කතරගම දේවාලයේ හිටපු බස්නායක නිළමේ හා හිටපු උව මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ වලංගු බලපත්‍රයක් නොමැතිව කතරගම දේවාලයට පරිත්‍යාග කළැයි කියන බානු නැමැති අලියා අධිකරණ නියෝග මත වන ජීවි දෙපාර්තමේන්තු බාරයට ගත් බව එහි ආරංචි කියයි.
අවුරුදු 15ක් පමණ වයසැති එම අලියා පින්නවල ඇත් අතුරු සෙවනට බාර දීමට නියමිතය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම සතෙක්ව මිනිසාගේ පටු අවශ්‍යතා සඳහා යොදා ගැනීමට මම තරයේ විරුද්දයි. ඒ සතුන්ට අයිති වනාන්තර වලට ඔවුන්ව යොමුකරමු. (ම)
අනේ ඌට උගේ පාඩුවේ ඉන්න දෙන්න (නි)
ශ්‍රිලංකාවේ බහුවිධ සංස්කෘතියට අලි අවශ්‍ය බව සියලු දෙනා දැනගනිත්වා. පෙරහරට කාඩ්බෝඩ් අලි හරියන්නේ නැහැ (නි)
අපේ පෙරහර වලට මෙහෙම කරන්න එපා (නි)
මිනිස්සු විසින් සතුන් අනුභව කරන එක මීට වඩා දරුණු නැද්ද? (බ)
මේ අහිංසක සත්තුයි මේ දේවල් වලින් තැළෙන්නේ (නි)
පරවාහැර ජයසිරි - ඔබ එළවලු පලතුරු පමණක් ආහාරයට ගන්නා, සපත්තු/ බඳපටි නොපළඳින සැබැ සත්ව හිතවදියකුයි හිතමු. ඔබවැනි අයයි මේ ලෝකයට අවශ්‍ය! (බ)
අනිල්ගේ කතාව හරියටම හරි. (නි)
මෙවැනි දේ දකින්න අපි බලාපොරොත්තු වුණේ නැහැ (නි)
අනේ මන්දා මොනවාද මේ කරන්නේ කියලා (නි)
මම බෙර, දවුල්, තම්මැට්ටම් ගහනවාටද විරුද්ධයි. හේතුව ඒවා හදන්නේ සතුන් මරා ඔවුන්ගේ මස් කා ඉතුරුවන හමෙන් නිසා. මා බෞද්ධයෙක් නිසයි මේවාට අකමැති.(හේ)
අපි ඉල්ලපුවද අපට දැන් ලැබෙන්නේ? ඔන්න එ්කයි වෙනස (නි)
කිරි වීදුරුවට වඩා ඕනෑකමෙන් තම දරුවාට කවන්න උත්සාහ කරන්නේ බිත්තරයි. එ්ත් කුකුළන්ව, කිකිළි අම්මාව මරන්න එපා කියලා කවුරුත් කියන්නේ නැහැ. (නි)
මේ ප්‍රශ්නයට ඉක්මනින් පිළිතුරක් හොයා ගන්න වෙනවා.(හේ)
ඇයි මේ වගේ දේවල් කරන්නේ.(හේ)
අනේ වෙච්ච දෙයක්.(හේ)
මේ කරන වැඩ බොරු වැඩ.(හේ)
බලන් යද්දි ලංකාවේ හැම අලියටම බලපත්‍ර තියෙනවද කොහෙද?(හේ)
අලින්ව දම්වැල් වලින් බැඳලා පාරේ යනකොට බලන්න දුකයි. දියුණු මනසක් ඇති මිනිසාමද මේ දැවැන්ත සතාට මෙතරම් වද දෙන්නේ? දම්වැල් නිසාම තුවාල වූ කකුල් වලටම දම්වැල් දමා ප්‍රදර්ශනයට අරන් යන්නේ? මින් ප්‍රදර්ශනය වන්නේ මිනිසාගේ කුරිරු බව නොවේද?(හේ)
ලංකාවේ අලි සටන.(හේ)
පින්නවල අලි නඩත්තුවට සැහෙන මුදලක් වැයවෙනවා, විදේශිකයන්ගෙන් රුපියල් 2500/= ක් ගන්නා අතර අලියෙකුට අහාර කිලෝ 350ක් 400ක් පමණ දිය යුතුය, පන්සලේ හිටියනම් ඔහුගේ ආහාරය බුදු පුත්‍රයින් විසින් දෙනු ලබයි, අද කුමක්ද මේවෙන්නේ, අහිංසක සතුන්ට දේශපාලනය සතුරු වී ඇත, ඔව්න් මිනිසුන් ගෙන් පළි ගනියි (බ)
