වසර 2243 ක ඉතිහාසයකට උරුමකම් කියන ලොව ඇති එකම සර්ව ආගමික ස්ථානයක් ලෙස සැලැකෙන කතරගම පුදබිම රථ වාහන ගාලක් බවට පත් වෙමින් පවතී.කතරගම පුදබිම පාලනය කරනු ලබන ආයතන රැසක් පැවතිය ද කිසිදු ආයතනයක් වගකීම බාර ගන්නා බවක් නොපෙනේ.
දේවාල භූමියටම සිය රථ වාහන වලින් පැමිණ පා ගමනින් යන වන්දනාකරුවන්ද යට කරමින් සිය පුජා දෙවියන්ට තැබීමට හුරු වීම නිසා මේ දිනවල කතරගම පුජා භුමියට පැමිණෙන රථ වාහන දිහා බලන අයකුට 1819 මෙන් කතරගම පුජා භූමියත් නගරයත් වෙන්ව හඳුනා ගැනීමට නොහැකි බව වන්දනාකරුවන් පවසති.පසුගිය 21 වැනි දා කිරිවෙහෙර අභියස දී මහනුවර ප‍්‍රදේශයේ කුඩා දරුවෙකු ඇතුළු පිරිසක් කාරයෙන් යට වී බරපතල ලෙස තුවාල සිදු විය. කතරගම ජනාධිපති විද්‍යාලයේ 11 වසර සිසුවෙක් ද දහම් පාසල් ගොස් එද්දී ති‍්‍රරෝද රථයක ගැටී මේ දිනම තුවාල සිදුවුයේ පුජා භුමියේ දීය.
වයෝවෟද්ධ අයකු හා අාබාධිතයින් සඳහා පමණක් අවසරපත් දී පුජා භුමියට රථ වාහන වලින් ඇතුළුවීමට අවස්ථාව ලබා දි තිබු නමුත් මේ වන විට විවිධ අය විසින් රථ වාහන රැසක් ඇතුළු කිරිම නිසාත් දේවාල භුමියේ සිටින ජංගම වෙළඳුන් නිසත් අයාලේ යන ගවයින් නිසාත් මේ රටේ රාජ්‍ය ආයතනයකට අයත් නොවූ ස්ථානයක් ලෙස කතරගම පුදබිම පත්ව තිබේ.
රාජගිරියේ සිට පැමිණි දිලූම් රණසිංහ මහතා පැවසුවේ අද අපිට හරිම දුකයි. කතරගම දේවාලයට එන හැම තැනම කරදරකාරී යාචකයින්ගෙන් හිරිහැර වෙනවා. වෙනදා මල් විකුණන ළඳුන්ගේ හඬ විතරයි අපිට ඇහුනේ. අද එන්න වඬේ ගන්න දොදොල් ගන්න එන්න ලොතරැයි ගන්න එන්න කියලා ඇහෙන සද්ද වැඩි වෙලා තියෙනවා . අපි කතරගම පුදබිමට එන්නේ නිස්කලංකව වැඳ පුදා ගන්න .දැන් ඒ නිහඩ සිතුවිලි වලින් වදින්න බැරි තරමට පුජා භුමිය පත් වෙලා. ඒ වාගේම රථ වාහන වේගයෙන් යනවා. මේවා පිළිබඳව වගකිව යුතු අය සොයා බැලීම සිදු කළ යුතුයි. නැත්නම් කතරගම දෙවියෝ කෝප වෙලා රටට අවැඩක් වෙනවා. අපි අහලා තියෙනවා යැයි දිලූම් රණසිංහ මහතා කිරිවෙහෙරට යන මගදී පැවසිය.
මේ සම්බන්ධව කතරගම පොලිසියේ නිළධාරියකු පැවසුවේ කතරගම පොලීසියෙන් කිසිදු බස් රථයකට හෝ වෙනත් ලොකු රථ වලට අවසර නොදෙන බවත් මේ රථ වාහන අයත් පිරිස් කතරගම සිටින ආයතන ප‍්‍රධානීන් වීම නිසා පොලිස් නිළධාරින්ටද බොහෝ විට අපහසුතා ඇති වෙන බවයි.
