කතරගම වන්දනාකරුවන්ට බත් දන්සලක්ද, වඳුරන් හා රිලවුන්ට පළතුරු දන්සලක්ද දැන් පැවැත්වේ. රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩී. පී. කුමාරගේ මහතාගේ යෝජනාවක් අනුව දේවාල භූමියේ මේ දන්සල කි‍්‍රයාත්මක වේ.
පසුගියදා කතරගම පුද බිම වැඳ පුදා ගැනීමට පැමිණි ලක්‍ෂ සංඛ්‍යාත වන්දනාකරුවන් වෙනුවෙන් උදෑසන හා දිවා ආහාර මෙම බත් දන්සලෙන් සැපයිණි.
දේවාලයට ලැබුණු අති විශාල පළතුරු ද අපතේ නොයවමින් දේවාල භූමියේ සැරිසරන වඳුරන් රිළවුන් වැනි සතුන්ට කෑමට දෙන ලෙස කුමාරගේ මහතා උපදෙස් දී ඇත.
රුහුණු මාගම්පත්තුවේ ප‍්‍රධාන අධිකරණ සංඝනායක කතරගම අභිනවාරාමාධිපති කපුගම සරණ තිස්ස හිමියන් පැවසුවේ බස්නායක නිළමේවරයා පැමිණිමෙන් පසු රුපියල් කෝටි 02 ක් පමණ වැය කර ඉදිකළ ගොඩනැගිල්ල දේවාල භූමියේ විවිධ වැඩසටහන් පැවැත්විමටත් වන්දනාකරුවන්ට පහසුකම් රැසක් ලබා දීමටත් යොදාගන්නා බවයි.
‘මම දේවාලයේ මුදල් කිසිදු පෞද්ගලික දෙයකට ගන්නේ නැහැ. දෙවියන් වෙනුවෙන් ලැබෙන මුදල් වන්දනාකරුවන්ගේ හා දේවාලයේ සුබ සිද්ධිය පතා වැය කර ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ගේ උපදෙස් අනුව දේවාලය ඉන්දියාවේ තිරුපති පුද බිම මෙන් සංවර්ධනය කරනවා‘ යැයි කුමාරගේ මහතා පැවසිය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දෙයක් දකිනකොට යහපත් විදියට හිතනවා මිසක් හැම දෙකටම දේශපාලනය ගාවගන්න එපා. කව්රු දුන්නත් බඩගින්නටනේ දෙන්නේ, ඒ නිසා එලොව පරලොව දෙකටම කරගන්න සුගතියක්. (බ)
සුසන්ත,මිසාබ්, අදහස් වලට ස්තුතියි. ලබන්නා වූ 2016 නව වසර යහපත් සිතුවිලි උතුර උතුරා වාන්දමන සුබම සුබ නව වසරක් වේවා! (නි)
බොහොම හොඳ වැඩක් (නි)
දේවාල භුමියේ අයාලේ යන හරකුන් ටිකත් අයින් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා (බ)
කරුණාකර කතරගම පුදබිම ඉන්දියාවේ තිරුපති කෝවිලක් කරන්න හදන්න එපා. මේක මහා නරක ක්‍රියාවක්. කතරගම දේවාලය පිහිටා තිබෙන්නේ කිරිවෙහෙර බෞද්ධ පුදබිම තුළයි. බෞද්ධයින්ට මෙය ඉතා වැදගත් පූජනීය ස්ථානයක් සේම බෞද්ධාගමට අනුව කතරගම දෙවිදුන් පුදන්නෙත්, නමස්කාර කරන්නෙත් බුදුන්වහන්සේට සහ උන්වහන්සේගේ ධර්මයටයි (බ)
හොඳ වැඩක් සුබ පැතුම්.! (ර)
කතරගම ජන ආර්ථිකයට සහ පරිසර බලපෑම ගැනත් ඉදිරියට සිතන්න. (ර)
ඔය දේවාලයට දිනපතා ලැබෙන විශාල මුදල එකතුකරලා අදියර වශයෙන් රජරට පළාතට බහුවිධ ජල යෝජනා ක්‍රමයක් සකස්කර බීමට පිරිසිදු ජලය ලබාදී ඒ අහිංසකයින් වකුගඩු රෝගයෙන් වගේම නියඟයෙන් බේරාගන්නටත්, අඩු පහසුකම් ඇති ගම්මාන දියුණු කිරීමටත් කටයුතු කළා නම් නරකද? (නි)
