කතරගම මෑතදී දක්නට නොලැබුණු තරමේ මහා සෙනගක් අදත් (25) පැමිණ සිටියහ. අද ලක්ෂ 5 කට අධික පිරිසක් සිටි බව වාර්තා වේ. අද උදේ 7 සිට ප.ව 1 පමණ වන විට කතරගම සිට සෙල්ලකතරගම පාරේ දැඩි වාහන තදබදයක් පැවතියේය. මහා දේවාලයට බාරහාර ඔප්පු කිරීම සඳහා පැමිණි වන්දනා කරුවන්ගේ පෝලම බෙහෙවින්ම දික් වී තිබිණි. වන්දනා කරුවන් බොහෝ දෙනෙකු පැවසුවේ පැය තුන හතරක්ම මහා දේවාල පූජා වට්ටි පෝලිමේ සිටිමට සිදු වූ බවයි. කිරි වෙහෙරෙ මහා දේවාල බිම,වැඩිහිටි කන්ද හා සෙල්ල කතරගම අතුරු සිදුරු නැතිව පිරී තිබිණී.
කතරගමට පිවිසෙන හැම මාර්ගයකම කි.මී 10ක් 15 ක් පමණ දිග පෝලිම් දක්නට ලැබුණි. කතරගම නවාතැන් ලබා ගත නොහැකි වූ බොහෝ පිරිස් තිස්සමහාරාම, හම්බන්තොට, බුත්තල, වීරවිල වැනි ඈත ප්‍රදේශවලට ගිය බව දැනගන්නට ඇත.
කතරගම වාහන තදබදය කෙතරම්ද කිවහොත් වාහනයක් ගාල් කිරීමට තැනක් සොයගෙත නොහැකි විය. ආහාර හිඟයක්ද ඇති විය. දින කිහිපයක සිට දිවා රෑ දෙකෙහිම මහා දේවාලය විවෘතව තැබෙන බවත් ලබන 31 දක්වා වන්දනා කරුවන් කතරගම රැඳී සිටන බව පෙනෙන බවත් බස්නායක නිලමේ ඩී. පී කුමාරගේ මහතා පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක් එක් අයගේ විශ්වාසයන් හට නිග්‍රහ කිරීමට හෝ ඒවා සාධාරණීකරණය කිරීමට කිසිම අයෙකුට අයිතියක් නැත. එයට හේතුව ඔවුන්ට ඒවා සාධක හෝ සාක්ෂි සහිතව ඔප්පුකළ නොහැකිවීමයි. (නි)
දකිනකොටත් සතුටුයි (නි)
දැන් මිනිස්සු මිත්‍යා මත දැඩිව විශ්වාස කරනවා. තණ්හාව තමයි හේතුව. (ර)
රටේ මාර්ග පද්ධතියේ දියුණුවත් කතරගමට ඔච්චර දිග පෝලිමක් තිබෙන්න හේතුවක් කියා මම සිතමි (නි)
එකදිගට දීර්ඝ නිවාඩුවක් ලැබුණ නිසා බොහෝ දෙනා වන්දනා ගමන් යන්න පෙළඹුනා (නි)
සාධු සාධු!! (නි)
සමහරුන්ගේ අදහස් ගැන නම් ඇත්තටම දුකයි (නි)
සාධු සාධු සාධු!!! (නි)
නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරලා පිහිට ඉල්ලන එක තමන්ගේ වැඩක්. නමුත් එහෙත් ඉල්ලන හැම දෙයක්ම ලැබෙන්නේ නැහැ. (නි)
මේ හැමදෙයක්ම කෙරෙන්නේ භක්තිය මත නිසා අප කාටවත් විරුද්ධ වියයුතු නැහැ. ආගමක් ඇදහීම හෝ දෙවියන් වන්දනා කරන අයට ඒවා නිදහසේ කරගෙන යාමට ඉඩ දියයුතුය. කතරගම යනු දේවාලය පමණක්ම නොවේ. බුදුසිරිපා පහස ලැබූ කිරිවෙහෙර ශුද්ධ භූමියත් බැතිමතුන්ගේ වන්දනාමානයට ලක්වන තැනකි. (නි)