රුහුණු කතරගම මහා දෙවාලයේ බස්නායක නිළමේ ඩී පි කුමාරගේ මහතා පැවසුවේ 'දේවාලයේ කාර්යාලයෙන් අවසරපත් දෙන්නේ අබාධිතයකුට එන්න පමණයි. එයට අමතරව දේවාලයේ දේව දානයට එන බැතිමතුන්ට අවශ්‍ය බඩු රැගෙන ඒමට අවසරය දීලා තියෙනවා. පුජා භුමියේ ගවයින් ඇල්ලීම කරන්න ඕනෑ. කතරගම ප‍්‍රාදේශිය සභාව අනවසර වෙළදුන් හා බැතිමතුන්ට හිරිහැර වෙන ජංගම වෙළඳුන් ඇල්ලීම භෞතික සැළසුම් දෙපාර්තමේන්තුවේ ආරක්‍ෂක අංශය සිදු කළ යුතු වැඩක්. මම දේවාලයේ බස්නායක නිළම් ලෙස දේවාල භුමිය පාලනය කරනවා පමණයි . මට බැහැ රථ වාහන එන එක නතර කරන්න . අද කතරගම පුජා භුමිය ආයතන කීපයක් පාලනය කරන නිසා දැඩි අර්බුදයක්ව පවතිනවා . යම් වැරදි කි‍්‍රයා ඇති වන විට තමන්ගේ වගකීම් වලින් ඈත් වී අපිට අයිති නැහැ කියලා නිළධාරින් කියනවා. ජනාධිපතිතුමා හා අගමැතිතුමා සමඟ සාකච්ඡා කරලා දේවාල භුමිය එක ආයතනයකට පාලනයට ගන්න කියලා ඉල්ලීමක් කරනවා" යැයි කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩි පි කුමාරගේ මහතා පැවසිය.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතරගම හරකුන් වැඩි වෙලා තියෙන්නේ , ඔවුන් බලන්න කකුල් දෙකේ හරකුන් බුරුතු පිටින් එන නිසා වන්නට ඕනේ , හරකා හින්දු බැති මතුන්ගේ දෙවියෙක් , යන්නෙත් බෞද්ධයන් කියා අබෞද්ධයන් නිසා හරකුන් සිටිති (බ)
ඔය නිදැල්ලේ ලගින ගවයන්ට හිමිකරුවන් ඉන්නවා.මෙවැනි ඉතාම සුළු ප්‍රශ්නයක් විසදන්න බැරි පාලකයන් කතරගම ප්‍රදේශයේ ඉන්නවා. (බ)
කිරිවෙහෙරට යන්න තිබෙන කුඩා පාලමෙන් මිනිසුන් එහා මෙහා යන විටදී පවා ත්‍රී රෝද රථ ඉතා වේගයෙන් ධාවනය කරනවා. හරියට ඒ අයගේ පාරවල් වගේ. මිනිසුන් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ. පාලම උඩින් ත්‍රී රෝද රථ යාමත් නැවත්විය යුතුයි. (නි)
මෙහෙම ඉස්සර තිබ්බේ නැහැ දැන් කිසිම පාලනයක් නැහැ තමුන්ගේ වැරදි වහ ගන්න අනුන්ගේ වැරදි සොයන එක නේ කරන්නේ (බ)
ඔය ගවයින් දුප්පත් ගොවියන්ට දෙන්න බැරි මොකද - මසට නොවිකුණා හරිහැටි බලාකියා ගන්න පොරොන්දුව පිට? (බ)
බෞදිධයන් හින්දු ආගමට ගිහින් වාගේ , නොදැන හින්දු භක්තිකයන් වෙලා ,බුදු දහම අනුව මනුෂ්‍යන් ගෙන් දෙවියන් පින් ලබා ගනු හැර දෙවියන්ගෙන් පින් වෙන දෙයක් මනුෂයන් හට නැත , නත්ති මේ සරණන් අඤ්ඤං බුද්ධෝ මේ සරණන් වරං (බ)
