“සංහිදියාව දෙපැත්තෙන්ම තිබිය යුතුයි .එක පැත්තකින් තිබිලා බෑ අපි සංහිදියාව ඇතිකරන්නත් උතුරේ ඊට විරුද්ධව කටයුතු කරන්නටත් සුදානම් වෙනවා නම් එතන සංහිදියාවක් නැහැ“යැයි මහින්ද රාජපක්ෂ මහතා ලුණුගම්වෙහෙර ශ්‍රී රත්නාරාම පුරාණ විහාරයේ වාහල් කඩ හා බෞද්ධ මන්දිරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් කීවේය.
''තිස්සමහාරාම පන්සලේ හාමුදුරුවන්ගෙ අලියත් කතරගම දේවාලෙ අලියත්. ගංගාරාම පන්සලේ අලියත් අරන් ගියා. දැන් මේ අලි පින්නවල. පින්නවලදි අලියාට මහත් කරදර වී තියෙනවා, තුවාල වී තියෙනවා,මැරිලා තියෙනවා. කවුරුවත් මේ ගැන කථාකරන්නෙ නැහැ“
''කතරගම දේවාලෙ අලියා අරන් ගිහිල්ලා දවස් 21ක් යන්න ඉස්සරවෙලා මේ ආණ්ඩුවට එෆ්සීඅයිඩීයට,සීඅයිඩීයට අල්ලස් කොමසාරිස් ජනරාල්වරයාට රටේ ජනාධිපතිතුමා බරපතල චෝදනාවක් කරනවා විතරක් නෙවෙයි එතුමා කියනවා මම කාටවත් බය නෑ කියලා. මම දන්නෙ නෑ රටේ විධායක ජනාධිපතිවරයා බය කරන්න කවුරුවත් හැදුවද කියලා. අපි හිතනවා මේ කියන්න ඇත්තෙ අගමැතිතුමාට වෙන්න ඇති. එතුමා මේ ගැන කථා කරයි කියලා අපි බලාගෙන ඉන්නවා. මම නම් පුදුම වුණා මේවා නොදන්නවයි කියලා.රටේ විධායක ජනාධිපතිවරයා ශක්තිමත්ව ඉන්නකොට තමයි රටකට වැඩක් කරන්න පුළුවන් වෙන්නෙ. හැබැයි මේ අවරුදු දෙකේදී මේ සියලු දෙනා කළේ පලිගැනීම. මගෙන් පලිගැනීම පවුලෙන් පලිගැනීම විතරක් නෙවෙයි අවසානයේ හාමුදුරුවරුන්ගෙන් පලිගන්න පටන්ගත්තා. එෆ්සීඅයිඩී එකට අරන් යනවා. පන්සල හැදුවෙ කොහොමද කියලා අහනවා. මේකට සල්ලි දුන්නෙ කවුදැයි අහනවා. ඒ පාර ඒ ලයිස්තුව හොයාගෙන යනවා. ගිහිල්ලා අහනවා කීයක් දුන්නද කියලා. මේ විදියට පහළොස්දාහකට විසිදාහකට වැඩිය රජයේ සේවකයන් ව්‍යාපාරිකයන් හාමුදුරුවරුන් ගෙන ගිහිල්ලා කරදරයට පත්කරනවා. හාමුදුරුවරුන් අද වන විට 48 දෙනෙක් හිරගෙදර. උඩුවෙ ධම්මාලෝක නායක හැමුදුරුවොත් එයින් එක්කෙනෙක්
ඕනෑම රුපවාහිනි නාළිකාවක් අපිට බනින ඒවානම් දානවා මොකද අද මාධ්‍යට වාරණයක් නෑ කියලා කිවුවට වාරණය හොදටම දාලා තියෙන්නේ මේ යුගයේ තමයි ගෙනල්ලා පුද්ගලිකව අයිතිකාරයට බනිනවා පාර්ලිමේන්තුවේ නම් කියලා වාර්තා කාරයින්ට බනිනවා මෙවැනි යුගයක් මිට පෙර තිබුනේ නැහැ“යැයි ඔහු පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අනේ ඔබතුමා මොකුත් දන්නෙ නැහැනේ (නි)
කතරගම අලියා අරන් ගියාට කතරගම දෙයියන්ට තරහ ගිහින් වගෙයි (නි)
කළකම් පළදෙන කාලයේ පිනක් දහමක් කරගන්න මැතිතුමෝ (නි)
ඒ පැත්තෙ බහුතර අයම තමයි වසර ගාණක් ආණ්ඩු කරලා හොරකම නිතිගත කරගෙන හිටියේ. විශේෂයෙන්ම මහා ලොකු නිලධාරින් කියන අය. මේ අයගේ දූෂණ සෙවිය යුතුයි. (නි)
අනේ අපි නොදාන්නවායැ ඔබතුමා ඔය පුටුවේ ඉන්න කාලේ කරපු හරිය. ලැජ්ජා නැතුව දොඩවන හැටි දැක්කම අප්‍රසන්නයි අපිට නම්. මම ඉස්සර නම් ඔබතුමාට බොහොම ගරු කළා. දැන්නම් එහෙම නැහැ (නි)
