කතරගම නගරයේ අනවසර ඉදිකිරීම් යැයි සැලකෙන කඩ 200ක් පමණ නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉවත් කිරීමට යාමේදී කඩ හිමියන් සමග උණුසුම් වාතාවරණයක් ඇති විය.
කතරගම නගරයේ වසර 20ට වැඩි කාලයක් මෙම වෙළඳුන් තම ජීවිකාව පවත්වාගෙන යන අතර මොවුනට සුදුසු ස්ථාන ලබා නොදීම නිසා මේ ආකාරයට කතරගම නගරයේ කඩ සාදාගත් බවත් වෙළෙන්දෝ පවසති.
තම කඩ වෙනුවෙන් ප්‍රාදේශිය සභාවට වසරක් පාසා කුලී ගෙවන බවද ඔවුහු කියති. ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ඔවුනට සාධාරණයක් ඉටුකර දෙන ලෙසයි.
මෙම ස්ථානයට පැමිණි කතරගම කිරි වෙහෙර විහාරාධිපති කොබවක ධම්මින්ධ හිමියන් නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සමග සාකච්ඡා කර ගැටළුව විසඳීමට දින දෙකක කාලයක් ලබාගන්නා තෙක් ඉවත් කිරීම් නවත්වන ලෙස ඉල්ලා සිටීම නිසා මෙම තත්ත්වය සමනය විය.
කතරගම පොලිස් ස්ථානාධිපති උපාලි කාරියවසම් මහතා ද පැමිණ මෙම ආරවුල විසඳීමට උදව් විය.
2025 දෙසැම්බර් මස 18
561
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1079
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතරගම අනවසර කඩ කැඩීම දෙදිනකට නවතියි
අමාන් Wednesday, 06 January 2016 10:49 AM
අපේ රටේ කොයි දේද පිළිවෙලට සිද්ධ උනේ !!!! උඩු දුවපු පිළිකාවක් වගේ දැන් ක්‍රමානුකුලව දෙයක් කරන එක ලේසි නැහැ. (කෞ)
ඇසළ Wednesday, 06 January 2016 01:06 PM
ආප්ප 40 ට කරවල කැල්ලකුත් එක්ක බත් එක 250 ට විකුණපු කට්ටිය තමයි මේ. (බ)
ප්‍රියංග Wednesday, 06 January 2016 10:15 AM
ඕනම රටක රටේ සුන්දරත්වයට හානියක් වන විට එම ස්ථාන රටේ සුන්දරකම රකින පරිදි කළ යුතුයි (ම)