දෙපා සතාගේ දුෂ්ටකම නිසා කැලයේ ඉන්න සතා සිව්පාවටවත් නිදහසක් නැති හැටි. මමත් මේ සතුන් බැද තැබීමත් සතුන්ගේ මස් අනුභවයටත්, එම සතුන්ගේ හමෙන් කල දේවල් වලටත් අකමැතියි. (ර)
බොරු සංදර්ශන නැතිව ඉන්න අලි ටිකට ඉන්න තැනම ඉන්න ඇරලා, මින් ඉදිරියට කැලේ ඉන්න අලි ටික ආරක්ෂා කර ගත්ත නම් නේද හොඳ. පින්නවල කියන්නේ තවත් වදකාගාරයක් මිසක් නිදහස් තැනක් නොවේ. (ර)
ඒ සතාට නිදහසක් නැති හැටි? (නි)
මේවා දකිනකොට අපිට නම් කළකිරීමක් ඇතිවෙන්නේ (නි)
සාමාගේ කතාව හරියට හරි. (නි)
මේ සතාට දැන් ඒ පරිසරයට අමුතුවෙන්ම හැඩගැහෙන්න වෙනවානේ? (නි)
සත්ව හිංසනය බෝර්ඩ් ලෑල්ලට මුවාවෙලා මේ විනාශ කරන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය. මේ පෙරහරේ යන අලියව තමයි අපේ මිනිසුන්ට පෙන්නේ. හැබැයි සමහර උත්සව වලදී දහස් ගණන් සතුන්ගේ බෙලි කැපෙන එක කිසිම මානව හිතවාදියෙකුට නොපෙනීම නම් අරුමයක්. (නි)
හොඳ වැඩක්. (ර)
මෙහෙම ගියොත් පෙරහරේ යන්න අලි නැතිවෙයි. කරුණාකර තව අලි ඇතුන් අල්ලාගැනීමට බලපත්‍ර ලබාදෙන්න (නි)
සාමා, සංදර්ශනය කුමක් වුවත් කැලේ අලි ටික ආරක්ෂා කරගැනීමට මෙයද ඉතා වැදගත් පියවරකි. (නි)
ආයේ පෙරහැර කරන්න ලැබෙන්නේ නැහැ මිනිසුන් ඔය විදියට හිතුවොත්. අලි, බෙර දවුල් තම්මැට්ටම් ආදී සියල්ල නතර කළාම පෙරහැර නිකම්ම නැතිවෙනවානේ. (නි)
දැන් ඔය සතුන්ට තමන්ට ඉන්න තැන නිදහසේ ඉන්න පුළුවන් නම් එ්කට ඉඩ දීලා වනාන්තරේ ඉන්න සතුන්, තියන ගස් වැල් ආරක්ෂා කරගන්න දැන්වත් නව නීතිරීති ගෙනාවා නම් ඉස්සරහටවත් ඕවා ආරක්ෂවෙලා තියේවි. (නි)
මේ අලියත් කවුරු හරි දේවාලේ ළඟ දාලා ගිය එකෙක්ද? අලින්ව යදම් වලින් බැඳ තබනවාට මා විරුද්ධයි. ඊට හේතුව මා බෞද්ධයකු වීමයි. (බ)
කතරගම දෙවියන්ටවත් නොපෙනුන එකනේ පුදුමේ මෙච්චරකල් ! (බ)
සාමා එක්ක මම 100% එකඟයි. එතකොට නවසීලන්තෙට දීපු අලිත් ආයේ මෙහෙ ගේනවාද ? විගඩම් නැතුව රටට වැඩක් කරන්න. අලි ගහලා නැතිවන ජීවිත ගැන බලන්න. (නි)
පිටිගල, මස් කිලෝ ගණන් කන්න හොඳයි. කෝ ඔය කැක්කුම දවසකට මරණ කිරිඅම්මලා වගේ ඉන්න හරක් එළහරක් වගේ සතුනට. අලින්ට වඩා මේ සතුන් කොපමණ මිනිසාට කිට්ටුද ප්‍රයෝජනවත්ද. බොරු සෝබන කතා. (නි)
2016 ජනවාරි සිට අගෝස්තු මාසය වනවිට අලි ඇතුන් 148 දෙනකු පමණ මරණයට පත්වී ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හෙළිදරව්කර තිබෙනවා නේද. එපමණක් නොව, එම කාලසීමාව තුළදී දිවයිනේ විවිධ ප්‍රදේශවලින් අලි ඇතුන්ගේ පහරදීම් වලට ලක්වී මනුෂ්‍යයින් 43 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා. කෝ පරිසරවේදීන්? වනජීවී ලොක්කන්? (නි)
පවු මේ අහිංසක සත්තු! (නි)
නමුත් මේ සතුන් මින් විඳින මානසික පීඩාව කොතෙක්ද? (නි)