කුමාරි, ලියුම කොපියක් ගහලා බෙදලා දෙන්න. ළමයින්ට විතරක් නොවෙයි, අම්මලා තාත්තලාට, ගුරුවරුන්ට, විදුහල්පතිවරුන්ට, අධ්‍යාපන උපදේශකවරුන්ට, මනෝ චිකිත්සකයන්ට සහ මනෝ වෛද්‍යවරුන්ට. ඔය කිසිම කෙනෙකුට අයත් වෙන්නේ නැත්නම් ඔයත් කොපියක් අරගෙන කියවන්න. (නි)
විදුහල්පතිටම වැරැද්ද පටවන එක වැරදියි (නි)
මෙතන වැරැද්ද ඇත්තේ විදුහල්පති අත බව මගේ හැඟීමයි. (නි)
සඳුන්, මම සම්පුර්ණ ලියුම කියෙවුවා. ඔයා ඒක දැක්කා නම්, දැක්කේ නැද්ද තියනවා [අම්මේ, අම්මා මම එක්ක කතා නොකර හිටියට මම අම්මට ගොඩක් ආදරෙයි. මම අම්මා එක්ක තරහා නැහැ] කියලා. ඒකත් මේ මරණෙට ප්‍රධාන හේතුවක් නෙමෙයිද කියලා හයියෙන් ටොක්කක් ඇනලා ඔයාගෙන්ම අහලා බලන්න. (නි)
ඒකෙන් වාසි වුණේ පාසලේ දරුවන්ට නේද? (නි)
කුමාරි,මොවුන් සමඟ වාද කරලා වැඩක් නැහැ. ඔක්කොම බලන්නේ පාට කණ්ණාඩි දාගෙන. ඒවා කොළ සහ රතු කණ්ණාඩි විතරයි. අපේ පාසල පටන් ගත් දා ඉඳලා තිබුණේ දේශපාලනය. පස්සේ මේ නම අාවෙත් දේශපාලනය හින්දයි. දැන් මෙයාටත් දේශපාලන චෝදනා එල්ල කරනවා නම් ඒක පුදුමයක් නෙමෙයි කියලයි මම නම් කියන්නේ. ඒත් දේශපාලන ඔලුවෙන් මේ ප්‍රශ්නය දිහා බලන එක වැරදියි. කාගේ කාගේත් වැරදි තිබෙන බවයි මට නම් හැඟෙන්නේ. ලොකුම වැරැද්ද ගෙදරින් තමා වෙලා තියෙන්නේ. ළමයා ගැන මීට වඩා සැලකිළිමත් වෙන්න තිබුනා. ළමයාගේ ෆොටෝ එකක් බලන්න. එයාගේ නියපොතු කළු පාටින් පාට කරලා. අපි පාසල් යන දවස්වල නම් ඔහොම ගියොත් දඩුවම් විදින්න තමයි සිද්ධ වෙන්නේ. ඉස්සර ගුරුවරු අපිට කොච්චර දඩුවම් කරනවද? එහෙම බලද්දී බනින එක ඒ හැටි දෙයක්ද? (නි)
ඔය කියන විදුහල්පති කරුණාවන්ත කෙනෙක් නම් වෙන්න බැහැ. නැත්නම් ළමයෙක්ට ඔහොම කතා කරයිද.ළමයි වැරදි කරනවා තමයි.ඒත් ඔහොම කතා කරන්න තරම් ඉක්මන් වුණේ මොකද? (නි)
මේ අදහස් දාන අය පොඩ්ඩක් හිතන්න මේ සිදුවීමෙන් අනෙකුත් සිසුන්ට දෙන ආදර්ශය මොකක්ද කියලා.තමන් දඬුවමකට ලක් වුණොත්,ඇනුමකට බැනුමකට ලක් වුණොත් ඒ ලක්කළ කෙනාගෙන් පළිගන්න හොඳම ක්‍රමය මේ විදියට ලියුමක් ලියලා බෙල්ලේ වැල දාගන්න එක නේද කියලා සිසුන්ට මේ සිදු වෙන දේවල් වලින් හිතෙන්නේ නැද්ද? වෙනුෂගේ මරණට දෙස බැලුවහම මට නම් හිතෙන්නේ මේ වගේ මරණ වැලක් අපිට ඉදිරියේදී අහන්න දකින්න ලැබේවි කියලයි. (නි)
ආදි ශිෂ්‍ය සොයුර, ඔබ හරි. මම මේ අදහස් දැම්මේ මමත් මවක් නිසයි. මවගේ යුතුකම් පැහැර හැරලා දැන් මෙහෙම ලෝකයේ මිනිස්සුන්ට වැරදි කීමත්, තම වැරැද්ද වටහා නොගෙන සිටිමත් හා එයාව අනුමත කරන අනෙක් අය නිසා අහිංසක ළමා ජිවිත තව දුරටත් විනාශ වේවි යන හැඟීමෙනුයි මම මේ සම්බන්ධව ලිවුවේ.තව දුරටත් මේ සම්බන්ධව කතාකිරීම බීරි අලින්ට වීනා ගැයීමක් වැනිය. අවසන් වශයෙනුත් පතනවා අනෙක් දරුවෝ දෙදෙනා ගැන හෝ සොයා බලත්වා කියා! (නි)
මේ සිද්ධිය පිටුපස ඇති සැඟවුණ රහස සෙවිය යුතුයි. (නි)