(යොහාන් භාසුර)
ස්විස්ටර්ලන්තයට මසකට කිතුල් පැණි ලීටර 10,000 ක් අපනයන කිරීමට පසුගියදා ගිවිසුමට අස්සන් තැබූ බවත් ශ්‍රී ලංකාවෙන් මේ වන විට ප්‍රධාන රටවල් හතරකට කිතුල් පැණි අපනයනය කරන බවත් ශ්‍රී ලංකාවේ කිතුල් කර්මාන්තය පිළිබඳ ප්‍රධාන ක්‍රියාකාරිකයා වන ප්‍රියන්ත කුමාර මහතා අද (16) පැවසීය.
දකුණු කොරියාව, ජපානය, එංගලන්තය සහ ඕස්ටේ්රලියාව යන රටවල්වලට මේ වන විට කිතුල් පැණි අපනයනය කරන බව කී ප්‍රියන්ත කුමාර මහතා කෘෂිකර්ම අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන’ හෙවත් ‘සැප් ව්‍යාපෘතිය’ ඒ සඳහා විශාල සහයෝගයක් දක්වන බව ද සඳහන් කළේය.
කිතුල් කර්මාන්තය පිළිබඳ ශ්‍රී ලංකාවේ එකම ක්‍රියාකාරිකයා වන තමන් දිස්ත්‍රික්කය 10 ක කිතුල් ගොවීන් 5000 ක් සමඟ කටයුතු කරන බවත් ‘සැප්’ ව්‍යාපෘතියෙන් කිතුල් ගෙවීන්ට පහසුකම් සළසන බවත් ප්‍රියන්ත මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
ජරාව ,සීනි නොදා පිරිසිදුවට හැදුවොත් හොඳා .ජපානයේ වැඩිම මිල රස වර්ගය කිතුල් හකුරු
වැඩේ නම් මරු .ඒත් අර දහ දාහේ ගගාන තමයි රුවිතෙට හිටින්නේ .බඩු නැති උනු ගමන් සීනි කලවම් කරනවා . උකු කරන්න බීම වර්ග වලට දාන උකු කරන ද්‍රව්‍ය කලවම් කරනවා .කාලයක් කජු රට යවන්න ගිහිනුත් උනේ ඔය වදෙමයි .මැලියම් ගාලා කජු කෑලි අලවලා යැවුවා .කජු රට යද්දී ඒවා පුස් කෑවා
මොන රටට කිතුල් පැණි යැව්වත් සීනි මිශ්‍ර නොකර හදන්න කියලා කියන්න කැමතියි. සමහරක් පැණිකාරයෝ කිතුල් පැණි කියලා දෙන්නෙ සීනි මිශ්‍ර කල ජරාවල් කියන්න පුළුවන් .සමහරක් වෙළෙන්දෝ සීනි මිශ්‍ර නැති පැනි විකුණන්නෙ නැහැ .එහෙම පැනි කොලොන්න ප්‍රදේශයේ කැම්පනේ ආසන්න ගමකින් බෙදාහරින බවක් පේන්නෙ රත්නපුර දිස්ත්‍රික්කයේ ....කඩුවෙ තල්හකුරු යාපනයේ තියෙනවා වගෙයි
ඊට වඩා හොඳ ඉල්ලුමක් කිතුල් රා වලට තිබෙනවා. සීනි වලටත් හොඳ ඉල්ලුමක් තියේවි. මොකද හිතුල් පැණි හදන්න සීනි අවශ්‍ය නිසා.
කාලෙකදී අහන්න ලැබුණු සතුටුදායක පුවතක් . ඒත් සීනි උනු කරල රට ඉඳි ජූස් දාල වැඩේ වකූරු කරගත්තොත් වැඩේ ඉවරයි . ඒ නිසා ඉහල මිලක් තියාගෙන හොඳම බඩු සැපයීම ඉහලින් ම නියාමනය කල යුතුය .
ගස් නගින්න උන් දැන් නැහැ බ්රවුන්සුගර් වෙලන්ඩමෙන් දවසින් ගොඩ