කාටද එතකොට දැන් මුල මතක නැත්තෙ? (නි)
අනේ අනේ මෙහෙමත් කතා . මුල මතක නැහැ . දැන් බුදු වෙන්ඩ හදනවා (අ)
වැරදි දේ කවුරු කළත් වැරදියි. අනිත් එක අනේ අපි දන්නේ නැහැනේ ඉස්සර කරපු විදිය. ඔබතුමාට ගොඩක් අපි ගරු කරනවා. අනේ පින්සිද්ධ වෙයි පැත්තකට වෙලා ඉන්නකෝ (නි)
ඔබතුමාට නම් කොහොමත් නීතිය වැදගත් නැහැනේ. මිනිස්සු මන්දබුද්ධිකයෝ කියලා හිතාගෙනද මන්දා මෙහෙම කතා කියන්නේ. (නි)
මොනවද මෙතුමා මේ කරන වැඩ වල තේරුම? (නි)
ඔබතුමාට පින් සිද්ධවෙන්න රට කොටින්ගෙන් බේරාගත්ත. පාරේ බැහැලා යන්න තිබුණ බය නැති කළා. එ්ත් දැන් ඒ බේරාගත් රට නැතිකරමින් සිටිනවා. ඕවා පළදෙනවා. කතරගම දෙවියෝ ඔය වගේ අයට නිසි දඬුවම් දෙයි (නි)
ඔබතුමාට ජය වේවා! රටට ජය වේවා! (නි)
අද සංහිඳියාව කියලා කියන්නේ මොනවාටද කියලා තේරුම්ගන්න බැහැ
පව්! හොඳටම හිත රිදිලා වගෙයි. අපි දැක්කා පහුගිය දවස් වල ඔය බෞද්ධයෝ හැසිරුණු විදිහ. (නි)
මහජනයා ඔබව ප්‍රතික්ෂේප කළා. ඒ ඔබගේ කාලය අවසන්වීමටත් පෙරම නේද? (නි)
කැලේ ඉන්න අලි ටික ආරක්ෂා කරගැනීමට වර්තමාන පියවර වැරදියි කියා කෙනෙකු කියන්නේ නම් එය තමන්ගේ ඡන්ද මල්ල වෙනුවෙනි. ආගමික කටයුත්තක් සඳහා වුවද එය ජාවාරමක් වන්නේ නම් කැලේ අලි ආරක්ෂා වෙන්නේ කෙසේද? (නි)
කමෝන් මහින්ද මහත්තයෝ! මට හිතාගන්න බැහැ ඔබද මමද මේ දැන් නින්දෙන් ඇහැරිලා කතා කරන්නේ කියලා. කමක් නැහැ ඔහොම යමු. (නි)
පන්සල අැතුළෙදිවත් දේශපාලනය කතා නොකරම ඉන්න බැරිද? (නි)
දැන් මැරිලා ඉදිලා වගෙයිනේ සමහරුන්ගේ කතාව (නි)
මිනිසුන්ටත් සත්තු වගේ සැළකූ කාලයක, සත්තු තියාගන්න මොකටද ලයිසන් (නි)
හැමතැනම බල අරගලය...... නැත රටට හිතසුව... (නි)
ඔන්න කිව්වා ආයෙත් කතාවක්. මිනිසුන්ට මිත්‍යාව පුරුදු කළේ ඔබතුමාලා. අහිංසක අලි පළි. වෙන්දේසි වන පවුලේ ඉඩම් වල මුදලින් පින්නවල අලි අනාථාගාරය දියුණු කරන්නකෝ. (නි)
තවමත් මෙතුමා අලියා ගැන ලොකු විශ්වාසයක් තියාගෙන ඉන්නවා වගෙයි. කලකට පෙර දෙ-අත් සවිමත් කරගන්න අලියාගේ පිහිට ලබාගත්තා. ඔහොම තමයි කවුරුත් කලින් කල, වරින් වර වෙනස් වෙනවා. (නි)
චිරන් ජයතු අපේ ජනාධිපතිතුමාට. (අ)
"සචිත්‍ර" පන්සලේ අලි අරන් යනකොට පන්සලේදි නැතිව කොහෙ කතා කරන්නද? (ර)
ඔබතුමාගේ කතාව හරි. මම දැක්කා පින්නවල අලින්ට සලකන්නේ කොහොමද කියලා. (හේ)
"කළ කළ දේ පළ පළ දේ“ කියලා ඒ කාලේ චිත්‍රපටියක් තිබුනා. (නි)
අනේ ඔව් ඔව්. මෙහෙම පාලනයක් කවදාවත් තිබිල නැහැ. අපිට අතීතය මතක නැහැ (නි)
මෙතුමාට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ කතාකරන්න මේවා ගැන (නි)
අලින්ට ඉන්න තැන්වල ඉන්න දෙන්නෙ නැතුව මොනවා කරනවද මන්දා. මට නම් අලියෙක් නිකන් දුන්නත් එපා. මේවා පව් වැඩ. විපාක පසුපස එනවා (නි)
දේව උදහස! (නි)