බස්නාහිර හා දකුණු පළාත් සභා ඡන්දයේ ජය පතා අපේක්ෂකයෝද ඔවුන්ගේ ආධාරකරුවෝද මේ දින වල මැණික් ගගෙන් නා පිරිසිදු වී කතරගම දෙවියන්ට භාර හාර වෙති.පඬුරු ගැටගසති,කාවාඩි නටති.තවත් නොයෙකුත් දේ කරති.
උදේ පුජාවට පසුගිය දිනවල පිට පිටම ඔවුහු එක් වුහ.
මේ පුද පුජාවලට මෙතෙක් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් පැමිණි බවක් වාර්තා වී නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදන විදිහට සැලකුම.(දිල්)
මේ පුද පුජාවලට මෙතෙක් ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂකයන් පැමිණි බවක් වාර්තා වී නැත. මෙන්න දේසපාලන පක්ෂ ''ජනතා විමුක්ති පෙරමුණ. ජයවේවා ! (නදී)
කතරගම දෙවියොත් හිතනවා ඇති වැස්සකටවත් මගේ දේවාලෙට නාපු කට්ටිය, දැන් පෝලිමේ එන්නේ ඇයි කියලා. (දී)
කතරගම රූප සුන්දරී මනම්පේරිව අමානුෂිකව මැරූ ස්වෙච්ඡා හමුදා කපිතාන්ට උනදේ මතකනේ. දෙවියෝ හිටියත් නොහිටියත් කළකම් පළදෙනවා මයි. තමන්ගේ ජයග්‍රහණය සඳහා කන්නලව් කරන මේ බඩගොස්තරයෝ සුනාමිය ආ වෙලාවේ ජනතාව බේරා දෙන්න කියා එක දේවාලයක කන්නලව් කළා ද? මොවුන්ට ලෙහෙසියෙන් දෙවියන් රැවටිය හැක. එහෙත් තමන්ගේ හෘද සාක්ෂිය රවටන්න මේ අයට කවදාවත් ඉඩ ලැබෙන්නේ නැහැ.(නදී)
දෙවියන්ට වෙන වැඩ නැහැනේ (දී)
අත් දොළොසකි, නෙත් දොළොසකි කදිර සුරිදු හට !........ මොලයක් නැති , මිනිසුන් කුමටද? (දී)
අද කාලයේ දෙවියන් උනත් සලකන්නේ ලැබෙන දෙය හා ප්‍රමාණය අනුව නිසා . කන්නලව් කරන අය පුදන දේවල් වටිනා දේවල් විය යුතුය.(නදී)
මෝඩකමට බෙහෙත් නැත.(නදී)
සිරි එහෙම කිව්වේ යන අයට ද නොයන අයට ද? (නදී)
කතරගම දෙවියන්ට වඩා වටිනවා කන්නලව්ව ජනතාවටම කලානම්.(නදී)
දෙවියන්ට අහිංසක මිනිස්සු ගැන බලන්න බැහැ දේශපාලුවෝ ගැන නම් බලන්න පුළුවන්. (නදී)
අඳුරු කුටියතුල දොරගුළු දාගෙන යදින යාතිකා දෙවියන් හට නැසේ . අර මහජන සෞඛ්‍ය පරීක්ෂකයෝ පන්නලා දාපු වෙළෙන්දෝ විකුණන කුණු පලතුරු පරණ කැවිලි දීල දෙවියෝ රවට්ටන්න බැහැ. (දී)