
(අංජුල මහික වීරරත්න)
රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ උත්සවයට සහභාගී වන විට ප්ලාස්ටික් භාවිතය අවම කරන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.
එමෙන්ම වගකීමෙන් යුතුව කසළ බැහැර කරන ලෙසද පරිසර අධිකාරිය කියයි.
මෙවර රුහුණු කතරගම මහා දේවාලයේ පෙරහර බ්‍රහස්පතින්දා (26) ජුලි 10 වැනි දා තෙක් දක්වා පැවැත්වේ. සාමාන්‍යයෙන් ඇසළ උත්සව සමයේ දී බැතිමතුන් ලක්ෂ 15කට ආසන්න පිරිසක් කතරගමට පැමිණෙන අතර අක්‍රමවත් කසළ බැහැර කිරීම නිසා කතරගම නගරය, පූජා භූමිය සහ මැණික් ගඟ ආදී ස්ථාන වල පෙරහර කාල සීමාව අවසානයේ විශාල කසළ ප්‍රමාණයක් එක් රැස්වන බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
2024 වර්ෂයේ පෙරහර සමය අවසානයේ ඝණ අපද්‍රව්‍ය ටොන් 1,500ක් ද පෙට් ප්ලාස්ටික් බෝතල් ටොන් 4ක් පමණ ද ප්ලාස්ටික් මල් මාලා කිලෝ ග්රෑම් 50ක් පමණ ද එකතු කර ගෙන තිබෙන අතර මෙය පෙර වසර වලට සාපේක්ෂව කසළ අඩු වීමක් බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගම එනකොට ප්ලාස්ටික් ගේන්න එපා
Deshabandu Wednesday, 25 June 2025 09:54 AM
ජීවිතයට හැදෙන්නෙ නැති, සුදු ඇඳ ගත්තු, කලු සිත් තියෙන බොරු භක්තිකයන් ඉන්න තාක්කල් , පූජා භූමිය පිරිසිඳුව තියාගන්න කරන උත්සාහය නිෂ්ඵල ක්‍රියාවක්.
Ariyathilaka Wednesday, 25 June 2025 09:25 PM
මුලාව වෙළඳන් කරනා පුදබිම වෙත නුඹ යන්නා, කිරිවෙහෙරේ කොත් කැරැල්ල දිහා බලන්න, වටපිට නුඹ බැලුවෝතින් මුලාව නුඹ වෙලා ගනී, කිරිවෙහෙරේ දම් සිසිලස සිතේ මවාපන්..~~ පූජා බඩු සල්පිල් මැඳ හරෝ හරා හඬ ඇසෙද්දී, බුදුහිමි බුදු වුණු කාලය සිහියට නඟපන්, පුද පඬුරෙන් කපුරු දුමෙන් සසරේ කළ කම් විපාක, මැණික් ගඟේ සෝදන්නට බැරිබව සිතපන්...