කතරගම වෙළඳුන් ආප්යක් රුපියල් 50 ට හා ප්ලේන්ටියක් රුපියල් 40ට විකුණූ බවට මාධ්‍ය කළ ප්‍රචාරය නිසා කතරගමට අපහාසයක් වූ බව කියමින් අද (7) කතරගම නගරයේ ආප්පකඩ හිමියෝ හා නගරවාසීහු පිරිසක් කතරගම දේවාලයට පැමිණ පොල්ගසා මාධ්‍යයට සාප කළහ.
පොල් රැගෙන විරෝධතා පවත්වමින් පැමිණි මොවුහු මාධ්‍ය කතරගම අභිමානය වැනසූ බවත් එම ප්‍රවෘත්තිය නිසා කතරගම වෙළඳුන්ට දැඩි පීඩනයක් ඇතිවූ බවත් කියමින් පොල් ගැසූහ.
කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රුක්ෂාන් උඩවත්ත හා නගරයේ වෙළඳුන් පිරිසක් එම වැඩසටහන සංවිධානය කර තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට වඩා නරකද ආප්ප සහ තේ විකුණන පාලන මිලක් ප්‍රසිද්ධ කළා නම්? (නි)
කොහෙන්හරි දේශපාලකයෙක් ඔය වැඩ වලදී මුල්තැන අරගෙන ඇති... (නි)
අපි හරි හැටි අවබෝධ කරනොගත් දෙයක් තියෙනවා අද රටේ. මොකක්හරි දෙයක් අල්ලා ගන්නවා දේශපාලකයෝ තමන්ගේ ප්‍රතිරූපය පෙන්වන්න. මෙතනත් සංවිධායක දේශපාලකයෙක්. අපි දරිද්‍රතාවයෙන් පෙළෙනතාක් දේශපාලකයාට පුළුවන් අපිව ඔවුන්ට ඕනෑ විදිහට පෙළගස්වන්න. අපේ දුප්පත්කම නිසා අපිට හැමදාමත් දේශපාලකයා පස්සේ යන්න වෙනවා. එම නිසා ලංකාවේ දේශපාලකයෝ කවදාවත් කැමති නැහැ අපේ දුප්පත්කම නැති වෙනවට. (නි)
ඇත්ත තිත්තයි. (නි)
දෙවියනි, ඔබ කොහිද? (නි)
කතරගම ඉන්න වෙළෙඳුන් අසාධාරණ විදියට තමයි හම්බ කරන්නේ. කතරගම දෙවිඳුන් දන්නවා ඇත්තටම කාටද අසාධාරනයක් වුණේ කියලා (නි)
මම නම් ගෙදරින් ගෙනිච්ච පොල් ගෙඩිය ගහලයි ආවේ ඔය විදිහට හුරාගෙන කන අයට. අපිට වෙන අසාධාරණ වලට පොල් ගහන්න ගියොත් ඉතින්, ලංකාවේ පොල් මදිවෙලා පිටරටින් පොල් ආනයනය කරන්න වෙයි. (නි)
මින් පසු කතරගම යනවිට තමන්ට අවශ්‍ය පුජා භාණ්ඩ හා කෑමබිම අරගෙන යන්න.එතකොට කතරගම වෙළඳුන්ගෙන් කිසිවක් මිලදීගන්න අවශ්‍ය නොවේ. (බ)
ගසා කෑම දෙවියන්ටම පෙනේවා! ආප්ප ඒකාධිකාරියට එරෙහිව පෙළගැසෙමු. අපි ආප්ප නොකා සිටිමු. (නි)
කතරගම ගිය අයත් ගෙදර ඇවිල්ලා කිවුවේ වෙළෙන්ඳන්ට පොල්ගහන ඒවා ගැනයි (නි)
කතරගම දෙවියෝම බලාගනිත්වා. (ර)
පොල් බැරි නම් කොස් පොලොස් ගැහුවත් අපිට නම් කමක් නැහැ. බිස්නස් කාරයන් කියන්නේ හිතක් පපුවක් නැති කට්ටිය බව අපි අනාධිමත් කාලයක සිට දන්නවා. මාධ්‍යයට බැනලා වැඩක් නැහැ . තමුන් දෙවියන් ඉස්සර කරගෙන වැරදි කළා නම් දඬුවම් ලැබේවි. (ර)
එතකොට ආප්ප කාපු මිනිස්සු කාටද පොල් ගහන්නේ.? (ර)
ඊළඟ සැරේ ඔය පොල්වල ගානත් අල්ලලා ආප්ප ප්ලේන්ටි වලට ගණන් දායි නේද? (ර)
අනේ මේ අයගේ වැඩ අපි දන්නවනේ. පොල් ගහගන්නේ... (ර)
පොල් නෙවෙයි, දැන් වෙළෙන්ඳන්ට ගල් ගහන්නයි වෙලා තියෙන්නේ. (නි)
මට නම් මේවට හිනා යනවා. (ර)
