(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ප්‍රකට කෝටිපති ව්‍යාපාරික දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ (85) මරණයට හේතුව සෙම නරක් වී නිව්මෝනියා තත්ත්වය උත්සන්න වීමෙන් සිදු වූවක් බවට පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි .
විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරී ඩබ්.ආර්.ඒ.එස්.රාජපක්ෂ මහතා ඇතුළු අධිකරණ වෛද්‍ය නිළධාරීවරුන් තිදෙනකු ඇතුළු කණ්ඩායමක් කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ දී (23) දා පැවති පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ බව අනාවරණය වී ඇති බව පොලිසිය කියයි .
දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතාගේ මරණය සැක සහිත බවට පවුලේ ඥාතියකු බම්බලපිටිය පොලීසියට කර තිබූ පැමිණිල්ලකට අනුව ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමත් සමග පොලීසියට කළ නියෝගයකට අනුව මෙම පශ්චාත් මරණ පරීක්ෂණය ත්‍රිපුද්ගල විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් හරහා මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරිණි .
ඒ අනුව කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කොළඹ අධිකරණ වෛද්‍ය නිළධාරී කාර්යාලයේ පැය 3 කට ආසන්න කාලයක් පැවැති අතර එහිදී නිකුත් කළ වෛද්‍ය වාර්තාවට අනුව දේශමාන්‍ය ලලිත් කොතලාවල මහතාගේ මරණය සෙම නරක් වීමෙන් ඇතිවූ නිව්මෝනියා තත්ත්වය මරණයට හේතුව බවට නිගමනය වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණය නොවෙයි නැවත ඉපදුණු තැන ගැනයි සැක කරන්න ඕනෑ. දන්නෝ දනිති. නොදන්නෝ වනති.
නමුත් මේ වයසක පුද්ගලයා මේ තරම් කාලයක් නිවාස අඩස්සියේ තියාගෙන හිටියේ ඇයි කියලා නම් එලි වුනේ නෑ නේද?
අපි කොහොමද දන්නේ එතුමාගේ සෙම නරක් වෙන්න ඉඩ ඇරියද කියලා? මොකද ලොකු දේපළක් හිමි කෙනෙක්... ඒවා අර ගන්න කරා වෙන්න බැරිද?