බොලිවුඩයේ සුපිරි නිළියන් අතර ඉදිරියෙන්ම සිටින්නියක වන කත්‍රිනා කයිෆ්ගේ 33 වැනි උපන්දිනය ජූලි 16 වැනිදාට යෙදී තිබුණා. කත්‍රිනා සිය උපන්දිනය එංගලන්තයේ, ලන්ඩන් නගරයේ සිය පවුලේ සාමාජිකයන් සමග සමරන්නට කලින් සැලසුම් කර තිබුණද පසුව ඇය සිය සමීපතම බොලිවුඩ් තරු වෙනුවෙන් එදින සිය මුම්බායි නිවසේදී උත්සවයක් සංවිධානය කර තිබුණා.
බොලිවුඩ් සිනමා අධ්‍යක්ෂවරුන් වන කබීර් ඛාන්, කරන් ජෝහාර්ද සිය සමීපතම බොලිවුඩ් නළුනිළියන් වූ අර්ජූන් කපූර්, ආදිත්‍ය රෝයි කපූර්, සිද්ධාර්ත් මල්හෝත්‍රා, ඉම්රාන් ඛාන්, ආලියා භාට්, සොනක්ෂි සින්හා ඇතුළු පිරිසටද ඇය සිය 33 වැනි උපන්දින සාදයට එක්වීමට ආරාධනා කර තිබුණා.
කෙසේ වෙතත් බොහෝ දෙනෙකු බලාපොරොත්තු වූයේ කත්‍රිනාගේ මෙම උපන්දින සාදයට ඇයගේ වර්තමාන සමීපතම මිතුරා වන සල්මාන් ඛාන්ද එක්වෙනු ඇති බවයි. එහෙත්, සල්මාන් මෙම උපන්දින සාදයට එක් නොවු අතර, ඔහු ඒ වෙනුවෙන් ඇයට වටිනා උපන්දින ත්‍යාගයක් පිරිනමා තිබුණ බව සඳහන්. එමෙන්ම ෂාරුක් ඛාන් හා අමීර් ඛාන්ද ඇයට උපන්දින සුබපැතුම් එක්කර තිබෙනවා.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කත්‍රිනාගේ 33 වැනි උපන්දිනය