හොයාගත්ත ලාබෙන් පොල් ගහනවා. (අ)
මහේෂ්, ඔයා කියපු එක තමයි හරියටම හරි. කතරගම ඉන්න වෙළෙඳුන් අසාධාරණ විදියට තමයි හම්බ කරන්නේ. (නි)
ඔය ගානට විකුනන්න කියලා කිව්වේ කවුද දන්නේ නෑ.? (ර)
කතරගම බස්නායක නිලමේ තුමා නම් මෙගොල්ලටත් අනුගමනය කරන්න එක්ක හොඳ ආදර්ශයක් නම් දීල තියනවා.(අ)
කතරගම දෙවියන් වැදීමට එන බැතිමතුන් ගැන සැලකිලිමත් වෙනවා නම් මෙහෙම ආරංචි යන්නේ නැහැනේ. බැතිමතුන් ගසා කෑමට පෙර කතරගම දෙවියන්ගේ රටේ ජීවත් වන බව අමතක කරන්න එපා. (ර)
ඔය කියන මිනිස්සු අාප්පයක් කයි රු. 40ක් දීලා. කතරගමට සෙනඟ ඇවිත් මිනිස්සු හම්බ කර ගත්තම මාධ්‍යටත් කියන්න දෙයක් තියෙන්න ඕන නෙ. ලොකු මිනිස්සුන් ආප්ප කඩේ රු. 200ක් දීලයි ආප්ප කන්නේ. (ස)
හරි නම් දෙවියන්ට පොල් ගහන්න ඕන වන්දනාවේ ඇවිත් ගිය උදවිය. (ර)
ඕවට තමයි දේව ශාප කියන්නේ. මාධ්‍යයට බැනලා වැඩක් නැහැ. මාධ්‍යය හිටියේ නැත්තම් කතරගම ගිය අයගේ ඇඳුනුත් වෙළෙන්ඳන්ට දීලයි එන්න වෙන්නේ (නි)
කතරගමට අපහාසයක් සිදු කලේ මේ ගොල්ල නෙවේද එම ගානට ආප්ප විකුනලා ගහපු පොල් කරකෙයිද දන්නේ නැහැ අනිත් පැත්තට. (ර)
මේක මෙයාලටම ගිය රටක් වගේනේ! (නි)
දෙවියන් වදින්න ආ බැතිමතුන් හූරගෙන කන අයට තමයි අවසානයේ පොල් වදින්නේ. (ර)
මෙහෙමත් මිනිස්සු! (නි)
මේගොල්ලෝ ගහපු පොල්වලින් ආප්ප හදලා වන්දනාකරුවන්ට ආප්ප දන්සැලක් දුන්නා නම් ඒ ආප්ප මුදලාලිට කොච්චර යහපතක් අත්කරගන්න තිබුණාද? (නි)
දැන් කවුද මෙතන කතරගම දෙයියන්ව හුරගෙන කන්නේ ? (හේ)
ආප්පෙ පනහට දෙනකොට හොදයි,ඒක රටට කිව්වාම අමාරුයි.(හේ)
එහෙම නොකලා නම් හොඳයි.(හේ)
දෙවියෝ විකුණාගෙන කෑමත්, කළුකඩ වෙළඳාමත් කරන්නෝ සිතින් විඳවනවා. ආප්ප,කාමර වැඩි මිලට දෙන්න ඇත්තේ මිනිසුන් නොව මිනිසුන් වෙසින් සිටින තිරිසනුන් වියහැක. මිනිසා බුද්ධිමත් නම් මංමුලා නොවේ (නි)
පොල් ගහලා මාධ්‍යයට මොනවා කරන්නද? (නි)
මේ අයට නැවතත් මේ වැඩ නොකරන්න හොඳින් නීතිය ක්‍රියාත්මක කළයුතුය. (නි)
කතරගම අයියලා අක්කලා ගැන නම් කියලා වැඩක් නැහැ. කතරගම ආප්ප වල වාටිය ඝණ වෙන්න අහිතකර දේවල් දානවා කියලත් ප්‍රසිද්ධ කතාවක් තිබෙනවා. මෙයාලා ගහපු පොල්වල ගානත් බැතිමතුන්ගෙන්ම අල්ලයි. කතරගම දෙයියොම ඉතින් මේවා බලාගන්න ඕනෑ. (නි)
දෙවියනි, ගහපු පොල් ගහපු අයටම විරුද්ධව ගහපුවා ලෙස සළකනු මැනවි! (නි)
කතරගම දෙවිඳුන් දන්නවා ඇත්තටම කාටද අසාධාරනයක් වුණේ කියලා. බූමරංගය වාගේ ආපසු තමන්ගේම ඔලුවටම කැරකිලා එන්න බැරි නැහැ. බලාගෙන පරිස්සමෙන්........? (නි)
සත්‍ය පෙන්වාදීම මාධ්‍යයේ වගකීමක්. මේ කාරණය සම්බන්ධයෙන් එය100%ක් ඉටුවුණා. ස්තුතියි! ඒකනේ මේගොල්ලන්ට යකා වැහිලා තියෙන්නේ. (නි)
අනේ මෙහෙමත් වැඩ! (නි)