මිනිසුන්ගේ අචල ශ්‍රද්ධාව නොවේද මේ පෙන්නුම්කරන්නේ? (නි)
කතරගම පැත්තේ වෙළෙන්ඳන්ට නම් සරු ඇති මේ දවස්වල (නි)
මිනිසුන්ගේ විශ්වාස ගැන විවේචනය කරන්න යෑම මම නම් අනුමත කරන්නේ නැහැ (නි)
සමහර මිනිසුන්ගේ අදහස් ගැන මට හරි දුකයි. මොනවා කරන්නද පණ්ඩිතකමනේ ඉතින්. ඔහොම දේවල් කිව්වහම තමන් හිතන්නේ තමන් බෞද්ධ දර්ශනයේ කෙළපැමිණියෙක් කියලා. කතරගම කියන්නේ බුදුසිරිපා පහස ලැබූ පූජනීය පින්බිමක්. (නි)
සාධු සාධු!! (නි)
දෙවියන් වැඳීම බුදු දහමට අදාල දෙයක් ද? (අ)
වසර අග කොහොමත් යන බහුතරයක් ඉන්නවා. මාතර දක්වා අධිවේගී මාර්ගය පැය එකාමරකින් යා හැකි නිසා කතරගමට යාමට යන කාලය අඩුවීම තුළ කෙටිකාලයකින් ළඟාවීමට හැකිවුණත් ඒ හා සාපේක්ෂව වන්දනාකරුවන් සියල්ලට ඔරොත්තු දෙන තරම් වටපිටාවක් නැති නිසයි මෙහෙම වුණේ. මෙය මා ලත් අත්දැකීමකි. (නි)
මිත්‍යාදුෂ්ඨිය බිද දමා සත්‍ය පෙන්වූ බුදුරදුන්ගේ දහම තම උප්පැන්යේ කොටාගත් නාමික බෞද්ධයින් වැඩි පිරිසක් ඔතන ඇත.වෙනත් ආගමිකනයින්ට ඔය පිස්සුව නෑ.(කෞ)
බුදු. දහම කියන්නේ අපිට නියම මාර්ගයක් , දර්සනයක්. අවවාදයක්, අපි බුද්ධාගමේ ඉල්ලීම් (ප්රේ ) නැහැ. අපේ තියෙන්නේ ගෞරවය ( රෙක්ස්පෙට් ) අපි එහි ස්වාදිනත්වයට උසස් අන්දමින් ගරුකරමු . දෙවියන්ද එසේය . දෙවියන් අදහනවයි කියන්නේ, මනුස්සයන්ගේ ආරක්ෂාව. සහ උපකාරයයි, එයින් මනුස්සයා විසින් ඔහුට කෘත ගුණ වේ. ඒ ඔවුන් ගේ ආරක්ෂකයා ලෙස බලා පොරොත්තු ඉෂ්ඨ සිද්ද වන නිසා. එය දෙවියන්ගේත් ඔවුන්ගේත් අතර තිබෙන විස්වාසයයි . (ස)
බුදු බන අදහන්නෙකු කතරගම නොයනු ඇත. (ස)
"නොපෙනෙන බලවේග ගැන විශ්වාස කරලා පිහිට ඉල්ලන එක තමන්ගේ වැඩක්. නමුත් එහෙත් ඉල්ලන හැම දෙයක්ම ලැබෙන්නේ නැහැ. ඉල්ලන කිසි දෙයක් ලැබෙන්නේ නෑ.මම මිත්‍යාවට එරෙහි වුනේ වයස 10 සිට. (ස)
බුදු දහම ගැන නිවැරදිව අවබෝධයක් නැති 'සිංහල නාමික බෞද්ධයො'තමා ඔතන ඉන්න ගොඩ දෙනෙක්. බුදු දහමෙ 'දේව ඇදහිලි' නැත., දෙවියන්ට පිංදීම පමණයි තියෙන්නෙ. (කෞ)
වෙළෙන්දන්ට රජ මගුල්. මිනිස්සු මෝඩ කමද? (කෞ)
එහෙම කියන්න එපා, කතරගම කියන්නේ ගොඩක් අනුහස් තියෙන තැනක්, තමන්ගේ අසරණ කමක් කියාගෙන ගියොත් අනිවාර්යෙන්ම උපකාර ලැබෙනවා අත්දුටුවයි සත්ත්තයි (කෞ)
මොනතරම් නම් භක්තියකින්ද මේ යන්නේ? හරිම සතුටුයි (නි)
බුදු දහම කියන්නේ එකක් , දෙවියන් ඇදහිම තවදෙයක් (කෞ)