රුහුණු කතරගම මහා දේවාලයට ලැබෙන ඉමහත් වු පළතුරු හා බැතිමතුන් ලබාදෙන සහල් ආදිය කතරගම ප‍්‍රදේශවාසීන්ගේ පෝෂණය පිණිස බෙදා දීමට  බස්නායක නිළමේ ඩී. පි. කුමාරගේ මහතා සැරසෙයි.

දිවයිනේ නන් දෙසින් කතරගමට පැමිණෙන වන්දනාකරුවෝ  දේවාලයට පුජා කරන  වී සහල් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අතිරික්තය දෙවියන්ට අවශ්‍ය තරම් තබා ගෙන කතරගම ප‍්‍රදේශයේ අඩු ආදායම් ලාභි ජනයාට මසකට වරක් ලබාදීමේ නව වැඩ සටහන (02) වැනි දා බස්නායක නිලමේ කුමාරගේ මහතා විසින් කි‍්‍රයාවට නැංවීය.

ගර්භනි මාතාවන් සඳහා ඇපල් මිදි කෙසෙල් වැනි පළතුරු ලබාදෙන අතර කතරගම අවට ඇති රෝහල් වෙත ද මෙම දේවාලයේ පළතුරු ලබාදීම මෙම වැඩ සටහනට සමගාමීව කි‍්‍රයාවට නංවා ඇත.

dewapariya_160104-(1) dewapariya_160104.(3) dewapariya_160104.(4) dewapariya_160104 dewapariya_160104.jpg-(2)