කවදාහරි මමත් ඔය වගේ දන්සලක් දෙනවා.මැණික් ගඟත් පිරිසුදු කළා නම් ගොඩක් පින්.සියලු දෙනාට කතරගම දෙවි පිහිට පතනවා (නි)
උතුම් කර්තව්‍යයට මගේ සුබ පැතුම්...ඒ වගේම පූජා භූමියට එන්න පටන් ගන්න කොටම පළතුරු වෙළන්දන්ගේ පිටු පසින් අපෙන් ගන්න අපෙන් ගන්න කියමින් පස්සෙන් එනවා.ඉතින් බුදු හිමියන් මොන දෙවියන් හිටියත් සිත් පහන් වේද....මේ ගැනත් සොයා බලන්න (බ)
කැප්පෙටිපොළ, ඔබ හරියට හරි (බ)
රිළවුන්ට තැඹිලිත් බොන්න දීලා තියෙන්නේ... (නි)
ශ්‍රී කතරගම දෙවොලට ලැබෙන මුදල් වලින් අර මැණික් ගඟේ කඩාදාපු බැම්මත් හදලා බැතිමතුන් කිඹුල් උවදුරෙන් බේරාගන්නත් බලන්න, රජයෙන්ම කර දෙනතුරු බලාගෙන ඉන්නේ නැතුව. සතුන්ගේ පළතුරු දන්සල මහජන පරිශ්‍රයෙන් ඈත්කර වනගත පෙදෙසකම දෙන්න. (නි)
කතරගම අද තියන තත්වයට සංවර්ධනය කරපු හිටපු ජනපති ගරු ආර්.ප්‍රේමදාස මැතිතුමාත් සිහි කළ යුතුයි (බ)
ගොඩක් ලොකු පින්කමක් (නි)
පරිත්‍යාගශීලීත්වය මෙපමණටම තිබෙන්නේ ලංකාවේ මිනිසුන් අතර පමණයි (නි)
ඕවා පින් අතේ වැඩ. ඔබ තුමාට මාගේ සුබාසින්සනය. (ර)
හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.! (ර)
කතරගම ඉතා හොඳට තිබුනේ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ. කාටහරි ඒ තත්වයට ගන්න පුලුවන්නම් ලොකු දෙයක්. (ස)
කතරගම අසල ව්‍යාපාරිකයෙකු දේවාලයක් ඉදිකර ඇති අතර ඔහු තව දේවාලයක් ඉදිකිරීමට පුවත්පත්වල දැන්වීම් දමා මුදල් අයකරන අතර (නොමිලේ දෙන තෑග්ගක් ලෙස) බෙලි කටු විකුණයි. (ස)
සතුන්ට දන්සල් දීමෙන් සිදුවන්නේ ඔවුන්ගේ ස්වබාවික ජිවන රටාව වෙනස්වී ඔවුන් මිනිසුන් මෙන් සිඟා කෑමට පුරුදු කිරීමයි . මෙහි ප්‍රතිපල වන අලින්ට කෑම දීමෙන් සිදුවූ දෙයට වඩා දෙයක් පසු කලක දකින්නට සහ විඳින්නට ලැබේවි. (ස)
අන්න හොඳ වැඩකට අත ගහන්න හදන්නේ. මෙය සාර්ථකම වේවා.! (ර)
දන්සැල් මෙහෙවර නව මානයකට යොමු කළ මහින්ද රාජපක්ෂ හිටපු ගරු ජනාධිපති තුමාට දීර්ඝායු වේවා! ආයු රක්ඛන්තු ආවඩා! (ර)
පවු අහිංසක සත්තු. කොච්චර ලොකු පින්කමක්ද? (නි)
ගොඩක් හොඳයි (නි)
සේනක, මහින්ද දුන්න දේශපාලන දන්සල් හා පිරිසිදු චේතනාවෙන් දෙන මේ දන්සල් අතර ලොකු වෙනසක් තියෙනවා. මහින්ද මේ දවස්වල් ඒකාලේ දුන්න දන්සල් වල ප්‍රතිලාබ ලබමින් ඉන්නවා. (බ)
හොඳ වැඩක්. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.! (බ)
සේනක, මහින්ද දුන්න දේශපාලන දන්සල් ඔක්කොම දුන්නේ අපේ බදු සල්ලි වලින් බව මතක තියාගන්න හොඳද. මහින්ද අරලියගහ මන්දිරේ හිටිය දවස්වල දවසක කෑම වියදම රුපියල් ලක්ෂ පහකට වඩා අධික බව ඔයා දන්නේ නැද්ද ? (බ)