රට එන්න එන්නම පිරිහෙනවා (නි)
මුදලට හැමදේම යටයි (නි)
කතරගම පිටකොටුව නෙවෙයි බලන්ගොඩ "අලුත්නුවර වගේ"(හරක්තමයි වැඩිය ඉන්නේ) (බ)
කතරගම විතරක් නෙවෙයි, දැන් පිටකොටුවත් ඉස්සර තිබුන පිටකොටුව වගේ වේගෙන එන්නේ. (බ)
හම්බන්තොටින් පසුකර ලුණු ලේවාය... කතරගමට අපි යහතින් ආවාය... සිටියදි පෝලිමේ අපි ගෙන පූජාව... සීයේ කොළ වලට මුල් තැන ලැබුණාය... (නි)
කතරගම නගරයේ ඉන්න ආයතන ප්‍රධානීන්ට ඇතුළට යන්න පාස් ගන්න පුළුවන්.ඔය අනවසර ජංගම වෙළෙඳුන් ඉවත් කරන්න හදනකොට ඒකට විරුද්ධව මෙතනම අදහස් දාපු අයට දැන් තේරුම් යයි ඇත්ත තත්ත්වය. (බ)
අනේ මෙහෙම බෞද්ධයෝ (බ)
ගජබා මහතා ඔබ හරි කියලා හිතෙනවා (නි)
මට මතකයි 80 දශකයේදී ජනතා විමුක්ති පෙරමුණ ඔය කතරගම යන අයව මගදී අල්ලා පුන්නක්කු පෙව්වා , ඕවට යන්නේ මොලේ නැති හරක් කියා (බ)
අගේ ඇති පින්තූර ටික (නි)
මම හිතන්නේ මේක යහපාලනයේ ඉතා හොඳ අවස්ථාවක් වගේ. (නි)
මේවා ගැන දැනුවත් කරන එක හොඳයි (නි)
සරත්, කොයි කාලේද මෙහෙම තිබුනේ නැත්තේ? බොරු කියන්න එපා. හොයල බලන්න කව්ද වාහන ඇතුලට ගන්න අවසර දුන්නේ කියල. පූජා භූමිය සම්පූර්ණයෙන්ම ගුණාත්මක සංවර්ධනය කරන්න ඕනි පුද්ගලික වාසි ගැන හිතන්නේ නැතිව. ඉදිකිරීම්වල ප්‍රමිතියත් පූජා භූමියට ගැලපෙන විදිහට කරන්න ඕනි කව්රු කළත් (බ)
මිනිස්සුත් හරියට (බ)
ගව ඝාතනය හෙළාදකිමු. (ම)
හරියට හරි ආනන්ද. වැඩි හරියක් බෞද්ධයින් කතරගම ගොස් දෙවියන් වැඳ, ඉල්ලීම ඉල්ලා, බාරහාර වී, කිරිවෙහර දෙස හැරිවත් නොබලා ගෙදර දුවති. (බ)
සුසන්තගේ අදහසට මමත් එකඟ වෙනවා. දුප්පත් ගොවීන්ට බලාගන්න කියලා එක ගවයෙක් බැගින් දෙන්න. දෙපැත්තටම වාසි වෙන්න පුළුවන් (නි)
අනුරාධපුර පුජා නගරයටත් වෙලා තියෙන්නේ ඔය ටිකම තමා. (නි)
ලංකාවේ බෞද්දයන්ට ගිය කල .බෞද්ධයෝ හැම දේවාලයක් ගානෙම යන මිත්‍යා දෘෂ්ඨිකයෝ වෙලා .හොද බෞද්ධයන්ට පමණි දෙවියෝ සලකන්නේ . දෙවියොත් බුදුන්ට වදිනවා .දෙවියනට විකාර වගේ ඇති .මුන් වගේ බුරුවො කියල (බ)
අනේ අපේ සිංහල බෞද්ධයො වාහනත් එක්ක හරි හරියට! මට සෝම හාමුදුරුවෝ සිහිපත් වෙනවා (නි)