කතරගම දේවාලය තියෙන්නේ නගරය ආසන්නයේ නගරයේ රථගාල් රැසක් තිබෙනවා. එම ගාල්වල ආරක්‍ෂාව ඇතිව වාහන නවත්වා ඩිංගක් දුර පයින් ඇවිද දේවාලය, කිරි වෙහෙර ආදී සිද්ධස්ථාන වැඳ පුදා ගැනීමට බැරි ඇයි? අත්‍යවශ්‍යම කෙනකුට පමණක් දේවාල භුමියට රථ වාහන රැගෙන ඒමට ඉඩ දී පුජා භුමියට එන වාහන පාලනය කිරීම වැදගත් බව රුහුණු කතරගම මහා දේවාලයේ ප‍්‍රධාන කපු සොමීපාල ටී. රත්නායක මහතා මාධ්‍යයට පවසයි.
පුදබිමට රථ වාහන ඇතුළුවීම නිසා පසු ගිය 21 වැනි දින කුඩා දරුවකු ඇතුළු 03 තිදෙනකුට තුවාල සිදු කරමින් සිදු වු රිය අනතුරට පසුවද පුජා භුමියේ රිය අනතුරු සිදුවී ඇතැයිද ඔහු කනස්සල්ල පළකරයි.
1973 වර්ෂයේ දී සිරිමාවෝ බණ්ඩාරණායක හිටපු අගමැතිනිය දිනක් කතරගම ආවා. එදා දේවාල ආසන්නයේ පදිංචි ගෙදරක අයෙක් මියගොස් තිබුණා. ඒක නිසා දේවාලය වහලා තිබුණා. අගමැතිනිය මගෙන් ඇහැව්වා ඇයි මරණ වු පසුව දේවාලය වහන්නේ කියලා. මම කිව්වා දෙවියන්ට කිළි කුණු ඇති වෙනවා ඒක නිසා දේවාලය වහන්න වෙනවා කියලා. එදා මැතිනිය ඇහැව්වා ඊට පිළියමක් තියෙනවාද කියලා. එදා අපි මැතිනියගෙන් ඉල්ලීමක් කළා. දේවාල සීමාවෙන් නිවාස වෙළඳසල් ඉවත් කර වෙන් කරන්න කියලා. ඒ ඉල්ලිම අනුව බණ්ඩාරනායක මැතිනිය 1973 දි අති විශේෂ ගැසට් පත්‍රයකින් කතරගම පුජා භුමියක් බවට පත්කළා. දේවාලය අසළ තිබුණු ඌරු මස් කඩ, වෙළඳසල් නිවාස ඉවත් කළා. එදා බොහෝ අය විරුද්ධ වුණා. කතරගම පුජා භුමියක් විදියට පිරිසිදු කරපු නිසා අද දේවාලය කිසිදු අයුරකින් වහන්නේ් නැතිව දිනපතාම නන්දෙසින් කතරගම දේවාලය වැඳ පුදා ගැනීමට එන අයට කිසිදු බාධාවකින් තොරව වැඳපුදා ගන්න ඉඩ ලැබිලා තියෙනවා‘
ආබාධිතයන්ට එන්න රෝද පුටු සේවයක් නොමිලේ දේවාලයේ කාර්යාලයෙන් සිදු කරනවා. නැත්නම් දේවාලේ කාර්යාලයට කියලා අවසර පතක් ගන්න පුළුවන් ප‍්‍රභුවරයකු අසනිපකෙනකු රථයකින් පුජා භූමියට ආවට කමක් නැහැ . අද වෙනකොට කවුරුත් වාහන වලින් දේවාලයට එන්න පුරුදුවෙලා . දේවාල භුමියේ පය ගැටිමෙන් ආධ්‍යාත්මික සුවයක් ලැබෙනවා. අතීතයේ බැතිමතුන් කතරගමට ආවේ මැණික් ගඟෙන් නාලා දේවාල භුමියේ වැලි මළුව පාගා ගෙන. ඒක නිසා පුදබිමේ ගරුත්වයට හානි කරන්න එපා. දේවාලයට එන පාලම් ආසන්නයේ රථ ගාල් තිබෙනවා. ඔය පුංචි දුර ගෙවා ගෙන දෙවියන් බුදුන් වැඳලා සතුටින් යන්න කියලා මම බැතිමතුන්ගෙන් ඉල්ලනවා. ඒ වගේම සියලුම බලධරයන් සාකච්ඡා කරලා සුදුසු වැඩ පිළිවෙළක් සකස් කළ යුතු යැයි රත්නායක මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද හුඟාක් මිනිස්සු මේ වගේ පුදබිම් වලට එන්නේ හිතේ ගවුරවයකින් නෙවෙයි හුදු විනෝදාස්වාදය ලබා ගැනීමට පමණයි , කිරි අම්මත් එක්ක කතරගම ගිය අපට බොහොම පරිස්සමට තමයි කතා කරන්න පවා ලැබුනේ , ගෙදරින් පිටවෙන්න කලින් සියලුම නීති දාල තුනුරුවන් ගැන විශ්වාසයෙන් , දෙවියන් ගැන බක්තියෙන් ඒ කටයුතු පුද පුජා කරන හැටි බොහොම අපුරුවට කියල දීල තමයි අපව කතරගම එක්ක ගියේ , මගේ පින්වන්ත කිරි අම්මටත් මේ වෙලාවේ පිංදෙනවා.! (ර)
කතරගමට ගොස් වාහනයක් නවතා ගැනීමට රියදුරන් විදින දුක දෙවියන්ටම පෙනේවා . (ර)
මේක ලොකු ප්‍රශ්නයක් දැන්ම මේකට විසදුමක් හොයන්න.(හේ)
මම නම් ආස ඉස්සර වගේ දේවාලෙට කිරිවෙහෙරට යනකම් දෙපැත්තේම හොදට ගස් කොලන් සහිතව මාල තේ කඩ එක්ක පාලම ලග ඉදලම ඇවිද ගෙන යන්න තිබුන නම්. දැන් ගිනි අව්වේ යන කොට කාටත් අපහසුයි.(හේ)
මෙයට විශේෂ වැඩ පිළිවෙලක් යෙදුවා නම් මේ තත්ත්වය උද්ගත වෙන්නේ නෑ.(හේ)